කාර්යබහුල පුද්ගලයන් සඳහා ක්වොන්ටම් පරිගණකය : Interference in Quantum Computer (Quantum Computer II)
Автор: Science With Ruchira
Загружено: 2023-08-05
Просмотров: 134678
මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ කොහොමද ක්වොන්ටම් පරිගනකයක සිදුවන ප්‍රධාන ගණන ක්‍රියාමාර්ග ක්වොන්ටම් පරිමාන මට්ටමේදී සිදු වන්නේ කියන කරුණ ඉතාම සරලව හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදිහට.
මෙය විසේෂන්ම කතා කරන්නේ, බොහෝ දෙනෙක් මෙම මාතෘකාව ඉල්ලා සිටි නිසා. මම පුද්ගලිකව මේ මට්ටමේ සරල කිරීමක් වෙන source එකක දැකලා නැහැ.
මෙහිදී මෙම ප්‍රශ්නය කුමන ආකාරයක ප්‍රශ්නයක්ද යන්න කෙනෙක්ට පැන නැගිය හැකි ගැටළුවක්. මෙය අයත් වන්නේ uninformative search problem ගණයට නොවයි. මෙහිදී රකුසා කාඩ් පතේ අගය දන්නා බැවිනුත්, ඔහුගෙන් යම් සීමාකාරී තොරතුරු ලබා ගැනීමට ඇති හැකියාවත් නිසා මෙය informative search problem එකක්. ඒ නිසා මෙය එක වර Quantum පරිගණය ඇසුරෙන් විසඳිය හැකියි. නමුත්, uninformative search problem ගණයට වැටෙන ප්‍රශ්න ක්වොන්ටම් algorithm ඇසුරෙන් සාම්ප්‍රදායික පරිගණක වලට වඩා වැඩි වේගයෙන් විසඳන්න පුළුවන්.
තවදුරටත්, මෙහි රකුසා යනු Bernstein-Vazirani Algorithm එකේ, phase factors, Qbit මත impose කරන Quantum operation එක. මෙහි Z gate එක භාවිතා කරන්නේ ඒ සඳහා, සාම්ප්‍රදායික අයුරින් තවත් registry එකක් හරහා phase kickback කිරීම පැහැදිලි කිරීම සාමාන්‍ය කෙනෙක්ට විස්තර කිරීම මේ කාලය ඇතුලත අපහසු නිසා.
මෙය වෙනම පැහැදිලි කර දෙන්නම්, පසුව වීඩියෝ එකෙකින්.
මේ පිලිබඳ තිබෙන ඕනෙම ගැටළුවක් ඔබට / sciencewithruchira හරහා මගෙන් විමසිය හැකියි.
එලෙසම මෙහි ප්‍රධාන අරමුණ ක්වොන්ටම් නිරෝධායනය (Interference) සිදු වෙන බොහෝ දෙනෙක්ට තේරුම් ගත හැකි අයුරෙන් පැහැදිලි කිරීමයි. ප්‍රායෝගික මට්ටමේදී මෙම ගැටලුව විසඳීම සඳහා ක්වොන්ටම් පරිගණකය මෙන්ම සාම්ප්‍රදායික පරිගණකය ඇසුරෙනුත් විසඳීමට හැකියි.
ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව Playlist එක : • ක්වොන්ටම් තාක්ෂනය සිංහලෙන් (Quantum Physic...
ක්වොන්ටම් පරිගණකයට හැඳින්වීමක්: • කොහොමද ක්වොන්ටම් පරිගණකයක් වැඩකරන්නේ (Quan...
සුළු කිරීම කියවීමට : https://drive.google.com/file/d/1b33J...
මා සමග සම්බන්ධ වීමට : / sciencewithruchira
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: