පිරිසුදු සීලය සහ චුතිය ~ Ven. Madihe Sugathasiri Thero.
Автор: සබ්බදානං ධම්ම දානං ජිනාති
Загружено: 2024-07-13
Просмотров: 292
නවාංග සත්තු සාසනය පුරුදුපුහුණු කිරීම.
පූජනීය මඩිහේ සුගතසිරි ස්වාමීන්වහන්සේ.
නවාංග සත්තු සාසනය පුරුදුපුහුණු කිරීමෙන් ඇති ආනිසංස
සහ මරණයෙන් පසු ඇති ආනිසංස.
නවාංග සත්තු සාසනයේ අංග. සුත‍්තං - සූත්‍ර නාමයෙන්.
ගෙය්‍යං - ගායනා කිරීමේ ස්වභාවයෙන් ඇති සූත්‍ර.
වෙය්‍යාකරණං - පාලි සංස්කෘත අනුව ධර්මය පුඋදු පුහුණු කිරීම.
ගාථා - ධම්ම පද ආදී ගාථා.
උදානං - භාග්‍යවතුන් වහන්සේ සතුටු සිත් ඇතිව දේශනා කල ප්‍රකාශ වැනි.
ඉතිවුත‍්තකං - "වුත්තං හෙතන් භගවතා" ඛුද්ධක නිකායට අයත්.
ජාතකං - පන්සීය පනස් ජාතක කථා.
අබ‍්භුතධම‍්මං - භාග්‍යවතුන් වහන්සේගේ අද්බූත කරුණු වලට අයත්.
වෙදල‍්ලං - නුවන දියුණු කරන සූත්‍ර.
~ 1. සොතානුධතානං භික‍්ඛවෙ ධම‍්මානං වචසා පරිචිතානං මනසානුපෙක‍්ඛිතානං දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධානං චත‍්තාරො ආනිසංසා පාටිකඞ‍්ඛා. කතමෙ චත‍්තාරො? ~
මහණෙනි, වචනයෙන් පුරුදු කළ සිතින් පිරික්සා බැලූ නුවණින් මොනවට ප්‍රතිවේධ කළ පහන්කන් රුකොට නුවණ කණින් ව්‍යවස්ථා කළ ධර්‍මයන්ගේ අනුසස් සතර දෙනෙක් කැමැති විය යුත්තාහ. කවර සතර දෙනෙක යත්:
~ 2. ඉධ භික‍්ඛවෙ භික‍්ඛු ධම‍්මං පරියාපුණාති : සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලං. තස‍්ස තෙ ධම‍්මා සොතානුධතා හොන‍්ති වචසා පරිචිතා මනසානුපෙක‍්ඛිතා. දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා. සො මුට‍්ඨස‍්සති කාලං කුරුමානො අඤ‍්ඤතරං දෙවනිකායං උපපජ‍්ජති. තස‍්ස තත්‍ථ සුඛිනො ධම‍්මපදාපිලපන‍්ති දන්‍ධො භික‍්ඛවෙ සතුප‍්පාදො. අථ සො සත‍්තො ඛිප‍්පං යෙව විසෙසගාමී හොති ~
මහණෙනි, මෙ සස්නෙහි මහණ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන දහම් පුහුණු කරයි. ඔහු විසින් ඒ දහම්හු කණින් අසා ධරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් විමසන ලද්දාහු නුවණින් අවබෝධ කරණ ලද්දාහු වෙත්. හේ මුෂිතස්මෘතිව කලුරිය කරන්නේ අන්‍යතර දේවනිකායකට එළඹෙයි. එහි සුඛිත වූ ඔහුට ධර්‍මපදයෝ වටහත්. මහණෙනි, බුද්ධවචනානුස්මෘති සිහිය ඉපැද්ම ගුරු වෙයි. වැලි ඒ සත්ත්‍වයා වහා ම විශේෂගාමී වෙයි. මහණෙනි, කණින් අසා දරණ ලද වචනයෙන් පුරුදු කරණ ලද සිතින් පරීක්‍ෂා කරණ ලද ප්‍රඥායෙන් අවබෝධ කරණලද ධර්‍මයන්ගේ මේ පළමුවන ආනිසංසය කැමැති විය යුතුය *
සැම හිත සුව පිණිස,
නිවන් කැමති ඔබ සැමගේ අවධානය යොමුවේවා.
“චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං”
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: