🇰🇷❤️ Korean E8
Автор: 🇮🇱israel Sihina Deshaya
Загружено: 2025-07-02
Просмотров: 3612
🇰🇷E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා සෘතුමය රැකියාවලට ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යොමුකිරීම වෙනුවෙන් දකුණු කොරියාවේ යොන්ග්වොල් පළාත් පාලන ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
ශ්‍රි ලාංකිකයින් සෘතුමය රැකියා සඳහා දකුණු කොරියාවට යොමුකිරීමට කොරියානු ජනරජයේ පළාත් පාලන ආයතන සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පවත්වන ලද අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් දකුණු කොරියාවේ යොන්ග්වෝල් පළාත් පාලන ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීමට නියමිතය. යෝජිත අවබෝධතා ගිවිසුම සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ.
එම අවබෝධතා ගිවිසුම මගින් ශ්‍රී ලාංකිකයින්ට මාස 5 සිට මාස 8 දක්වා කෙටි කාලයක් සඳහා යොන්ග්වෝල් පළාතේ කෘෂිකාර්මික හා ධීවර ගම්මානවල සේවය කිරීමට අවස්ථාව හිමිවන අතර, ප්‍රථමයෙන් මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව අවශ්‍ය ගිවිසුම්වලට එළැඹීමෙන් අනතුරුව සුදුසුකම් සපුරන ලද ශ්‍රමිකයින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් බඳවා ගැනීම් සිදුකර හැකි ඉක්මණින් දකුණු කොරියාව බලා පිටත් කිරීමට පියවර ගන්නා බව කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. මෙම රැකියා සඳහා බඳවාගැනීම සිදුකරන්නේ ශ්‍රි ලංකා රජය විසින් පමණක් බවත් ඒ සඳහා වෙනත් කිසිඳු බාහිර පාර්ශවයකට මුදල් හෝ ගමන් බලපත්‍ර ලබාදීමෙන් වලකින ලෙසත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.
#sihinadeshaya #job #E8 #koreaE8 #news #srilankan Sihina deshaya සිහින දේශය israel Sihina Deshaya සිහින දේශය
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: