Diviye Nalawili Thotilla - W D Amaradeva - දිවියේ නැළවිලි තොටිල්ල
Автор: W. D. Amaradeva Official
Загружено: 2020-11-15
Просмотров: 4513
Lyrics: Sunil Sarath Perera
Melody: W. D. Amaradeva
පද: සුනිල් සරත් පෙරේරා
තනුව: ඩබ්. ඩී. අමරදේව
දිවියේ නැළවිලි තොටිල්ල
කුසට අහර රස ඵලවැල
මහ පොළවට වැසි වරුසා
ගසෙනි සැදෙන්නේ
ගසක මහිම බල දිවි මඟ සෙවණැලි ලන්නේ
යොවුන් වියට නැවුම් සුවඳ
සුපිපි කුසුම් අග රඳවන
රමණී වන ගැබ අසිරිය
ගසෙනි සැදෙන්නේ
ගසක මහිම බල මිහිලොල් බමරු ඇදෙන්නේ
ඇදෙන සසල දල නල රැළ
අත පා මඳකට වලකන
සදාහරිත වන රේඛා දසත මවන්නේ
ගසක මහිම බල සිහිලස සුවය සදන්නේ
අබල දුබල මහලු වියට
සැරයටියෙන් දී වීරිය
ගස පමණයි දුක සැප දෙකටම ලං වන්නේ
අතු ඉති සිඳලන අයටද සෙවණ සදන්නේ
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: