Kiriwaththuduwe Ariyadassana Thero | පුරේජාත ප්‍රත්‍ය සවිස්තරාත්මකව | Bana Maduwa
Автор: Bana Maduwa - බණ මඩුව
Загружено: 2025-11-24
Просмотров: 957
⭕අන් අයටද ශ්‍රවණය කිරීම සදහා Share කරන්න...
⭕ඔබ සැමට පට්ඨාන ධර්මයේ පිහිටයි..!
☸️ඥෙය්‍යසාගර පාරගත වූ අප භාග්‍යවත් අර්හත් සම්‍යක්
සම්බුද්ධයන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පැමිණීම
සඳහා සම්මර්ශනය කළ ධර්මය හේතු-ඵල ධර්මයයි.
තථාගතයන් වහන්සේගේ සර්වාංගසම්පූර්ණ අති දීර්ඝ
හේතු-ඵල දේශනය වනුයේ මේ පට්ඨාන ධර්මයයි.
එසේම බුදුවීමෙන් අනතුරුව සතරවන සතියේදී තථාගත
ශ්‍රී ශරීරයෙන් නීල-පීත-ලෝහිතාදී සවණක් ඝන බුදුරුස්
මාලාවන්ගෙන් මේ මුළු ලෝකධාතුවම ආලෝකමත්
වූයේද මෙම පට්ඨාන ධර්මය මෙනෙහි කරන කල්හිය.
වසර 45 ක් මුළුල්ලෙහි දේශනාකොට වදාළ ධර්මය
අතුරින් මුදුන්මල්කඩ වන්නේද, ශ්‍රී සම්මා සම්බුද්ධ
ශාසනයෙහි හදවත බඳු වන්නේද, මහාගතිගමිය
තිස්සදත්ත තෙරුන්වහන්සේ ඇතුළු බොහෝ දෙනාට
අරිහත්වයට මඟ පාදා දුන්නේද මේ පට්ඨාන ධර්මයයි.
නමුත් සර්වඥශාසනය විනාශ වන කල්හි මුලින්ම
අභාවයට පැමිණීමට නියමිතව ඇත්තේද මේ පට්ඨාන
ධර්මයයි. එමනිසා ශ්‍රද්ධා ප්‍රඥා ඇති පණ්ඩිත සත්පුරුෂ
සියළුදෙනා මෙම ධර්මය මතකයෙන් දරා ගැනීමෙන්ද,
තමන් නිතර සජ්ඣායනා කිරීමෙන්ද, තම හිතවතුන් ඒ
සඳහා උනන්දු කරවීමෙන්ද, ඒ අප මහා කාරුණිකයන්
වහන්සේ සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පුරා දුක්විඳ
අප වෙනුවෙන්ම අවබෝධ කළ මෙම වටිනා ධර්මය
අතුරුදහන් වීමට ඉඩ නොදී, තවත් චිරාත් කාලයක්
ලෝසතුනට හිතසුව පිණිස රැක ගැනීමට අධිෂ්ඨාන
පිහිටුවා ගනිත්වා! ☸️
#ධර්මදේශනා #darmadeshana #meditation #mindfulness #Kiriwaththuduwe_Ariyadassana_Thero #pattanaya #srilanka
#kiriwaththuduweariyadassanathero
#pattanadeshana
#nekaakaara
#bana
#BanaMaduwa
#budubana
#pirith
#deshana
#srisaddharmaya
#pattanadeshana
#buddhisttv
#pragnatv
#methtv
#abhiharmaya
#කිරිවත්තුඩුවේ_අරියදස්සන_හිමි
#ධර්මදේශනා
#අභිධර්මධර්මය
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: