Kokilayange (කෝකිලයන්ගේ) | Sunil Santha | Official Lyrics Video
Автор: Sunil Santha Samajaya
Загружено: 2024-10-11
Просмотров: 17348
Kokilayange (කෝකිලයන්ගේ) | Sunil Santha | Official Lyrics Video
#sunilsanthasamajaya
ගායනය : ගුරුදෙවි සුනිල් සාන්ත
ගී පද : හියුබත් දිසානායක
සංගීතය : ගුරුදෙවි සුනිල් සාන්ත
Lyrics
කෝකිලයන්ගේ කෝකිල නාදේ
කෝකිලයන්ගේ කෝකිල නාදේ
හීන හඬින් හීන වගේ එයි නැගී
ජාති ජාති මලින් සුවඳ උරා බී වටින් පිටින් සිසිල් සුළං හමන්නේ
සාමදාන සැඳෑ සොබා ඇදෙන්නේ අන්න අන්න ඉරත් මූදෙ ගිලෙන්නේ
මගේ කුමාරී ආල තොටිල්ලේ පැදෙමු නිදැල්ලේ
කෝකිලයන්ගේ කෝකිල නාදේ
සුදෝ සුදෝ අන්න සඳත් එබෙන්නේ සාදු සාදු ඔබේ දෙසයි බලන්නේ
එපා එපා සඳේ නිකං තැවෙන්නේ ඇයිද මගේ සුදා මටයි ආදරේ
අන්න දෙව්ලියෝ අපේ පෙම් බලා ගීත ගයන්නෝ
කෝකිලයන්ගේ කෝකිල නාදේ
සමන් මලක් නෙලා මගේ බිසෝගේ ඉසේ ගසම් අන්න මගේ විනෝදේ
එන්න අනේ එන්න මගේ කුමාරී සාදු කියා හාදු දෙකක් දෙන් සිරී
මගේ කිරිල්ලී හඬින් සුමීරී ගයන් අමා ගී
කෝකිලයන්ගේ කෝකිල නාදේ
බෝම ඇතත් සුදෝ මැණික් සාගරේ ඔබයි මගේ මැණික මගෙ ආදරේ
ඉතින් එපා සැකක් මගේ සුන්දරී මෙලෝ එලෝ ඔබයි මගේ පෙම්බරී
මගේ අසෝකා මගේ විසාකා මගේ මල්ලිකා
කෝකිලයන්ගේ කෝකිල නාදේ
Like on Facebook - https://shorturl.at/fO4Vw
Follow on Instagram - https://shorturl.at/Vz7cx
Follow on TikTok - https://shorturl.at/8nQx8
#Olupipila #sunilsantha #Gurudevi #sinhalasongs #musichits
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: