Bana Hills 1 වියට්නාම් ගමන - Da Nang Vietnam Day 2 [EP#02]
Автор: Crazy Madz Diaries
Загружено: 2025-08-23
Просмотров: 531
Ba Na Hills Mercure French Village Da Nanag Vietnam : Episode 02
Part 2
• Bana Hills 2 වියට්නාම් ගමන - Da Nang Vietn...
බනා හිල්ස් ගිය විදිහ කියන්න කලින් මේ තැන මොකක්ද කියන එක පොඩ්ඩක් විස්තර කරලම ඉන්නම්කෝ. වියට්නාමේ මැදට වෙන්න තියෙන දනං වල තියෙන කදුකර ප්‍රදේශයක් තමයි බනා හිල්ස් කියන්නෙ, නමෙන්ම තේරෙනවනේ මේක හිල් ස්ටේෂන් එකක් කියලා.
මේකේ විශේෂත්වය තමයි ධනං වල පහල රස්නෙ පරිසරයට වඩා හාත්පසින්ම වෙනස් සීතල පැත්තක් වීම. ඒ වගේම ධනං වල මුහුදු වෙරළෙන් කිමි 22ක් වගේ දුරකින් පිහිටීම.
Origins of Ba Na Hills
බනා හිල්ස් මුලින්ම හදලා තියෙන්නෙ 1919 වගේ කාලෙක වියට්නාමෙ හිටපු ප්‍රංශ අධිරාජ්‍යවාදීන් . සීතල කදු මුදුනක තිබ්බ රිසෝට් එකක් විදිහට තමයි එයාලා මේක හදලා තියෙන්නෙ
මෙහෙ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්ෂියස් 15-20 වගේ.
පහල තියෙන උෂ්ණත්වයට වඩා ගොඩක් අඩුයි. ප්‍රංශ අධිරාජ්‍යවාදීන්ට චිල් එකේ ඉන්න මෙතන හැදුවා කිව්වොත් මම නිවැරදියි.
ඊට පස්සෙ මේකට එයාලා අලුත් විලාස්, වයින් ගබඩා ,සහ විනෝද වෙන්න පුලුවන් තැනක් විදිහට දෙවල් එකතු කරලා තිබිලා තියෙනවා.
නමුත් පසුකාලීනව වියට්නාමේ ඇති වෙච්ච යුද්ධ නිසා මේක අත්හැර දාලා තියෙනවා. ඒ වගේම මෙතන ගොඩනැගිලි නඩත්තුවක් නැති නිසා සහ ස්වභාවික විපත් මත ගරාවැටිලා තියෙනවා.
🏰 Creation of the Modern French Village
වර්ෂ 2000දී වියට්නාමේ Sun Group කියන කොම්පැණිය මේක නැවතත් හදන්න පටන් අරන් තියෙනවා world-class resort and amusement area විදිහට ගන්න.
ඊට පස්සෙ මේක 2015 දී මහජනයාට නිල වශයෙන් විවෘත කරලා තියෙනවා. පරණ යූරෝපීය නගර වල අලංකාරය රසවත්ව මැවෙන විදිහට තමයි බනා හිල්ස් නිර්මාණය කරලා තියෙන්නෙ.
දෙව් මැදුරු , මාළිගා ,ගල් ඇතිරූ පාරවල් , පොකුණු වගේම පරණ තාලයේ කැෆේ සහ මධ්‍යතන යුගයේ ගොඩනැගිලි මේ බනාහිල්ස් වල තියෙන ප්‍රංශ ගමට ඇතුලත් කරලා තියෙනවා.
ඒ අතරින් විශේෂ ගොඩනැගිලි කිහිපයක් තමයි මේ.
St. Denis Church replica: Inspired by the real Saint Denis Basilica in Paris.
• Château De Chenonceau-inspired buildings.
• Linh Phong Tu Tower, wine cellars, and luxury hotels round out the immersive experience.
මේ ගොඩනැගිලි යුරෝපීය ආභාශයට අනුව තමයි හදලා තියෙන්නෙ. ඔයාලට ඔනනනම් අපේ යුරෝපා සවාරිය බැලුවොත් ඒක හරියටම තහවුරු කරගන්න පුලුවන්
මේ ස්ථානය හදලා තියෙන්නෙ කෙනෙකුට යුරෝපා සංස්කෘතියේ අත්දැකීමක් ගන්න සහ ෆැන්ටසි පාක් එකක තියෙන වින්දනය ලබා ගන්න. ඉතිහාසයේ තියෙන දේවල් සංරක්ෂණය කරලා තියාගන්න එක නෙමෙයි මේ ස්ථානය නිර්මාණය කරපු අයගේ අරමුණ.
තව විදිහකින් කිව්වොත් සංචාරක ආකර්ෂණය තමයි මේකේ මූලික අරමුණ.
ඔයාලාට දැන් පේනවා ඇති මේකේ ලස්සන.
බනා හිල්ස් වලට එන්න තියෙන්නෙ කේබල් කාර් එකක. මේක විනාඩි විසිපහක් විතර යන කේබල් කාර් එකක්.
ඒ වගේම ලෝකයේ තියෙන දිගම සහ ලස්සනම වීව් එකක් තියෙන කේබල් කාර් ගමන් වලින් එකක් ලෙස මේක නම් කරලත් තියෙනවා. ඔයාලට මේ වීඩියෝ එක දිගටම බැලුවොත් ඒක බලන්න පුලුවන්.
හොටෙල් එකට යන්න සහ ගෝල්ඩන් ගේට් එකට යන්න වෙනමම කේබල්කාර් ලයින් තියෙනවා. ඇත්තම කිව්වොත් මෙතන පැති කිහිපයකින් එක කේබල් කාර් සම්බන්ධකරලා තියෙනවා
මේකේ උඩ නවතින්න තියෙන්නෙ එක හෝටලයයි. ඒකෙ නම තමයි Marcure Danang French Village . බුකින් එක Offecial Site එකෙන් වගේම Agoda සහ Booking.com එකෙන් දාන්න පුලුවන්.
Night එකක් සිංගප්පූරු ඩොලර් 150 වගේ පටන්ගන්නෙ.සීසන් එක අනුව මිල පොඩ්ඩක් වෙනස් වෙන්න පුලුවන්.
හොටෙල් එකේ නවතින අයට කේබල් කාර් එක ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එකකට තමයි හම්බවෙන්නෙ.
BaNa Hills වල French Village එකේ බලන්න තියෙන දේවල් අතරට මාලිගා ගෝල්ඩන් බ්‍රිජ් අර අත් දෙක තියෙන පාලම. ලස්සන උද්‍යානය Indoor Theme park, Museum Alpine Coaster සහ විවිධ සංදර්ශන තියෙනවා. තව කෑම කන්න තැන් බියර් බොන්න තැන් වගේ ෆන් ගොඩයි. කෑම වල මිලත් සාපේක්ෂව ලාබයි නමුත් ගොඩාක්ම ලාබ නෑ. තැනේ හැටියට ඕකේ.
මේ ඔක්කොම නිදහසේ බලන්න නම් දවස් දෙකක් වත් මේකෙ ඉන්න ඕන කියලා තමයි අපිට නම් හිතුනේ. දවස් තුනක් නම් වඩාත් හොදයි.
හෝටලේ නවතින්නෙ නැතිව උනත් මෙතනට එන්න පුලුවන් උදේ 9-හවස 4 වෙනකන්. අර මම කලින් කිව්ව අනිත් කේබල්කාර් එකේ තමයි එහෙම එද්දි එන්න ඕන.
ඒත් මෙතන නැවතුනොත් තමයි ඔක්කොම සෙල්ලම් බලන්න පුලුවන්. තව දෙයක් තමයි හෝටලේ හිටියොත් කලින්ම උදේ 6-7.30 වෙනකම් ගෝල්ඩන් බ්‍රිජ් එකට යන්න පුලුවන් එතකොට සෙනග අඩුයි.
මෙතන රෑ වෙනකම් කරන්න දේවල් තියෙනවා ඒ වගේම මීදුම ආවාම හරිම ගුප්ත භූත ගතියකුත් තියෙනවා සීතලත් එක්කම.
දැන් බලමු අපි කොහොමද මෙතනට ආවේ කියලා.
Social Media
Facebook: / crazymadzfans
Instagram: / crazymadz1
#banahills #frenchvillage #danangvietnam #vietnamtravel #vietnamesefood #crazymadz #crazymadzdiaries
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: