බදුල්ල පීරූ විශේෂ පොලිස් මෙහෙයුම 120කට වැඩ වරදී...| Ada Derana
Автор: Ada Derana
Загружено: 2026-01-26
Просмотров: 11212
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
බදුල්ල පීරූ විශේෂ පොලිස් මෙහෙයුම
120කට වැඩ වරදී...
බදුල්ල මුලස්ථාන පොලීසියේ නිලධාරීන් විසින් බදුල්ල නගරයේ විශේෂ සෝදිසියක් සිදුකර තිබේ.
එහිදී අයිත් මත්ද්‍රව්‍ය හා භාවිතයට නුසුදුසු පුවක් වර්ගයක් අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
මාර්ග නීති උල්ලංඝනය කරමින් රිය පැදවීම, රියදුරු බලපත්‍ර, රක්ෂණ සහතිකය හා ආදායම් බලපත්‍ර නොමැති වීම, අලංකරණය සඳහා අමතර කොටස් සවි කිරීම ඇතුළු විවිධ රථ වාහන වැරදි සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 118 දෙනෙකු අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කළ බව පොලීසිය සඳහන් කළේය.
පොලිස් කණ්ඩායම් 9ක් බදුල්ල නගරය ආවරණය වන පරිදි ස්ථාන 9ක දී මෙම විශේෂ සෝදිසිය පැය 3ක් පුරා සිදුකර ඇත.
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: