Husma - හුස්ම

විඩාව නිවන, ජීවය පුබුදුවන, හැඟීම් අවදි කරන යථාර්ථවාදී දැක්මෙහි ”සුසුම” ඔබ ජීවත් කරවයි. විවිධ ධාරාවන් ඔස්සේ විවිධ පැතිකඩයන් නියෝජනය කරමින් ජීවිතයේ ලැබූ අත්දැකීම්ද ආදරණීය ලෙස මුසුකරගනිමින් ජීවිතය රැගත් ”හුස්ම” ඔබගේ හදවතේ සියුම් තැන් ස්පර්ශ කරයි.

”හුස්ම” යනු, හුදෙක් සංගීත වැඩසටහනක් නොවේ. එය ජීවත් වීමට, ආදරය කිරීමට, කඳුළු අතරින් සිනාසීමට, අභියෝගවලින් පලා නොයා මුහුණ දීමට මෙන්ම ආදරණීය මිණිසුන්ගේ උඩු සිත්, යටි සිත් පීරා සොයා යන සොඳුරු ගමනේ අත්දැකීම් බෙදා හදා ගන්නට සන්ධිස්ථානයක් වූ අපූරු මෙන්ම කදිම තෝතැන්නකි.