මේ කාලයේ බහුල ස්වභාවික විපත් රෝගපීඩා වලින් ගැලවෙන මඟ | Kelaniye Sasanawansa Thero | Dharmadeshana 54
Автор: Dharmadeshana ධර්ම දේශනා
Загружено: 2025-04-17
Просмотров: 5291
අධම්මික සූත්‍රය | Ven Kalaniye Shasanawansha Thero | Bana
ධර්ම දේශනාවේ සාරාංශය | Summary of the Dhamma Sermon
අධම්මික සූත්‍රය |
මේ ලෝකයේ, යම් කලෙක රජවරු අධාර්මික වෙනවිට, එසමයෙහි රජුට අනුව කටයුතු කරන්නෝ ද අධාර්මික වෙති. රජුට අනුව කටයුතු කරන්නන් අධාර්මික වූ කල්හී බ්‍රාහ්මණ ගෘහපතිවරු ද අධාර්මික වෙති. බ්‍රාහ්මණ ගෘහපතිවරුන් අධාර්මික වූ කල්හි නිගම ජනපදවාසීහු ද අධාර්මික වෙති. නිගම ජනපදවාසීන් අධාර්මික වූ කල්හී හිරු සඳු දෙදෙන ද විෂමාකාරයෙන් පායයි. හිරු සඳු දෙදෙන විෂම ආකාරයෙන් පායන කල්හී නැකත් තරු ආදිය ද විෂමාකාරයෙන් පායයි. නැකත් තරු ආදිය ද විෂමාකාරයෙන් පායන කල්හී දිවා රාත්‍රී කාලය ද විෂමාකාරයෙන් ගෙවෙයි. දිවා රාත්‍රී විෂාමාකාරයෙන් පවතින විට මාසය, අඩමස ආදිය විෂමාකාරයෙන් ගෙවෙයි. මාසය, අඩමස ආදිය විෂමාකාරයෙන් පවතින විට වසරෙහි ඍතු භේදය ද විෂමාකාරයකට පත්වෙයි. විෂම වූ ඍතු භේදයක් වසර පුරා ඇති කල්හී විෂම අයුරින් සුළං හමයි. නොමගින් සුළං හමයි. විෂම අයුරින් සුළං හමන කල්හී, නොමගට සුළං හමන කල්හී දෙවියෝ කිපෙති. දෙවියන් කෝප වුණු කල්හී නිසි අයුරින් වැසි දහර නොවසියි. නිසි අයුරින් වැසි දහරාවන් නොවසින කල්හී ගොයම් විෂම අයුරින් පැසෙයි. මහණෙනි, විෂම අයුරින් පැසුණු ගොයමින් ලද ආහාර අනුභව කරන මිනිස්සු අල්ප ආයුෂයෙන් යුතු වෙති. දුර්වර්ණ වෙති. දුර්වල වෙති. බොහෝ රෝගාබාධ සහිත වෙති. මෙවන් වූ අධාර්මික දේ නිසා විනාශයද, ධාර්මික වීම නිසා සෞභාග්‍යද උදාවෙන බව මෙම සූත්‍රය තුළින් මනාව දේශනාකර තිබේ.
🌐ධර්මදේශනා යූටියුබ් නාළිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.
🟥🔴YouTube / @dharmadeshana-new
🌐ධර්මදේශනා ෆේස්බුක් සමූහය සමඟ එක් වීමට.
🟦🔵Facebook / about
පින්වත් බෞද්ධයන්ගේ පරම බලාපොරොත්තුව වන්නේද,
බෞද්ධ දර්ශනයේ මූලික අරමුණ වන්නේද උත්තම නිර්වාණයයි.
සංසාර දුක නැමති අන්ධකාරයෙන් මිදීමට ඇති එකම මඟ නිර්වාණයයි.
දහම් කරුණු අවබෝධ කර ගනිමින් ලොව්තුරා සත්‍ය දහම අවබෝධ කරගෙන
අප්‍රමාදී ව ධර්මයේ හැසිරීමට ක්‍රියාකළ යුතුය යනු සිතුවිල්ල ජනිත කර ගැනීමටත්,
උතුම් මාර්ගඵල නිවන අවබෝධයටත්,
ධර්මදේශනා නාළිකාවේ දේශනා ඔබට උපකාරයක්ම වේවා..!
#Bana #dharmadeshana #dharmadesana #banakatha
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: