Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Hakme Yadinna - Samantha Perera | හැක්මේ යාදින්න (විමර්ශණාත්මක වැදි ගීතය) - විශාරද සමන්ත පෙරේරා

Автор: Ravana Vanshaya ©

Загружено: 2025-11-11

Просмотров: 834

Описание:

Hacme Yadinna | 'හැක්මේ යාදින්න'

Artist | (visharada) Samantha Perera
Lyrics | Anushka Hettiarachchi
Music | Samantha Perera

Original Audio Download Link - https://songhub.lk/song/hekme-yaadinn...


'හැක්මේ යාදින්න' - රාවණ යුගයෙන් දායාද වූ පුරාණ ශාන්ති කර්මය

ශ්‍රී ලංකාවේ ආදිවාසී ප්‍රජාව සතු, දහස් වසරක ඉතිහාසයක් ගැබ් කරගත් සුවිශේෂී ජනශ්‍රැතික උරුමයක් ලෙස 'හැක්මේ යාගය' (Hacme Yagaya) හැඳින්විය හැකිය. මොණරාගල සහ බදුල්ල දිස්ත්‍රික්කයන්ට මායිම් වූ මහියංගණය, දඹාන ආදිවාසී ගම්මානය කේන්ද්‍ර කර ගනිමින්, වසරක් පාසා අඛණ්ඩව පවත්වාගෙන එනු ලබන මෙම ශාන්ති කර්මය, හෙළ රාවණ යුගය දක්වා දිව යන අතිශය දුර්ලභ පුරාණ යාගයකි. මෙහිදී සිදු කරනු ලබන කන්නලව්ව සහ යාතිකා, 'හැක්මේ යාදින්න' (Hacme Yadina) නමින් ව්‍යවහාර වේ.

රහසිගත චාරිත්‍රය
දින දෙකකට ආසන්න කාලයක් පුරා නොකඩවා පවත්වන මෙම අද්විතීය ශාන්ති කර්මය, සෑම වසරකම සිංහල අලුත් අවුරුද්දේ හිස තෙල් ගල්වන සුබ නැකතට සමගාමීව ආරම්භ කිරීම සිරිතය. මෙහි ඇති විශේෂත්වය වන්නේ, ආදිවාසී ප්‍රධානීන්ට පමණක් දන්නා අතිශය රහසිගත ස්ථානයක සඟවා තබන ලද, රාවණ යුගයේ සිට පැවත එන බවට විශ්වාස කරන පුරාණ ආභරණ සහ වස්තු වලට තෙල් ඇල්ලීම මෙහි මූලික අංගයක් වීමයි.

'හැක්ම' සහ දේව මණ්ඩලය
'හැක්ම' යනු මෙම යාගයට අදාළ පූජා භාණ්ඩ රැසක් අඩංගු මංජුසාවයි. දේවතා මඩුව සහ යාග භූමිය සකස් කළ පසු, පෙර කී පුරා වස්තූන් හා පූජා භාණ්ඩ සියල්ල ගෞරවාන්විතව වැඩම කරවනු ලැබේ. මෙය විචිත්‍රවත් පෙරහැරක් ලෙස, වියන් යටින් බෙර වයමින් සහ යාතිකා පවත්වමින් සිදු කිරීම සම්ප්‍රදායික චාරිත්‍රයයි.

දෙවිවරුන් සහ නායකයින් පිදීම
මෙම යාගයේ මූලික අරමුණ වන්නේ රාවණ රජු සහ දිසාවේ අලුත් බණ්ඩාර, වන්නිය බණ්ඩාර, කළුබණ්ඩාර වැනි ප්‍රාදේශීය දෙවිවරුන් ඇතුළු, ඔවුන්ගේ වරිග පරම්පරාවලට අයත් පෙර සිටි නායකයින් වෙනුවෙන් කෘතගුණ සැලකීම සහ පිදීමයි.

මෙම ශාන්ති කර්මයේදී, ආදිවාසී ජනයාට ආවේණික වූ 360කට අධික නර්තන වර්ග සංඛ්‍යාවකින් සමන්විත, උද්යෝගිමත් නැටුම්වල නිරත වීම තවත් සුවිශේෂී ලක්ෂණයකි. අවසානයේදී, නෑ යකුන් කැඳවා පිදීමෙන් සහ 'හැක්මේ නැටුමෙන්' පූජා කිරීමෙන් අනතුරුව යාගය නිමාවට පත් වේ.

ජාතික උරුමය
හැක්මේ යාගය ඍජුවම රාවණ යක්කම සමග සම්බන්ධ වන ජනශ්‍රැතික මූලයන් දෙකක් ලෙස අපගේ ජන සමාජය තුළ ගැඹුරින් මුල් බැසගෙන ඇත. මෙම ශ්‍රේෂ්ඨ පුරාණ උරුමයේ නියම වටිනාකම සහ ඓතිහාසික පසුබිම හුදු විද්වත් සමාජය විසින් තවමත් නිසි ලෙස හඳුනා නොගැනීම, ජාතියේ අභාග්‍යයක් ලෙස දැක්විය හැකිය.

මෙම අසහාය පුරාණ ශාන්ති කර්මයේ හඬ සහ රාවණ උරුමයේ ගැඹුර ඔබ වෙත ගෙන ඒමට අප විසින් නිර්මාණය කරන ලද 'හැක්මේ යාදින්න' ගීතය පුරාණ හෙල නෑ යකුන් සියලු දෙනාටම පුණ්‍යානුමෝදනාවක් වේවා !

මෙම ගවේශනය සිදු කරණු ලැබුවේ දඹාන ආදිවාසී ගම්මානයේ දී තිලාන් නවගමුව මහතා සහ අනුෂ්ක හෙට්ටිආරච්චි වන මා විසින්ය.

TimeCodes
0:00 - intro
1:42 - Introduction of Hakme
1:43 - Song
6:20 - Outro

ගීතය

බුද්දල ඇත්තන්නේ අපි සාදූ කියඤ්ඤයි
කපුවලැත්තන්නේ අපි බහට වඳිඤ්ඤංයි
මිණිගජ්ජුන්නේ අපි රැහේ බුදින්ඤ්ඤයි..

අම්මිල ඇත්තන්නේ සනුහරේ රකිඤ්ඤයි..

දෙයියලා ඇත්තන්නේ..
අපි හැක්මේ යදීන්ඤයි

පොල්ලැච්චන් මූකරයන් බුදිනා හිමේ වහුං වී තෝ හිටපාන්..
හෙළයන් නසනා කළු සුද්දන් තොට මුලිච්චි වුනොතින්.... පුච්චකඩාපන්

බොටකඳයන්, මී මඤ්ඤං කරියං රැහේ රකීවී...

දෙපමුල් ලත්තන, ගෙරිගෙජ්ජක්, පැණි ඇට පොජ්ජක් ගයිගැට දෙංඤ්ඤාං
දෙයියලැත්තාන්නේ..අපි හැක්මේ යදීන්ඤයි

කලුකොනම් වටලපු හූරා එකාලා
සුදූහූරන්ගේ බහට රැවටිලා
නෑරම කැකුලන් බිල්ලට දීලා
ඇයිද තනන්නේ හෙළ බිමේ විනාසේ
දෙයියලැත්තාන්නේ..අපි හැක්මේ යදීන්ඤයි..


සටහන - අනුෂ්ක හෙට්ටිආරච්චි ©

අනවසරයෙන් උපුටා පලකිරීම තහනම් !!!

© 2025 Anushka Hettiarachchi All Rights Reserved

සුවස්ති සිද්ධම්.

⚜All Inquiries -
Ceylon Ravana Books Conservatory Publishers pvt ltd.
Tele - +1 (516) 854-3939 ( WhatsApp Only)

© 2025, Ravana Vanshaya Youtube Channel, All rights of the composition reserved. Unauthorized copying, editing, reproducing, repurposing, publishing and broadcasting of this composition are prohibited without the written consent of the copyright holder's.
Sri Ravana Vanshaya Youtube Channel ©

FB - / 18rhdcrun5
Youtube Link - • රාවණ හැක්මේ යාදින්න- Ravana's...
#MahaHelaya #Anushka_Hettiarachchi #ravanasong #HakmeYadinna
#ravana #වීරරාවණාගීත #රාවණාගීත #වීරරාවණා, #රාවණාරජ, #හෙළඋරුමය, #හෙළවිරුවන්, #හෙළදේශය, #හෙළසංස්කෘතිය, #යක්කසේනා, #නිවෙනුරාවණා,

Hakme Yadinna - Samantha Perera | හැක්මේ යාදින්න (විමර්ශණාත්මක වැදි ගීතය) - විශාරද සමන්ත පෙරේරා

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

"මහා හෙළයා" - විශාරද සමන්ත පෙරේරා | MAHA HELAYA - SAMANTHA PERERA | OFFICIAL AI MUSIC VIDEO 4K

සුහද කොකා සිංහල චිත්‍රපටය suhada koka sinhala comedy clip

සුහද කොකා සිංහල චිත්‍රපටය suhada koka sinhala comedy clip

ПОСЛЕ СМЕРТИ ВАС ВСТРЕТЯТ НЕ РОДСТВЕННИКИ, А.. ЖУТКОЕ ПРИЗНАНИЕ БЕХТЕРЕВОЙ. ПРАВДА КОТОРУЮ СКРЫВАЛИ

ПОСЛЕ СМЕРТИ ВАС ВСТРЕТЯТ НЕ РОДСТВЕННИКИ, А.. ЖУТКОЕ ПРИЗНАНИЕ БЕХТЕРЕВОЙ. ПРАВДА КОТОРУЮ СКРЫВАЛИ

සුගත මුනිඳුනේ | Sugatha Munidune - Anushka Hettiarachchi

සුගත මුනිඳුනේ | Sugatha Munidune - Anushka Hettiarachchi

Джохар Дудаев предсказал многие события, интервью, Взгляд: 1995 г

Джохар Дудаев предсказал многие события, интервью, Взгляд: 1995 г

Andarela (අන්දරේලා) at Suraksha Abhiman 2017

Andarela (අන්දරේලා) at Suraksha Abhiman 2017

රාවණ ගේ සූර්‍ය් තාණ්ඩව ස්තෝත්‍ර - Ravana's Soorya Stotra - Official Sinhala Ravana Siva Thandava l ©

රාවණ ගේ සූර්‍ය් තාණ්ඩව ස්තෝත්‍ර - Ravana's Soorya Stotra - Official Sinhala Ravana Siva Thandava l ©

හින්දු මූලාශ්‍ර වලට අනුව රාවණ පුත්‍ර මේඝනාද ගේ ඉරණම | Story of Ravana' s Son Meghanada

හින්දු මූලාශ්‍ර වලට අනුව රාවණ පුත්‍ර මේඝනාද ගේ ඉරණම | Story of Ravana' s Son Meghanada

හිනා කාලා මැරුනත්..හෙන ගහන ඇත්ත.. | කාගම සිරිනන්ද හිමි. | kagama sirinanda thero 2025

හිනා කාලා මැරුනත්..හෙන ගහන ඇත්ත.. | කාගම සිරිනන්ද හිමි. | kagama sirinanda thero 2025

Казахско-узбекско-чешский любитель русского мира

Казахско-узбекско-чешский любитель русского мира

චාමර වීරසිංහ අලුතින්ම බස්සපු පිස්සුම සින්දුව.. 👉

චාමර වීරසිංහ අලුතින්ම බස්සපු පිස්සුම සින්දුව.. 👉 "නෝනාගම හන්දිය" සීක්‍රට් අලුත් සද්දෙට හොඳයිද බලමු

Rodney Warnakula | Maa (මා) | 04th April 2025 | TV Derana

Rodney Warnakula | Maa (මා) | 04th April 2025 | TV Derana

90 Невероятных фотографий из прошлого, которые перевернут ваш взгляд на историю!

90 Невероятных фотографий из прошлого, которые перевернут ваш взгляд на историю!

Предсказание Мессинга! Что будет 26 февраля 2026г?

Предсказание Мессинга! Что будет 26 февраля 2026г?

ПОСЕДЕЛ за одну ночь в 14 лет. Что немой мальчик ВИДЕЛ в тайге

ПОСЕДЕЛ за одну ночь в 14 лет. Что немой мальчик ВИДЕЛ в тайге

Офицер Плюнул В Суп Простого Повара Не Зная Что Он Бывший Элитный Спецназовец

Офицер Плюнул В Суп Простого Повара Не Зная Что Он Бывший Элитный Спецназовец

සුර අඟන SURA AGANA Official Music video #surangavidanagamage

සුර අඟන SURA AGANA Official Music video #surangavidanagamage

රවුමට රවුමට වටේට නෑයෝ හිටියට, හැමදාකම අපි ගැහුවේ තනියම මැච් එක

රවුමට රවුමට වටේට නෑයෝ හිටියට, හැමදාකම අපි ගැහුවේ තනියම මැච් එක

Om Sravana Ravana Bava | ඕම් සරවණා රාවණ භව | Anushka Hettiarachchi

Om Sravana Ravana Bava | ඕම් සරවණා රාවණ භව | Anushka Hettiarachchi

"සොඳුරු නික්ම යාම (Sonduru Nikmayama) | මහා අභිනිෂ්ක්රමණ ගීතය"

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]