Election eServices භාවිතය සදහා Online ගිණුම සකස්කරමු | Sign Up | How to Create an account | Part-02
Автор: Studio 10 Fingers
Загружено: 2025-02-22
Просмотров: 11049
Election eServices භාවිතය සඳහා Online ගිණුමක් සකස් කර ගනිමු | Sign Up | How to Create an Account | Part-02
Election eServices.
මෙම වීඩියෝ එක මගින් මැතිවරණ කොමිෂන් සභාවේ නව ඉ-සේවා වෙබ් අඩවිය මගින් සේවා ලබා ගැනීම සඳහා ගිණුමක් සකස් කර ගන්නා ආකාරය පැහැදිලි කර දී ඇත.
නිලධාරින්ට පහසුවක් පිණිස සහ මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා මෙම වීඩියෝ මාලාව සකස්කර ඇත.
මෙහි සියළුම ගෞරවයන් මැතිවරණ කොමිෂන් සභාව වෙත සහ එහි IT Unit එක වෙත හිමි විය යුතු වේ.
මෙම ගිණුම සකස් කිරිමට පෙර පහත සඳහන් කාරණා කෙරෙහි නිලධාරින්ගේ විශේෂ අවධානය යොමු විය යුතු වන අතර විඩීයෝ එකෙහි මෙම කරැණු පැහැදිලි කර ඇත.
භාවිතය සඳහා උපදෙස් - පරිශීලක ගිණුමක් සැකසීම.
01) මැතිවරණ කොමිෂන් සභාව හා මාර්ගගතව කටයුතු කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන් සහ ආයතනයන්හි නිලධාරීන් / සේවකයන් ඒ සඳහා භාවිතා කිරීමට රහස්‍ය ගිණුමක් තමා විසින්ම සකසා ගත යුතුය.
02) ගිණුම සකසා ගැනීම සඳහා වන තිරයට පැමිණි පසු ඇතුලත් කරන තොරතුරු සියල්ල උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත ඇතුළු නිල ලේඛන හා සමපාත වන බවත් ඒවා සත්‍ය හා නිවැරදි බවටත් පුද්ගලිකව ඔබ විසින්ම සහතික විය යුතුය.
03) ගිණුම සකස් කර ගැනීම සඳහා ඉල්ලා ඇති සියළු තොරතුරු ඉංග්‍රීසි භාෂාවෙන් සම්පූර්ණ කල යුතුය.
04) ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය නිවැරදිව ඇතුලත් කරන්න. එය යළි කිහිප වාරයක් නිවැරදිම දැයි පරීක්ෂා කර බලන්න. එම හැඳුනුම්පත් අංකය අනුසාරයෙන් ඔබට අදාල පරිශීලක ගිණුම් නාමය ස්වයංක්‍රීවය සැකසෙන අතර එය අදාල ස්ථානයේ දිස්වේ. මෙම පරිශීලක නාමය ඔබගේ හැඳුනුම් පත් අංකයට සමාන අංක 12 කින් යුක්ත වූවකි.
05) ජංගම දුරකතන අංකය ලබා දීමේදී නිතර වෙනස් නොවන, සාමාන්‍ය භාවිතයේ පවතින, සහතික කල ජංගම දුරකතන අංකයක් ලබා දිය යුතුය. ඔබගේ ගිණුමේ ඉදිරි කටයුතු මෙම ජංගම දුරකතන අංකය වෙත දැනුම් දෙනු ලැබේ.
06) ජංගම දුරකතන අංකය ලබා දී ගිණුම සාදාගත් පසු යලි එය වෙනස් කිරීමට අවශ්‍ය නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිඛිතව දැනුම් දී එය සිදුකර ගැනීමට සිදුවේ. ගිණුම් නාමය හා ජංගම දුරකතන අංකය හැර අනෙක් තොරතුරු පසුව අවශ්‍ය විටකදී ඔබවටම යාවත්කාලීන කරගත හැකිය.
07) මුර පදය ඔබ විසින්ම සකසා ගත යුතු අතර එය කිසිවකුට අනුමාන කල නොහැකි, ශබ්දකෝශ වචන නොවන, ඔබට පහසුවෙන් මතක තබා ගත හැකි එකක් විය යුතුය. මුර පදය සකසා ගැනීමට කේත ඇතුලත් කිරීමේදී ඉංග්‍රීසි අකුරින් එය ඇතුලත් කල යුතු අතර අවම වශයෙන් එක් කැපිටල් අකුරක්, සිම්පල් අකුරක්, ඉලක්කමක් සහ @,#,&,!,~ වැනි විශේෂ සලකුණක් අඩංගු විය යුතුය. (සෑම වර්ගයකින්ම එකක් හෝ තිබිය යුතුය) එමෙන්ම සමස්තය 8 කට වැඩි විය යුතු අතර 20 කට අඩුවිය යුතුය.
08) විද්‍යුත් තැපැල් ලිපිනය ලෙස ඔබගේ පුද්ගලික විද්‍යුත් තැපැල් ලිපිනය ( ඊතැපැල් ලිපිනය) ඇතුලත් කරන්න. රාජකාරී විද්‍යුත් තැපැල් ලිපින, තාවකාලික විද්‍යුත් තැපැල් ලිපින ඇතුලත් කිරීමෙන් වලකින්න. ගිණුමේ යම් දෝෂයක් ඇතිවුවහොත් එය නිවැරදි කිරීමේ තොරතුරු මෙයට එවනු ලැබේ.
09) “ Im Not A Robot” ඉදිරියේ ඇති කොටු සලකුන මත ඔබා එය සත්‍යාපනය කරන්න.ඉන්පසු “පිවිසෙන්න ” යන බොත්තම ඔබා ඔබගේ ගිණුම සකස් කරගන්න.
10) ගිණුම සාර්ථකව සැකසුනු පසු ගිණුම් තොරතුරු ඔබගේ ජංගම දුරකතන අංකය වෙත ලැබේ. ජංගම දුරකතනයට ලැබෙන කේතය ඇතුලත් කර ගිණුම සත්‍යාපනය කරගන්න.
11) ඉන්පසු ඔබගේ පරිශීලක නාමය හා මුර පදය භාවිතා කර ගිණුමට පිවිස භාවිතා කල හැකිය.
▬▬▬▬▬▬▬▬▬ Playlist ▬▬▬▬▬▬▬▬
• Election eServices (Studio 10 Fingers)
▬▬▬▬▬▬▬ Related Videos ▬▬▬▬▬▬▬
මැතිවරණ කොමිෂන් සභාවේ නව ඉ-සේවා වෙබ් අඩවිය හැදින්වීම | Election eServices Website | Part-01
• මැතිවරණ කොමිෂන් සභාවේ නව ඉ-සේවා වෙබ් අඩවිය...
Election eServices භාවිතය සදහා Online ගිණුම සකස්කරමු | Sign Up | How to Create an account | Part-02
• Election eServices භාවිතය සදහා Online ගිණු...
ඊ-දත්ත පත්‍රිකාව පිරවීම හා රජයේ නිලධාරින් ලියාපදිංචිය | Election eService | Registration | Part-03
• ඊ-දත්ත පත්‍රිකාව පිරවීම හා රජයේ නිලධාරින් ...
තැපැල් ඡන්ද සඳහා ලියාපදිංචිය සිදුකරන ආකාරය සරලව | Postal Vote Registration | Part-04
• තැපැල් ඡන්ද සඳහා ලියාපදිංචිය සිදුකරන ආකාරය...
▬▬▬▬▬▬▬▬▬▬ Link ▬▬▬▬▬▬▬▬▬
URL :-
Election Commission Website :-
https://elections.gov.lk/
Election eServices Website :-
https://eservices.elections.gov.lk/
▬▬▬▬▬▬▬▬▬ Follow ▬▬▬▬▬▬▬▬
Follow & Join Studio 10 Fingers
On Facebook - / studiotenfingers
On Instagram - / studiotenfingers
On Twitter - / studiotenfingers
▬▬▬▬▬▬▬▬▬ Contact ▬▬▬▬▬▬▬▬
For Contact - Studio 10 Fingers
Mobile -
Email - [email protected]
▬▬▬▬▬▬▬▬▬ Credit ▬▬▬▬▬▬▬▬
Election Commission of Sri Lanka
Election eServices Development Team
Election Commission IT Unit
All these Pictures are used for Educational Purpose only.
Some music clip by - YouTube No Copyright music at YouTube audio library.
Lazy Walk - Cheel
Make You Move - Ofshane
Violet Vape - Cheel
Outlaw's Farewell (part I) - Reed Mathis
▼▼▼▼▼▼▼▼▼ Tag ▼▼▼▼▼▼▼▼▼▼▼
#election #eservices #electionservice #signup #creatanaccount #login #governmentofficers #signin
#studio10fingers #technology #education #ict #government #education
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: