Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Kataragama Pada Yatra | කතරගම පාද යාත්‍රාව | Foot Pilgrimage 2024 Part 01

Автор: Unforgettable Sri Lanka

Загружено: 2024-08-02

Просмотров: 928

Описание:

#panama #kataragama #okada #padayatra #unforgettablesrilanka #gayanshyamal #yala #kumana #travel #camping #hiking #safari #footpilgrimage

🔹 හරෝ හරා....
"ඔබ ස්වභාවධර්මයට ගරු කරන්නේ නම් සහ එයට හානියක් නොකරන්නේ නම්, එය ආපසු ඔබට හානියක් නොකරයි."

🔸 පළමු දිනය: කුඩා කැබ්ලිත්තට කුමන පිවිසුම: කි.මී. 22

රුහුණු මහා කතරගම දේවාලයේ කප් සිටුවීමත් සමඟ යාපනය අර්ධද්වීපයෙන් හින්දු ආගමික ද්‍රවිඩ බැතිමතුන් කතරගම ඇසළ මංගල්‍යයට සහභාගීවීමේ අරමුනින් යාපනයේ සිට කතරගම දක්වා පා ගමනක යෙදෙනවා.පුරා මාස එක හමාරක කාලයක් මේ ආකාරයෙන් ඔවුන් පාද යාත්‍රාවේ යෙදෙනවා.කතරගම ඇසළ පෙරහරේ පණිවිඩය රටට මුලින් ම දන්වන්නේ උතුරේ සිට කතරගම බලා එන පාද යාත්‍රාව යි.

දින ගණනක් තිස්සේ කිලෝමීටර් සිය ගණන් ගෙවා දමමින් උතුරේ යාපනය, නාගදීප, වේලනෙයි ආදී ප්‍රදේශවල සිටත්, නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, වෙරුගල්, තෝපූර්, මඩකළපුව ,පොතුවිල් ආදී ප්‍රදේශවල සිටත් පැමිණෙන පිරිස් ඒ අතර වෙයි.

පාද යාත්‍රා ප්‍රධාන ගමන් මාර්ගයේදී හමුවන විශේෂ ස්ථානයක් තමයි ඔකඳ. කතරගම දෙවියන් ලංකාවට ගොඩබැස්සේ නැගෙනහිර පළාතේ ඕකදෙන් බවට හින්දූන් තුළ විශ්වාසයක් ඇත. එතැන ඕකන්ද එසේත් නැත්නම් ඔකඳ මුරුගන් දෙවොල පිහිටා ඇත. කතරගම දෙවියන් පැමිණි ඔරුව එතැනදී ගලක් බවට පත්වූයේ යැයි ජන විශ්වාසයක් පවතී. එතැනට පැමිණි කතරගම දෙවියන් එහි සිටි ජනයා විසින් නොතැකූ නිසා මේ දුෂ්කර මග ගෙවා කතරගමට පැමිණි බව ජනප්‍රවාදයේ යෙදෙයි. ඒ නිසා තමන් පිළිනොගත් අය තමන්ගේ පිහිට ඉල්ලා එන විට තමන් පැමිණි ආකාරයටම පැමිණිය යුතු යැයි කතරගම දෙවියන් දුන් දඬුවමක් ලෙස මේ පා ගමන එන බවට ද ජනප්‍රවාදයේ විශ්වාසයක් පවතී.

මේ ගමනේදී වන්දනාකරුවෙක් වේවා,(හින්දු ආගමික නොවන) සංචාරකයෙක් වේවා ඔහුට හෝ ඇයට මේ ගමන බොහෝ අත්දැකීම් ලබාදෙන ඉතාමත් වැදගත් ගමනක් වේවි. කර්කෂ පරිසරයක ගමන් කිරීමේදී මුහුණ දෙන සිදුවීම්, පරිසරයට තිබෙන කැමැත්ත,ගහකොළ හදුනාගැනීමට තිබෙන කැමැත්ත, පරිසර හිතකාමී පරිසරයේ සතා සිවුපාවා මිනිස් ජීවිතය හා කෙතරම් සමීප බැඳීමක් ඇද්ද යන්න ,හින්දු ජනයාගේ ඇදහිලි ,සංස්කෘතික අංග,විශ්වාසයන් හදුනා ගෙන දැකබලා ගැනීම වැනි කාරණා බොහෝමයක් අවබෝධ කර ගත හැක.

අනාදිමත් කාලයක සිට හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සිදුකරන මෙම පා ගමනට මෑතක සිට සොබාදහමට මෙන් ම චාරිකාවලට කැමති විවිධ පිරිස් ද එකතුවීමටත් පටන් අරන්. ඒ අතර විදේශිකයන්ද සිටී.

අපිත් මෙවර පාදා යාත්‍රාවට සම්බන්ධ වෙනවා , මස් මාංශ පිළී වලින් වැලකී දින 07 ක් පේ වී වන්දනාකරුවන් විදියට ඔකන්ද මුරුගන් දේවාලයේ ඉදන් කතරගම දක්වා.මේ ගමන පුරාවටත් කිසිදු ආකාරයක පිළී ආහාර නොගෙන මෙම වන්දනාව නිමා කළ යුතුයි.

මේ ගමනේදී සංචාරකයෙක් හෝ ,වන්දනාකරුවෙක් විදියට අවුරුද්දකට එක් වතාවක් මෙම පාද යාත්‍රාවේ පමණක් ලැබෙන "කුමන ජාතික වනෝද්‍යානයත්" , යාල ජාතික වනෝද්‍යානයත් අතර (පළාත් 2ක් අතර ) පා ගමනින් ගමන් කිරීමට අවස්ථාව හිමිවේ.

පාද යාත්‍රා ගමන් මාර්ගය වැටී තිබෙන අතිශය සංවේදී පරිසර පද්ධතීන් කලාපයක් තමයි කුඩුම්බිගල(පානම) , කුමන , යාල ජාතික වනෝද්‍යානයන්.විශේෂයෙන් යාල කලාප අංක 02 ට ඇතුල් වීමට පුළුවන් වන්නේ මෙම පාද යාත්‍රාවට පමණයි.යාල කලාප අංක 02 යනු වන සතුන්ට නිදැල්ලේ සිටීමට ඉඩ හැර ඇති ප්‍රදේශයකි. පාද යාත්‍රාවේ පැමිණි බැතිමතුන් වෙනුවෙන් කුමන ජාතික වනෝද්‍යානයේ ගල්ගේ පිවිසුම විවෘත කරනු ලැබුවා පසුගිය ජුනි 30 වනදා.නැවත අවසන් රන්දෝලී පෙරහැරට දින පහකට පමණ පෙර කුමන ජාතික උද්‍යානයෙන් පාද යාත්‍රාව සදහා පිවිසුම වසා දමයි..

මෙම ස්ථානයේදි යුධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සංඛ්‍යාවක් විදියට ගණනය කරනවා මෙම ස්ථානයෙන් වනොද්‍යානය තුළට ඇතුල් වෙන සියලුම නඩ සහ ඔවුන්ගේ තොරතුරුද ලබාගන්නවා.ඒ වගේම යාල වනෝද්‍යානයෙන් කතරගම බලා පිටවීමේදීද පිටවන සංඛ්‍යාව ගණනය කරනවා.කෙසේ නමුත් අවසන් පෙරහැරට පෙර දිනයේ යාල කටගමුව පරිශ්‍රයෙන් , කුමනින් ඇතුළු වූ සියලුම නඩ පිටව යා යුතුය.

පළමු දින ඔකන්ද මුරුගන් දේවාලයේ සිට කුමන ජාතික වනොද්‍යානය හරහා යෝධ ලිප(Giant Hearth-Stone) , බාගුරා වැව - පාලම(Bagura wooden bridge) , කුමන විල්ලු , කුරුළු පාරාදීස පසු කරමින් 21KM ආසන්න දුරක් ගෙවා දමමින් කුඩා කැබිලිත්ත දේවාලය (Kumukkan Amman kovil - குமுக்கன் அம்மன் கோவில்) කුඹුක්කන් ඔය අසල රාත්‍රිය ගත කිරීමට නැවතුනා.
(කුඹුක්කන් ඔයෙන් නැගෙනහිර පළාතත් දකුණු පළාතත් වෙන් කෙරෙනවා)

පාද යාත්‍රාවක් ආරම්භ කිරීම මානසිකව හා ශාරීරිකව අභියෝගාත්මක වන්නේ:

අධික උෂ්ණත්වය සහ විජලනය වීමේ අවදානම: ඔබේ ලුණු පරිභෝජනය පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.
දුෂ්කර භූමි ප්‍රදේශ: හිරුට නිරාවරණය වන නිම්න, ජල හරස් මාර්ග සහ වැලි සහිත මාර්ග බලාපොරොත්තු වන්න.

ඔබ ප්‍රමාණවත් තරම් ජීවනි ජලය පානය කිරීමටත් වග බලා ගන්න.

“If you respect nature and cause it no harm, it will not harm you in return.”

🔸 Day 1: Kumana Entrance to Kuda Kabliththa : 22 Km

© Unforgettable SriLanka 2024. Unauthorized reproduction or distribution of this content is strictly prohibited. Legal action will be taken against violators.

SUBSCRIBE ‪@UnforgettableSriLanka‬
Instagram 🔸
https://www.instagram.com/gayan_shyam...

Facebook 🔹
  / unforgettablesl  

TikTok 🔹
https://www.tiktok.com/@g_shyamal?_t=...

Thanks for watching!
#gayanshyamal #unforgettablesrilanka #katharagama #padayatra #okada #srilankatravel #srilanka #srilankatrip #srilankatourism #visitsrilanka #travelsrilanka #discoversrilanka #srilankabeauty

Kataragama Pada Yatra | කතරගම පාද යාත්‍රාව | Foot Pilgrimage 2024 Part 01

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Kataragama Pada Yatra | කතරගම පාද යාත්‍රාව | Foot Pilgrimage 2024 Part 02 #okada to #katharagama

Kataragama Pada Yatra | කතරගම පාද යාත්‍රාව | Foot Pilgrimage 2024 Part 02 #okada to #katharagama

ПУТОРАНА. Светлогорск - Норильск. Часть-3. Хаканча

ПУТОРАНА. Светлогорск - Норильск. Часть-3. Хаканча

MH370 НАЙДЕН: Первые данные с черного ящика (Прорыв 2025 года)

MH370 НАЙДЕН: Первые данные с черного ящика (Прорыв 2025 года)

Мирные переговоры как кость в горле

Мирные переговоры как кость в горле

ЧУРЧХЕЛА — Настоящий рецепт от А до Я

ЧУРЧХЕЛА — Настоящий рецепт от А до Я

Hawagala Camping #Hawagala#Pahanthudawa #Balangoda#SriLankaTravel#Adventure#Waterfall#Mountains

Hawagala Camping #Hawagala#Pahanthudawa #Balangoda#SriLankaTravel#Adventure#Waterfall#Mountains

Menik gagen pen sanasa | මැණික් ගඟෙන් පැන් සනසා

Menik gagen pen sanasa | මැණික් ගඟෙන් පැන් සනසා

Самые необычные места и явления на Земле! Чудеса природы!

Самые необычные места и явления на Земле! Чудеса природы!

УЛАН-БАТОР. Как живут в самой МАЛОНАСЕЛЁННОЙ стране мира. МОНГОЛИЯ. Пустыня Гоби, верблюды и НИЧЕГО

УЛАН-БАТОР. Как живут в самой МАЛОНАСЕЛЁННОЙ стране мира. МОНГОЛИЯ. Пустыня Гоби, верблюды и НИЧЕГО

Yala National Park | Sri Lanka l Travel With Shen | Travel Vlog

Yala National Park | Sri Lanka l Travel With Shen | Travel Vlog

පාදයාත්‍රාව ගැන දැන ගතයුතු මූලික කරුනු | Essential Tips for #Padayatra Pilgrimage

පාදයාත්‍රාව ගැන දැන ගතයුතු මූලික කරුනු | Essential Tips for #Padayatra Pilgrimage

Kataragama Pada Yatra | කතරගම පාද යාත්‍රාව | Foot Pilgrimage 2024 Part 03 Okada to Kataragama

Kataragama Pada Yatra | කතරගම පාද යාත්‍රාව | Foot Pilgrimage 2024 Part 03 Okada to Kataragama

Kothalagala Mountain | Walapane Hike & Camping | වලපනේ නිදහස් නිසලංක සුන්දර කදවුරු භූමිය

Kothalagala Mountain | Walapane Hike & Camping | වලපනේ නිදහස් නිසලංක සුන්දර කදවුරු භූමිය

අලිත් එක්ක ගිය සිතුල්පව්ව ගමන | Sithulpawwa Katharagama

අලිත් එක්ක ගිය සිතුල්පව්ව ගමන | Sithulpawwa Katharagama

Kataragama Pada Yatra | කතරගම පාද යාත්‍රාව 2025

Kataragama Pada Yatra | කතරගම පාද යාත්‍රාව 2025

Ohiya.The most fascinating road in Sri Lanka 🍃 | ලංකාවේ අද්භුතම පාරක් දිගේ ඔහියට ගිය ගමන. VLOG#06

Ohiya.The most fascinating road in Sri Lanka 🍃 | ලංකාවේ අද්භුතම පාරක් දිගේ ඔහියට ගිය ගමන. VLOG#06

යාපනේ ඉඳන් කතරගමට එන පාද යාත්‍රාව🌿Paada yathra from jaffna to katharagama

යාපනේ ඉඳන් කතරගමට එන පාද යාත්‍රාව🌿Paada yathra from jaffna to katharagama

Чукотка 2025. Часть 7. Сплав по Энмывааму.

Чукотка 2025. Часть 7. Сплав по Энмывааму.

අමුතු ගමන දවස් 4 ක් | Daily Vlog | Kilinochchi | Reecha Farm

අමුතු ගමන දවස් 4 ක් | Daily Vlog | Kilinochchi | Reecha Farm

15 ДНЕЙ В ЛЕСУ | Выживание среди медведей | ДАЛЬНИЙ ВОСТОК

15 ДНЕЙ В ЛЕСУ | Выживание среди медведей | ДАЛЬНИЙ ВОСТОК

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]