Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

තමන් කළ පින් අනුන්ට අනුමෝදන් කර පින් රැස් කරගන්නේ කොහොමද_Ven. Koralayagama Saranatissa Thero

Автор: Darmaya dakimu ධර්මය දකිමු

Загружено: 2022-07-09

Просмотров: 2321

Описание:

ප්‍රාප්ති දානය හෙවත් පින් දීම.

share

තමා විසින් කළ පින අනුන්ට අනුමෝදන් කරවීම හෙවත් අයිති කිරීම ප්‍රාප්තිදාන නම් වේ. ආහාර පාන වස්ත්‍රාදිය දීම පිනක් වන්නාක් මෙන් ම තමා කළ පින අනුන්ට දීම ද පිනකි. පින වනාහි අන්‍ය වස්තුවක් මෙන් අතින් අතට දිය හැකි දෙයක් නොවේ. එය දිය යුත්තේ තමාගේ පින අනුමෝදන් වන්නට ය, පිළිගන්නටය යි වචනයෙන් කීමෙනි. තමා විසින් කළ පිනක් එක් සත්ත්වයකුට දෙන කල්හි මාගේ පින අසවල් නම ඇත්තා අනුමෝදන් වේවා කියා හෝ මාගේ පින අසවලාට හිමිවේවා අයිති වේවා කියා හෝ ඇසෙන සේ කිව යුතු ය. සත්ත්ව සමූහයකට පින් දෙන කල්හි මාගේ නෑයෝ මේ පින අනුමෝදන් වෙත්වා: ලබත්වා යනාදීන් පින් දෙන සත්ත්ව සමූහයේ නම කියා පින් දීම කළයුතු ය. එක් පහනකින් තවත් කොතෙක් පහන් දල්වා ගත්තේ ද එහි ගින්නට එයින් මඳ හානියකුදු නොවන්නාක් මෙන් කොතෙක් දෙනාට පින් දුන ද කොතෙක් වාර ගණනක් පින් දුන ද කළ තැනැත්තාගේ පිනට එයින් හානියක් නොවේ.
⬇️⬇️⬇️⬇️
දෙවියන්ට පින් දීම
share
දෙවියෝ ද යම් යම් ආකාරවලින් නොයෙක් විට මිනිසුන්ට උපකාර කරන සත්ත්ව කොට්ඨාසයෙකි. කෙළෙහි ගුණ සැලකීම් වශයෙන් ඔවුනට කළ හැකි සංග්‍ර‍හයක් කිරීම මිනිසුන්ගේ යුතු කමෙකි. දෙවියන්ට සංග්‍ර‍හයක් වශයෙන් මිනිසුන්ට කළ හැකි දෙය නම් තමන් කරන පින් ඔවුනට ද අනුමෝදන් කරවීමය. පින් අනුමෝදන් කරවන මිනිසුන්ට විශේෂයේ දෙවියෝ අනුකම්පා කරති. දේවතානුකම්පාව ලැබීම මනුෂ්‍යයාගේ යහපතට දියුණුවට බලවත් හේතුවකි. දේවතානුකම්පාව ලැබීම පිණිස ද කෙළෙහි ගුණ සැලකීම් වශයෙන් ද පින් කළ සෑම අවස්ථාවක දී ම දෙවියන්ට ද පින් අනුමෝදන් කරවිය යුතු ය.

තමන් වළඳා ඉතිරි වූ බත මසුන්ට දී ගංගා දේවතාවාට පින් දුන් බෝසතාණන් වහන්සේට පින් දීම ගැන සතුටු වූ ගංගා දේවතාවා විසින් බෝසතාණන් වහන්සේගේ ගඟේ වැටුණු මුදල් පොට්ටනිය නැවත ලබා දීමෙන් උපකාර කළ බව මච්චුද්දාන ජාතකයේ දක්වා තිබේ. විස්තර ජාතක පොතෙන් බලනු.
⬇️⬇️⬇️⬇️
සකල සත්ත්වයන්ට පින් දීම

පිනක් කළ කල්හි මිය ගිය නෑයන්ට හා දෙවියන්ට පමණක් නොව සකල සත්ත්වයන්ට ම ඒ පින අනුමෝදන් කරවිය යුතු ය. එසේ කිරීමේ දී යමෙක් යමෙක් අනුමෝදන් වූවාහු නම් ඔවුනට පින් ලැබේ. අනුමෝදන් වීම හෝ නො වීම අන්‍යයන් අයත් දෙයකි. පින්දීම පින් කළ තැනැත්තාට අයත් කාර්‍ය්‍යයෙකි. දෙන පින අන්‍යයන් අනුමෝදන් වෙතත් නො වෙතත් පින් දෙන තැනැත්තාට එයින් පින් දීමෙන් ලැබෙන කුශලය ලැබේ.
⬇️⬇️⬇️⬇️⬇️
පින් දෙන ආකාරය

නෑයන්ට :

ඉදං වො ඤාතීනං හොතු

සුඛිතා හොන්තු ඤාතයො

දෙවියන්ට :

එත්තාවතා ච අම්හෙහි - සම්භතං පුඤ්ඤ සම්පදං

සබ්බේ දෙවානුමෝදන්තු - සබ්බ සම්පත්ති සිද්ධියා

සියලු සතුන්ට :

එත්තාවතා ච අම්හෙහි - සම්භතං පුඤ්ඤ සම්පදං

සබ්බේ සත්තා අනුමෝදන්තු - සබ්බ සම්පත්ති සිද්ධියා

සිංහලයෙන් කියතොත් මෙසේ කියනු.

මා විසින් (දන් දීමෙන්) අත්පත් කර ගන්නා ලද කුශලය අපගේ කාලක්‍රියා කළ ඥාතීහු අනුමෝදන් වෙත්වා, කාලක්‍රියා කළ ඥාතීන්ට මේ පින අයිති වේවා, මේ පින අනුමෝදන් වීමෙන් ඥාතීහු සුවපත් වෙත්වා.

මා විසින් (දන් දීමෙන්) අත්පත් කර ගන්නා ලද කුශලය ලෝක ශාසනාරක්ෂක දෙවියෝ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී අප ඇතුළු ලෝකයා මනා කොට ආරක්ෂා කෙරෙත්වා.

ලෝකයෙහි වෙසෙන සැප ඇති නැති සකල සත්ත්වයෝ අපගේ මේ පින අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් සැපතට පැමිණෙත්වා.
උපුටා ගැනීම https://pitaka.lk/books/bauddhayage-a...

කෝරලයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන සම්පූර්ණ ධර්ම දේශනයකිිින් උපුටා ගත් මෙම ධර්ම දේශනාව උතුම් ධර්ම දානයක්ම වේවා.
ධර්ම ශ්‍රවණයෙන් රැස් කළා වු පුණ්‍යානුධර්මයන් පිංවත් කල්‍යාණ මිත්‍ර දේශකයන් වහන්සේටත්,
විකාශන දායකත්වය ලබා දුන් පිංවත් පිරිසටත් , ලෝක වාසි සියළුම පිංවත් පිරිසටත් අනුමෝදන් වෙත්වා.
.
**** හැම දන් පරදවා ජය ගන්නේ ධර්ම දානය යි.... හැම රස පරදා ජය ගන්නේ දහම් රසය යි*********
........උතුම් වූ ධර්ම දාන දායකත්වය ලබා ගැනීම සඳහා.

තමන් කළ පින් අනුන්ට අනුමෝදන් කර පින් රැස් කරගන්නේ කොහොමද_Ven. Koralayagama Saranatissa Thero

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

රටේ ව්‍යසනයට සල්ලි එවන්න එපැයි කියන සමන්ත බඩ්ඩ උඹ  ජාති ද්‍රෝහියෙක්  හරිනම් උඹ ඇ# දෙකෙන් එල්ලන්න ඕනා

රටේ ව්‍යසනයට සල්ලි එවන්න එපැයි කියන සමන්ත බඩ්ඩ උඹ ජාති ද්‍රෝහියෙක් හරිනම් උඹ ඇ# දෙකෙන් එල්ලන්න ඕනා

දැවැන්ත යානා දෙකක් එක්ක ඇමරිකානු හමුදාවත් සහයට එයි | අම්මෝ... ඒක නම් වෙනම එකක්

දැවැන්ත යානා දෙකක් එක්ක ඇමරිකානු හමුදාවත් සහයට එයි | අම්මෝ... ඒක නම් වෙනම එකක්

සබ්බ ලොකේ අනභිරත සඤ්ඤාව | Ven. Mapegamuwe Deepananda Thero

සබ්බ ලොකේ අනභිරත සඤ්ඤාව | Ven. Mapegamuwe Deepananda Thero

මේ අකුසල් ඔබව අල්පායුෂට පත්ර කර නිරයගාමීව උපද්දවයි ‍🙏✨Ven.Koralayagama Saranatissa Thero #bana #2025

මේ අකුසල් ඔබව අල්පායුෂට පත්ර කර නිරයගාමීව උපද්දවයි ‍🙏✨Ven.Koralayagama Saranatissa Thero #bana #2025

අනුරට එරෙහිව නඩු දාන වැඩේ සීරියස් | ලෝයර්ලා සෙට් එකක් රැස්වෙයි | Political Gossip ‍| Nayana Tharanga

අනුරට එරෙහිව නඩු දාන වැඩේ සීරියස් | ලෝයර්ලා සෙට් එකක් රැස්වෙයි | Political Gossip ‍| Nayana Tharanga

බුද්ධ භාෂිතය මුළුමනින්ම විකෘති කළ

බුද්ධ භාෂිතය මුළුමනින්ම විකෘති කළ " අචින්ති තම්පි භවති ...."

මේ ලෝකෙට පින්කරගෙන යන්න ආපු අය කරන පින්කම් | Ven Welimada Saddaseela Thero

මේ ලෝකෙට පින්කරගෙන යන්න ආපු අය කරන පින්කම් | Ven Welimada Saddaseela Thero

පින්කම් කරලා  මේ විදියට දෙවියන්ට පින් දෙන්න| Ven. Koralayagama Saranathissa Thero|

පින්කම් කරලා මේ විදියට දෙවියන්ට පින් දෙන්න| Ven. Koralayagama Saranathissa Thero|

Siyalu Deviyanta Pindima ha Pin Anumodan Kirima | සියලු දෙවියන්ට පින්දිම හා පින් අනුමෝදන් කිරිම

Siyalu Deviyanta Pindima ha Pin Anumodan Kirima | සියලු දෙවියන්ට පින්දිම හා පින් අනුමෝදන් කිරිම

මහානිසංස  ලැබෙන පින් ගෙදර ඉදන් කරන හැටි  | Dharma Deshana | Welimada Saddhaseela Himi

මහානිසංස ලැබෙන පින් ගෙදර ඉදන් කරන හැටි | Dharma Deshana | Welimada Saddhaseela Himi

පින්කමක් කරලා නිවැරදිව දෙවියන්ට පින් අනුමෝදන් කරන හැටි || @maharahathunwadimagaosse5711

පින්කමක් කරලා නිවැරදිව දෙවියන්ට පින් අනුමෝදන් කරන හැටි || @maharahathunwadimagaosse5711

මොකද්ද වෙන්න ඕනේ.. කෙලින් කියන්නකෝ..

මොකද්ද වෙන්න ඕනේ.. කෙලින් කියන්නකෝ..

නිමොක්ඛ සූත්‍රය.| Ven.U Dhammjiwa Maha Thero.

නිමොක්ඛ සූත්‍රය.| Ven.U Dhammjiwa Maha Thero.

ඔබේ මියගිය ඥාතියා පින් ගන්නේ මෙහෙමයි  - SAMMA TV  - #32

ඔබේ මියගිය ඥාතියා පින් ගන්නේ මෙහෙමයි - SAMMA TV - #32

හානි වෙච්ච කට්ටියට විතරයි දීමනා දෙන්නේ නැත්තම් වැඩේ කචල් වෙනවා හරිද? අනුරාධපුරේට ආපු ජනපති කියපු කතා

හානි වෙච්ච කට්ටියට විතරයි දීමනා දෙන්නේ නැත්තම් වැඩේ කචල් වෙනවා හරිද? අනුරාධපුරේට ආපු ජනපති කියපු කතා

සමන්තභද්‍රට වැඩ වරදී? කළ දේශද්‍රෝහී ප්‍රකාශයට දැඩි දඬුවම්?

සමන්තභද්‍රට වැඩ වරදී? කළ දේශද්‍රෝහී ප්‍රකාශයට දැඩි දඬුවම්?

මිය ගිය ඥාතීන්ට නිවැරදිව පින් අනුමෝදන් කරන ආකාරය  | most ven na uyane ariyadhamma thero

මිය ගිය ඥාතීන්ට නිවැරදිව පින් අනුමෝදන් කරන ආකාරය | most ven na uyane ariyadhamma thero

මිනිස්සු ඉද්දීම ගම් පිටින් නාය ගිය ගම්පොල පා‍රේ පොලොව යටින් මතු වුණු දේවල් සංවේදී දර්ශන සහිතයි

මිනිස්සු ඉද්දීම ගම් පිටින් නාය ගිය ගම්පොල පා‍රේ පොලොව යටින් මතු වුණු දේවල් සංවේදී දර්ශන සහිතයි

‍මේ ව්‍යසන වලට හේතුව දෙවියො කෝප වීම ද | Ven. Koralayagama Saranatissa Thero  #bana

‍මේ ව්‍යසන වලට හේතුව දෙවියො කෝප වීම ද | Ven. Koralayagama Saranatissa Thero #bana

මියගිය ඥාතීන්ට නිවසේ පින් දීම සුදුසුද? | By Thapowanaye Rathana Thero | Live Dhamma Discussion

මියගිය ඥාතීන්ට නිවසේ පින් දීම සුදුසුද? | By Thapowanaye Rathana Thero | Live Dhamma Discussion

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]