Garayaka shantikarmaya 👺| ගරායක් ශාන්තිකර්මය | Gara devel 👹 Rathgaga, Sri lanka 🇱🇰
Автор: LAHI-RUWA
Загружено: 2023-05-28
Просмотров: 867
රත්ගග පුංචි දඹදිව විහාරස්ථානයේදී පැවැත්වූ ගරා යක් ශාන්තිකර්මය.
මෙහි ඉතිහාස කතාව.
දඹදිව විසූ හේමදන්ත රජුට හා එම දේවියට දරුවන් දෙදෙනෙක් වූහ. ඒ දළ කුමරු හා ගිරි කුමාරිය නම් වූවාය. සොළොස් වියට පත් කුමාරයාට කුමාරියක් සේවුවද ඉන් පලක් නොවුණි. දළ කුමරු සරණපාවා ගැනීමට කිසිම කුමරියක් තෝරා ගත්තේ නැත. සෑම කුමරියක් කෙරෙහිම පිළිකුලක් දක්වන ලදී. "බැරිම තැන පියරජු විවිධ දේශකයන්ගෙන් කැඳවන ලද කුමරියන් හා රජවාසල කුමාරිකාවන් ඇතුළු 500 දෙනා පමුණුවා අයකු තෝරා ගැනීමට නියම කළේය. මෙහිදී දළ කුමරු මෙහෙසිය ලෙස තෝරා ගත්තේ නැඟෙණිය වූ "ගිරි" කුමාරියයි. ඉන් කලබලයට පත් පිය රජු සිද්ධිය රහසක්ව තබා ගැනීමට වෙහෙසුණි. එහෙත් ගිරි කුමරිය ගැබ්ගැනීමෙන් සියල්ල අනාවරණය විය. ලැජ්ජාවට පත් ගිරි ඇසළ වනයේ ගසක එල්ලී සියදිවි නසා ගත්තේ ය. මින් කෝපයට හා ලැජ්ජාවට පත් දළ කුමරු වන වැදී තවුස් දම් පිරීය....
මෙයට සමකාලීනව කතරගම ස්කන්ධ කුමරුගේ හා වල්ලිමාතාවගේ විවාහය යෙදුණි. එම මංගල්‍යයට වැදි රටට යාම සඳහා ස්කන්ධ කුමරු පත්තිනි මෑණියන්ගේ උපකාර පැතීය. එහි යාම සුදුසු දැයි පත්තිනි මැණියන් දිවැසින් බැලීය. මඟුල් මඩුවේ සතුන්ගේ ලේ හා මස් වර්ග පෙනිණ. මේ අපිරිසුදු බිමට පා නොතැබිය යුතු හෙයින් එම ස්ථාන පිරිසුදු කිරීමේ ක්‍රමයක් සෙවීය..
ඒ ගැන කල්පනා කිරීමේ දී දඹදිව දඹරුක මුල තවුස් දම් රකින දළ කුමරු දැකීය. ඔහු ඉදිරියේ පෙනී සිටි පත්තිනි මෑණියන්, කළ යුතු දෙය තවුසාට විස්තරකර දුන්, දළ කුමරු ගරායක් වෙස් ගෙන වැදි රට වල්ලිමාතාවගේ මඟුල් මඩුවට කඩා වැදුණේ ය. යක් වේසය දුටු වැද්දන් හිසලූලූ අත පලාගිය අතර වල්ලිමාතාව පමණක් මඟුල් මඩුවේ ඉතිරිවුණි. ගරායකු මඟුල් මඩුව වමතින් ගෙන හක්කේ තබාගෙන සියලු කෑම බීම කා දැමූ බව සඳහන්ය...
සිය කාර්ය මනාව ඉටු කිරීම පිළිබඳව සතුටට පත් පත්තිනි මෑණියන් හා ස්කන්ධ කුමරු ගරා යක්ෂයාට වර දුන් බව සඳහන්ය. මේ නිසා ගම්මඩු, දෙවොල්මඩු, මල්මඩු, තුන්දාගිරි මඩු, දානෙ මඩු අවසානයේ ගරායකු සිහිකර පූජා පැවැත්වීම පැවත එන්නේය..👹
Here's the story.
King Hemadanta who lived in Dambadi and that goddess had two children. They were called Dala Kumaru and Giri Kumari. The sixteen-year-old prince was served by a princess, but to no avail. No princess was chosen to take refuge in the gross prince. Every princess was despised. "Piyaraju ordered to select one of the 500 people including princesses and royal princesses called from various preachers. Here, the princess "Giri" was chosen as the wife of Dala Kumara. Disturbed, the father tried to keep the incident a secret. But the pregnancy of Princess Giri revealed everything. Embarrassed, Giri hanged himself from a tree in the Esala forest. This angered and embarrassed Prince Dala, Vedi Thaus Dam full....
At the same time, the marriage of Prince Skanda of Kataragama and Vallimatha took place. Prince Skanda sought the help of Pattini's mother to go to the country for the festival. Mrs. Pattini looked at the divas if it was appropriate to go there. Blood and flesh of animals were seen in the marriage shed. As we should not step on this dirty ground, we looked for a way to clean those places..
While thinking about it, Dambadi saw Prince Dala guarding Dambaruka Mula Taus. Mother Pattini, who appeared in front of him, explained to Tausa what should be done, disguised as an ugly prince and stormed into the wedding house of Vedi Rata Vallimatha. Seeing the yak disguise, the Veddans fled away with their heads bowed and only Vallimatha remained in the wedding hall. It is said that an old man took the wedding hall from the left side and kept it in his jaw and ate all the food and drinks...
It is said that Mother Pattini and Prince Skanda, who were happy with the performance of their duties, rebuked the Gara Yaksha. Due to this, at the end of Gamadu, Devolmadu, Malmadu, Thundagiri Madu and Dane Madu, Pooja is held in memory of a Gara.👹
***************************
If you enjoyed this video subscribe the channel and make sure to click the bell button also to get notifications of new videos ❤️❤️
***************************
Camera : iphone 6s
Editing : capcut
***************************
Follow on Instagram : https://instagram.com/lahi__ruwa?igsh...
Like on facebook : https://www.facebook.com/profile.php?...
***************************
THANKS FOR WATCHING Lahi-Ruwa ❤️🍃
#ගරායකා #ශ්‍රීලංකාශාන්තිකර්ම #garashanthikarmaya #srilanka #rathgangatemple #pahatharatadance #srilanka #traditional #dance #garadevil #srilankan #traditionaldance #ගරායක් #ශාන්තිකර්මය
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: