ප්‍රදීපාගාරය I Episode 17 I කාර්ල් මාර්ක්ස් I Karl Marx
Автор: Sisira Kumara Bandaragama
Загружено: 2025-12-05
Просмотров: 2618
ඇත්තෙන්ම - 20 සියවසේ ඉතිහාසය කියන්නේ කාර්ල් මාර්ක්ස් විසින් ගොඩනැඟූ ඉතිහාසයය කියල කිව්වොත් ඒකෙ කිසිම වැරැද්දක් නැහැ. විසිවෙනි සියවසේ ජීවත් වූ ජනගනණයෙන් බාගයක් විතර ජීවත් උනේ කාර්ල් මාර්ක්ස් ගේ සමාජ, දේශපාලන හා ආර්ථික දර්ශණය පදනම් කරගෙන ගොඩනැඟූ රටවල් වල. සෝවියට් දේශය, චීනය ඇතුලු ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමෙරිකාවේ බොහෝ රටවල් වල දේශපාලන පැවැත්මට වගේම ඒ රටවල මිනිසුන්ගේ ජීවිත වලට, කාර්ල් මාර්ක්ස් ගේ දර්ශණයෙන් ලැබුනු බලපෑම වචනයෙන් විස්තර කල නොහැකි තරම් විශාලයි.
ඔහුගේ මරණින් අවුරුදු 150ක් විතර ගෙවී ගිහිල්ලත් - අද, මේ ලෝක ගෝලයේ රටවල් විශාල ගනනක් ඔහුගේ ඉගැන්වීම්ද, ර්ශණය, මතවාද මත තමන්ගේ සමාජ ආර්ථික හා දේශපාලන රටාවන් ගොඩනඟා ගැනීමට උපයෝගී කරගන්නවා.
‘කාර්ල් මාර්ක්ස්' කියන නම දේවත්වයෙන් සැලකූ ජනයා අනන්තයි. ඔහුගේ නමින් නගර නම් කෙරුනා. ලෝකයේ විවිධ නගරවල ඔහුගේ පිලිම ඉදි උනා. සෝවියට් දේශයේ - ඒ කාලෙ - කාර්ල් මාර්ක්ස්ගේ රෑපයක් එල්ලා නොතිබුනු රාජ්‍යායතනයක් ගොඩනැගිල්ලක් තිබුනාය කියල හිතන්න අමාරුයි.
ඒ වගේම ඔහු ජීවත් වූ කාලෙ වගේම ඔහුගේ මරණනින් පසුවත් අද පවා ඔහු මිනිස් සමාජයට මහා විනාශයක් රැගෙන ආ -අගතිගාමී ඉගැන්වීම හඳුන්වා දුන් පුද්ගලයා හැටියට ඹහුව පිලිකුල් කරන, ඔහුට වෛර කරන, සංඛ්‍යාවත් අති විශාලයි. මාක්ස්වාදය , කොමියුනිට් වාදය පසුපස හඹායමින් ඒ පාක්ෂිකයන් දඩයම් කල කාලයක් අමෙරිකානු එක්සත් ජනපදයේ පමණක් නොවෙයි අපේ මව් බිමෙත් තිබුනා.
ඉතින් ඇත්තෙන්ම මේ කාර්ල් මාර්ක්ස්යක්ස්න්නේ කවුද? මේ අන්දමින් ලෝක ගෝලය පලු දෙකකට බෙදා වෙන් කිරීමට තරම් බලයක් තිබුනු මිනිසා කවුද?
මාර්ක්ස් චාදය - මාක්ස් වාදය.
ඇත්තෙන්ම කාර්ල් මාර්ක්ස්මේක්ස් අන්දමේ වන්දනයක් උවමනා උනාද? ඔහු ජීවත්ව සිටිය දීම සමහරු මේ මාක්ස්වාදය කියන වචනය යොදා ගන්නා බව ඔහුට ආරංචි වෙනවා. ඔහු කියනව - ‘එක දෙයක් මට සහතික කරල කියන්න පුලුවන්. මම නම් මාක්ස්වාදියෙක් නොවෙයි’.
ඉතින් කාර්ල් මාර්ක්ස් ක්ස්ටම උවමනා උනේ මොකක්ද? ඔහුගේ මරණයෙන් අඩ සියවසක් විතර ගත වෙද්දී ඔහු විසින් ගොඩනැඟූ - දර්ශණය පදනම් කරගත් රටවල් වල අසීමිත මානව හිංසණයන් සිදු වූ බව ඔහු දන්නවා නම් මිලියන් ගනනින් මිනිස් ජීවිත බිලිගත් බව ඔහු දන්නවා නම් ඔහුට මොනව හිතෙයිද?
ඉතින් අද මේ වැඩසටහනින් අපි මේ අද්විතීය චරිතය දෙස බොහොම විවෘත ඇසකින් බලන්නයි උත්සාහ කරන්නේ. කාර්ල් මාර්ක්ස්නක්ස් විවිධ කෝණ වලින් බලමින් අර්ථකතනය කල හැකි බව ඇත්ත. එදා සෝවියට් දේශයේ හා වෙනත් සමාජවාදී රටවල -කාර්ල් මාර්ක්ස් ගැන ‘කතා කිරීම තහනම්ය’ කියා සැලකූ දේවල් අද විවෘතව කතා කරන්න අවස්ථාව ලැබිල තියෙනවා. ඒ හේතුව නිසාම - එදා වන්දනය කල -දේවරෑපයක් වෙලා තිබුනු කාර්ල් මාර්ක්ස්ගේ චරිතය තුලින් - ඇස් හිස් මස් ලේ සහිත මහ පොලවේ ජීවත් වූ මිනිසෙකුගේ ප්‍රතිරූපය අද එලිදරව් වෙමින් තියෙනවා.
ඉතින් අපි මේ සාකච්ඡාවෙන් මිනිස් ඉතිහාසයේ ප්රගමනය වෙනස් ආකාරයකට අර්ථ දැක්වූ ඒ දාර්ශණිකයා, අද්විතීය චින්තකයා, ලෝක ඉතිහාසයේ දේශපාලන ප්රවණතාවන් උඩුයටිකුරු කල ඒ බලවේගය ගොඩනැඟූ තැනැත්තාගේ කතාව වගේම - දුක් පීඩා මැද තම බිරිඳ, දරුදැරියන් රැකගත් පියෙක්, විනෝදකාමි මිතුරෙක් පිලිබඳ අනුවේදනීය පුවත කෙරේ අපේ හිත යොමු කරමු. ශතවර්ෂයකට වැඩි කාලයක් තිස්සේ විශාල මිත්‍යවන් මැද සිරකර තිබූ ඒ දර්ශණය අද කෙමෙන් මිනිස් සංහතියට අයත් වන ආකාරය සොයා බලමු.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: