Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

රාවණ රජුගේ කරත්ත පාර සොයා.. | Chariot Path | Sakya Thilakarathne

Автор: Travel Saki

Загружено: 2023-01-11

Просмотров: 9039

Описание:

Travel more...

🎥Equipment :

GoPro Hero 9

❤️Don't forget to Subscribe my channel..

Like my Facebook page :   / travelsaki20  

----------------------------------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාවේම අධිකම ශීත කාලගුණය සහිත ප්‍රදේශය හිම වැටෙන තරමට සීතල "චැරියට් පාත්" ⛰🌞🌈🌼🌸💫🌲❤️
රාවණා රජුගේ කරත්ත පාර හෙවත් චැරියට් පාත් ප්‍රදේශයයි. එහි කාලගුණය නුවරඑළිය ප්‍රදේශයේ කාලගුණයටත් වඩා ශිත භාවයෙන් යුක්ත වේ. එම අධික ශිත කාලගුණය හේතුවෙන් සෑම දිනකම උදෑසන "මල් තුහින" දැකීමට චැරියට් පාත් ප්‍රදේශයට යන අයෙකුට අවස්ථාව ලැබේ.
චැරියට් පාත් වෙත ළඟා වීමට නම් මහනුවර නුවරඑලිය මාර්ගයේ පුස්සැල්ලාව නගරයට පැමිණිය යුතු වනවා. ඉන් අනතුරුව පුස්සැල්ලාව නගරයෙන් පෙරෙට්ටාසි ( Frotoft ) බස් රථයේ ගමන් කිරීමෙන් එම සුන්දර ස්ථානයට ලගා විය හැකිය.
එම බස් රථයේ කිලෝ මීටර් 12 ක් පමණ ගමන් කිරීමෙන් අනතුරුව පෙරෙට්ටාසි වතුයායේ කළමනාකරුගේ බංගලාව ⁣අසලට පැමිණිය හැකිය. එම ස්ථානයෙන් බැස එය ඉදිරියෙන් ඇති කොන්ක්‍රීට් පාරේ ගමන් කළ යුතු වනවා. එහි ටික දුරක් ගමන් කරන විට තේ වතු යායකට මාර්ගය පිවිසෙන අතර එහි කිලෝ මීටරයක් පමණ ගමන් කළ යුතු වනවා.
ටික දුරක් එනකොට පාර තුනට බෙදෙනවා. එතනින් මැද්දෙන් තියන පාරෙන් තමයි චැරියත් පාත් වලට යන්න ඕනේ.
ඒ පාරෙත් ටික දුරක් යනකොට දකුණු පැත්තට අඩි පාරක් හම්බවෙනවා. ඒ අඩිපාරෙන් තමයි අපේ ගමන යන්න තියෙන්නෙ.
එතන ඉඳනුත් ටික දුරක් යනකොට වම් පැත්තට වෙන්න ටිකක් ලොකු ගලක් හම්බවෙනවා. ඒ ගල පහු කරලා තව පොඩ්ඩක් යනකොට වම් පැත්තට තව අඩිපාරක් හම්බවෙනවා ඒ පාරෙන් තමයි යන්න ඕනේ. කෙලින් තියන අඩිපාර නෙමෙයි.
එතනින් පාර දිගේ සෑහෙන දුරක් යනකොට ආයෙත් වම් පැත්තට කන්ද උඩහට තියන අඩි පාරක් හම්බවෙනවා ඒ පාරෙන් තමයි ගමන යන්න ඕනේ. කෙලින් පාරෙ නෙමෙයි. ඒ පාරෙත් සෑහෙන දුරක් එනකොට ඔන්න රාවණාගෙ කරත්ත පාර එහෙම නැත්නම් චැරියත් පාත් හම්බවෙනවා.
හරිම ලස්සන මිටියාවතක් උස ගස් නැති පිට්ටනියක් වගේ භූමියක්. හෝටන් තැන්නට ගොඩක් සමානකම් දක්වන භූමියක් කිව්වොත් නිවැරදී.
රාවණාගේ කරත්ත පාර පිහිටලා තියන මෙම කඳු වැටිය පිහිටලා තියෙන්නෙ නුවරඑළිය දිස්ත්‍රික්කයේ. මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 2100 කට වඩා උසින්.
එක පැත්තකින් පිදුරුතලාගල රක්ෂිතය, තවත් පැත්තකින් කොත්මලේ ඔය, තවත් පැත්තකින් හේවාහැට හඟුරන්කෙත ප්‍රදේශය, ශ්‍රී පාදය, පිදුරුතලාගල, කිකිලියාමාන, සිංගල් ට්‍රී, පීකෝක් හීල්, කොත්මලේ, ග්‍රේට්වෙස්ටන්, රිකිල්ලගස්කඩ, කුකුළාගල රන්දෙණිගල ජලාශය, දොලොස්බාගේ කඳු සහ තවත් විශාල භූමි ප්‍රමාණයක් දැක බලා ගන්න පුලුවන්. ඒ තරම්ම පුළුල් දර්ශන තලයක් සහිත ස්ථානයක් තමයි චැරියත් පාත් කියන්නෙ.
තෙත් කලාපීය නිවර්තන වැසි වනාන්තර ඝනයට අයත්වන මෙම ප්‍රදේශය තුල ලංකාවේ වෙනත් කිසිම ප්‍රදේශයක දක්නට නොලැබෙන ශාක වර්ග කිහිපයක්ම දැක ගන්න පුලුවන්.
උසින් අඩු වෙච්ච ළඳු කැලෑ වලින් වට වෙලා මැද හිස් වෙලා තියන මෙම ප්‍රදේශය හරියට විශාල පාරක් වගේ. ඒ නිසා වෙන්න ඇති මෙතනට චැරියත් පාත් කියන්නෙ.
ජනප්‍රවාද වල සඳහන් වන ආකාරයට රාවණා රජතුමාගේ කරත්තය ගමන් කරපු පාර හැටියට මෙම ස්ථානය හඳුන්වනවා.
පාරක් වගේ දිගට එක කලාපයක විතරක් ගස් වැවෙන්නෙ නෑ. වටේට තියෙන්නෙත් කුඩා පඳුරු වගේ ගස් විතරයි.
රාවණා රජතුමාගේ දඬුමොණර යානය ගොඩ බස්සවපු ගුවන්තොටුපලක් කියලත් සමහර අය මෙම ස්ථානය සලකනවා.
ලංකාපුරයේ සුන්දරත්වය පෙන්නන්න රාවණා රජතුමා සීතාව රැගෙන ආව ස්ථානයක් කියලත් තවත් ජනප්‍රවාදයක සඳහන් වෙනවා.
මෙම තැනිතලාවේ එක කෙලවරක තියනවා. වතුර පිරුණු වලක්. මේකටත් ඉතිහාසය සම්බන්ධයි. මේකට කියන්නෙ සීතා පොකුණ කියලලු. සමහර අය විශ්වාස කරනවා මේක සීතාගෙ කඳුලු වලින් නිර්මාණය වුනා කියලා. ඒ වග්ම මේ පොකුණ ඕනෑම නියං කාලයක හිඳෙන්නේ නෑ කියලත් ගම්වාසින් කියනවා.
පහලින් පේන පුළුල් වූ සුන්දර දර්ශන තලයත්, ඈත ඉඳලා වේගයෙන් ඇදී ගෙන එන වලාකුලු එක පාරට ඇඟේ වදින කොට දැනෙන සිසිලසත්, වට පිටාවෙන්ම පේන නිල්ල පිරුණු මිටියාවතත්, නිල් පාටින් පිරුණු අහසත්, මවන්නෙ ඇස් ඉවතට ගන්න බැරි විදිහක සුන්දරත්වයක්. ටිකක් පහල ඉඳන් බලනකොට පේන්නෙ හරියට කොල පාට තණ පිට්ටනියයි නිල්පාට අහසයි එකට එකතු වුනා වගේ දර්ශනයක්, මේ හැමදෙයක්ම ඇස් දෙකට ගෙනත් දෙන්නෙ වචන වලින් කියලා නිම කරන්න බැරි තරමක සුන්දරත්වයක්.

උපුටා ගැනීම :- Chathura Karunarathna

#chariot #chariotpath #travelsaki #travelgirl #travelsrilanka #solotravelgirl

රාවණ රජුගේ කරත්ත පාර සොයා.. | Chariot Path | Sakya Thilakarathne

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අවාරේ සදගලතැන්න හරහා සිරිපා කරුණාව... | Aware Siripa | Adam's peak | Sakya Thilakarathne

අවාරේ සදගලතැන්න හරහා සිරිපා කරුණාව... | Aware Siripa | Adam's peak | Sakya Thilakarathne

Chariot path | චැරියට් පාත්  රාවණා  රජුගේ කරත්ත පාර | Camping Sri Lanka | vlog 4 |

Chariot path | චැරියට් පාත් රාවණා රජුගේ කරත්ත පාර | Camping Sri Lanka | vlog 4 |

⚡️ У Путина экстренно просят помощи || Сын Кадырова разбился в ДТП?

⚡️ У Путина экстренно просят помощи || Сын Кадырова разбился в ДТП?

"තොපි කනවා" | නවතම දේශනය 2026-01-17 | Kathnoruwe Siridhamma Himi | කත්නෝරුවේ සිරිදම්ම හිමි | Bana

ශ්‍රී ලංකාවේ පළවෙනි තේ වත්ත | 360° ක පාරාදීසයක් බඳු  සුන්දර කොණ්ඩගල #loolkandura#kondagala#fypシ゚

ශ්‍රී ලංකාවේ පළවෙනි තේ වත්ත | 360° ක පාරාදීසයක් බඳු සුන්දර කොණ්ඩගල #loolkandura#kondagala#fypシ゚

මීදුමෙන් වැසුණු මන්දාරම් නුවර සුන්දරත්වය සහ ගොවීන්ගේ කඳුළු කතාව | Life in Mandaram Nuwara

මීදුමෙන් වැසුණු මන්දාරම් නුවර සුන්දරත්වය සහ ගොවීන්ගේ කඳුළු කතාව | Life in Mandaram Nuwara

Chariot Path | රාවණා රජුගේ කරත්ත පාර සොයා මීදුම අතරින් සීතල කඳු මුදුනට | Ramboda  | VLOG 01

Chariot Path | රාවණා රජුගේ කරත්ත පාර සොයා මීදුම අතරින් සීතල කඳු මුදුනට | Ramboda | VLOG 01

Уйгурская кухня на рынке на границе между Китаем и Афганистаном/Казахстаном.

Уйгурская кухня на рынке на границе между Китаем и Афганистаном/Казахстаном.

Chariot path _ලංකාවේ සීතලම තැන රාවණා රජුගේ කරත්ත පාර | Rawana rajuge karaththa para _ 4k

Chariot path _ලංකාවේ සීතලම තැන රාවණා රජුගේ කරත්ත පාර | Rawana rajuge karaththa para _ 4k

යාපනේ බලන්න තියෙන තැන් ඔක්කොම..🔺 #travelsaki #jaffna #jaffnavlogs #traveljaffna #jaffnavloog2

යාපනේ බලන්න තියෙන තැන් ඔක්කොම..🔺 #travelsaki #jaffna #jaffnavlogs #traveljaffna #jaffnavloog2

වනචාරි ප්‍රකාශයට නියම කතාවක් ලාල්කාන්තගේ | kagama srirnanda himi | ධර්මාසනය | The Pulpit

වනචාරි ප්‍රකාශයට නියම කතාවක් ලාල්කාන්තගේ | kagama srirnanda himi | ධර්මාසනය | The Pulpit

වැවතැන්න වාහනවල උඩට ගිහින් camping කරන්න පුළුවන් Wewathenna Sri Lanka | Vlog 36

වැවතැන්න වාහනවල උඩට ගිහින් camping කරන්න පුළුවන් Wewathenna Sri Lanka | Vlog 36

Chariot Path From Hewaheta | හේවාහැට සිට...චැරියට් පාත් (රාවණාගේ කරත්ත පාර)

Chariot Path From Hewaheta | හේවාහැට සිට...චැරියට් පාත් (රාවණාගේ කරත්ත පාර)

අපි කාගෙන්වත් හිගාකන්නේ නෑ ජීවිතේට හිගා කාලා නෑ 🌾🥕🌱 | යලි නැගිටින මන්දාරම්නුවර💪 | mandaram nuwara 2

අපි කාගෙන්වත් හිගාකන්නේ නෑ ජීවිතේට හිගා කාලා නෑ 🌾🥕🌱 | යලි නැගිටින මන්දාරම්නුවර💪 | mandaram nuwara 2

නවසිලන්තයේ  අපේ පුංචි ගෙදර බලමු ද  🙊🙊🙊

නවසිලන්තයේ අපේ පුංචි ගෙදර බලමු ද 🙊🙊🙊

Unseen Beauty of Brandy Gala | A Must-Visit Hike in Matale! | TRIP PISSO

Unseen Beauty of Brandy Gala | A Must-Visit Hike in Matale! | TRIP PISSO

Chariot path | රාවනා රජුගේ කරත්ත පර 🌿යන්න කලින් අනිවරෙන්ම බලල යන්න| #manofthetravel | #Camping

Chariot path | රාවනා රජුගේ කරත්ත පර 🌿යන්න කලින් අනිවරෙන්ම බලල යන්න| #manofthetravel | #Camping

🌋කඩුගන්නාව ඉවරයි 🌋🚂බදුල්ල දුම්රිය අවුරුද්දකට නවතී🚂 අහසේ පාවෙන රේල් පාරවල්🚂 @TravelWithSampath4

🌋කඩුගන්නාව ඉවරයි 🌋🚂බදුල්ල දුම්රිය අවුරුද්දකට නවතී🚂 අහසේ පාවෙන රේල් පාරවල්🚂 @TravelWithSampath4

කල්පිටියේ පොඩි රවුමක් දාමුද? #kalpitiya #fort #travelsaki

කල්පිටියේ පොඩි රවුමක් දාමුද? #kalpitiya #fort #travelsaki

Chariot Path Camping | Sri Lanka | Cinematic Short Film

Chariot Path Camping | Sri Lanka | Cinematic Short Film

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com