තරහ වෙන්නට එපා
Автор: Hemal Jayawickrama
Загружено: 2021-10-22
Просмотров: 40
මෙම ගීතය සිඩ්නි නුවරින් බිහිවූ ගීතයකි. ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න මහා සංගීතඥයා විසින් නිර්මාණය කළ ගීයකි. මා සංගීතයෙහි මුල් පාඩම් ඉගෙන ගත්තේ ඔහුගෙනි.
සිඩ්නි නුවර පැවැත්වූ ස්වතන්ත්‍ර ගීත ප්‍රසංගයේ දී මා ඔහුට ගෞරවය පා මෙම ගීතය ගායනා කළෙමි.
ගීත රචනය: ආචාර්ය මිත්‍රා ප්‍රනාන්දු
තරහ වෙන්නට එපා සොඳුරියෙ අපේ පෙම් ලොව අගුළු දමුවට
ඔබෙන් සැඟවී කලක් හිටියේ ඔබට ඔබෙ සිතා හදා ගන්නට
දෙපා නැතිවුන දුක මකාගෙන ඔබව සිහිවෙන සෑම මොහොතක
කෙසේ එන්නද පුරුදු වෙරළට අසීරුයි මගෙ රෝද පුටුවට
සිතේ වෙනසක් නැතේ ඔබෙ අත මගේ මිතුරෙකු දිනා ගත්තට
නෙතේ කඳුළැලි වසාගෙන මට හැකිය සුභ ආසිරි පතන්නට
දෙපා නැති මා ඔබට හිමි නැත අපේ ඉරණම දුරින් ඉන්නට
රටේ අසරණ දහස් ගණනින් නසන්නට අණ දුන්න රකුසන්
සැහැසි මැරවර කැළට එරෙහිව නැගී ඉන්නට ඔබට හැකිනම්
එයයි සොඳුරියෙ එකම අයැදුම අපේ මළ සොහොයුරන් වෙනුවෙන්
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: