Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අපණ්තක ජාතකය | Viridu Bana | M V Gunadasa | Tv Lanka

Автор: TV Lanka

Загружено: 2020-11-18

Просмотров: 39077

Описание:

භාග්‍යවත් වූ තිලෝගුරු සම්‍යක් සම්බුදු රජානන් වහන්සේ ජේතවන මහා විහාරයෙහි දිව්‍ය බ්‍රහ්ම ආර්ය ඊයාර්ය පථ සංඛ්‍යාත විහරණයන් අතුරෙන් එක්තරා විහරණයකින් දවස් යවන සේක් අනේපිඩු මහා සිටානන්ගේ යහළු වූ පන්සියයක් තීර්තක ශ්‍රාවකයන් අරභයා මේ අපණ්නක ජාතක ධර්ම දේශනාව වදාල සේක. එක් දවසක් අනේපිඩු මහා සිටානෝ තමන්ගේ යහළු වූ පන්සියයක් තීර්තක ශ්‍රාවකයන් කැඳවාගෙන බොහෝ ගධ දුම් මල් පහන් හා ගිතෙල් මී උක් සකුරු හා සිවුරු පිළි ආදීය ගෙන්වාගෙන ජේතවනයට ගොස් බුදුරජානන් වහන්සේට නමස්කාර කොට මල් සුවඳ ආදීයෙන් පූජා කොට ගිතෙල් ආදී වූ බෙහෙත් බඩු හා සිවුරු පිළිද භික්ෂු සංඝයා වහන්සේට පිළිගන්වා නපච්චතෝන පූරතෝ යනාදී සය වැදෑරුම් වූ මිසත්‍ය දෝෂ දුරු කොට එකත් පස්ව හුන්නාහුය. ඒ අන්‍ය තීර්තක ශ්‍රාවකයෝ බුදුන්ට නමස්කාර කොට බුද්නගේ පුන් සඳ මඩලක් බඳු වූ සශ්‍රික මුඛය හා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසිත්‍යාණු ව්‍යජන ඛ්‍යාම ප්‍රභා කේතු මාලා ලංකාරයෙන් විරජ මාන වූ බ්‍රහ්ම ශරීර හා කරකැවි යුවල යුවල නික්මෙන්නා වූ ඝන බුද්ධ රශ්මී බල බලා අනේපිඩු මහා සිටානන් සමීපයෙහි උන්නාහුය. එකල්හි ඔවුන්ට බුදුහු රත් ගල් තලාවක හිඳ සිංහ නාද කරන්නා වූ අභිත කේෂර සිංහ රාජයෙක් මෙන්ද මේඝ කාලයෙහි මහාවර්ෂාවක් වස්නා කලක් මෙන්ද ආකාශ ගංගාවක් බානා කලක් මෙන්ද රුවන් දමක් ගොතන්නාහූ මෙන් ද අශ්ඨාංගයෙන් සමන්විත වූ ශ්‍රවණීය වූ මනෝඥ වූ බ්‍රහ්ම ස්වරයෙන් නානානය නිපුණ විචිත්‍ර වූ මදුර වූ ධර්ම දේශනාවකට වදාල සේක. ඒ තීර්තක ශ්‍රාවකයෝ බුදුන්ගේ ධර්මය අසා ප්‍රසන්න වූ සිත් ඇතිව නැගී සිට දස බලදාරී වූ බුදුන්ට නමස්කාර කොට තීර්තක ලබ්දිය හැර බුදුන්ගේ සරණ ගියහ.
ඔහු එතැන් පටන් ඇමකලම අනේ පිඬු මහ සිටානන් හා සමග සුවඳ මල් ආදිය ගෙන විහාරයට ගොස් බණ අසති. දන් දෙති. සිල් රක්ෂා කෙරෙති. පෙහෙවස් වෙසෙති. ඉක්බිත්තෙන් බුදූහූ සැවැත් නුවරින් රජගහ නුවරට වැඩි සේක. එකල්හි ඒ තීර්තක ශ්‍රාවකයෝ බුදුන් රජගහ නුවරට වැඩි කල්හි බුදුන්ගේ සරණය හැර නැවත අන්‍ය තීර්තකයන්ගේ සරණ ගෙන තමන්ගේ මුල සරණයේහිම පිහිටියාහ. බුදු රජානන් වහන්සේගේත් සත් අටමසක් කල් ගෙවා යවා නැවත ජේතවනයට වැඩි සේක. අනේ පිඩු මහ සිටානෝත් නැවත ඔවුන් කැඳවාගෙන බුදුන් සමීපයට ගොස් වැඳ සුවඳ මල් ආදීයෙන් පූජා කොට බුදුන්ට නමස්කාර කොට එකත් පස්ව උන්නාහුය. ඒ තීර්තක ශ්‍රාවකයෝ ත් බුදුන් වැඳ එකත්පස්ව හුන්නාහුය. එකල්හි ඔවුන් බුදුරජානන් වහන්සේ සැරි සරා වැඩි කල්හි ගන්නා ලද සරණ හැර නැවත අන්‍ය තිර්තකයන්ගේ සරණ ගැන මුලස්ථානයෙහි පිහිටි බව අනේපිඩු මහ සිටානෝ බුදුන්ට දැන්වූහ. එකල්හි සර්වඥයන් වහන්සේ ප්‍රමාණාතික්‍රාන්ත වූ කාලයෙහි අතරක් නැති කොට පවත්වන ලද වාක් සුචරිතානු භාවයෙන් දිව සුවඳින් සුවඳ කැවු නොයෙක් සුවඳින් පිරුණු රුවන් කරඬුවක් හරින කලක් පරිද්දෙන් මුඛ පත්මය විවෘත කොට මදුර ස්වර විහිදුවමින් සැබෑද උපාසක වරුණි. තොපි රත්නත්‍රයෙහි සරණ හැර අන්‍ය තීර්තකයන්ගේත් සරණ
ගියෙදැයි විචාරා වදාල සේක. එකල්හි තමන් කල කාර්ය හඟ වන්නට අසමර්ථ වූ ඔවුන් විසින් සැබැව ස්වාමිනි. බුදුහු උපාසක වරුන්ට ආමන්ත්‍රණය කොට එම්භා උපාසක වරුණි. යටින් අවිචිය හා මත්තෙන් භවාග්‍රය කෙළවර කොට සරසින් අනන්තාපරිමාන සක්වලහෙි සීල සමාධි ප්‍රඥා වූ ගුණයෙන් බුදුන් හා සමකෙනෙක් නැත. බුදුන්ට වඩනා කෙණෙක්ම නැත. මෙසේ උත්තම ගුණයෙන් සමන්විත වූ රත්නත්‍රය සරණ ගිය උපාසක කෙනෙක් වේවා යි උපාසිකා කෙනෙක් වේවායි නරකාදී වූ සතර අපායෙහි උපදිනා හු නොවෙති. අපායොත්පත්තියෙන් මිදි දිව්‍ය ලෝකයෙහි ඉපිද මහා සම්පත් අනුභව කෙරෙති. එසේ හෙයින් තොපි ඇම දෙනා මෙබඳු සරණ හැර අන්‍ය තීර්තකයන්ගේ සරණ යන්නවුන් විසින් කල සේ නපුරැයි වදාලසේක.
තවද උපාසක වරුනි බුද්ධානුස්මෘති ධර්මානුස්මෘති සංඝානුස්මෘති කර්මස්ථාන එනම් ශෝතාපත්ති ඵලය දෙන්නේය. සකෘද්ධාගාමී මාර්ගය හා සකෘද්ධාගාමී ඵළය දෙන්නේය. අනාගාමි මාර්ගය හා අනාගාමි ඵලය දේනේය. අර්හත් මාර්ගය හා අර්හත් ඵළය දෙන්නේයැයි මේ ආදි වූ කාරණයෙනුත් ධර්ම දේශනා කොට මෙබඳු රත්නතරය සරණ බිඳපු තොප විසින් නොකල මනා දෙයක් කරණ ලදැයි වදාල සේක. මෙසේ භාග්‍යවත් වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ අනේක ප්‍රාකාරයෙන් උපාසක වරුන්ට අවවාද කොට උපාසකවැරනි පළමුත් මන්ෂ්‍යයෝ අසරණය සරණයයි විරූඩ ග්‍රහනය ගෙන අමුනුශ්‍යයෝ පරිගෘහිත වූ කාන්තාරයෙහි යක්ෂයන්ට ගොදුරුව මහා විනාශයට පැමිණියෝය. සරණ යෑම සරණයයි ඒකාන්ත කොට අවිරූඩ ග්‍රහණය ගත්තා වූ මනුෂ්‍යයෝ ඒකාන්තාරයෙහි ස්වාසස්ථානයට පැමිණියෝ වේදැයි වදාරා මුවෙන් නොබැන වැඩ උන් සේක. එකල්හි අනේපිඩු මහා සිටානෝ හුනස්නෙන් නැගී සිට බුදුන්ට වැඳ ස්තූති කොට දොහොත් මුදුනෙහි තබා ස්වාමීනි දැන් වූ කලි මේ උපාසක වරුන්ගේ උතුම් වූ රත්නත්‍රය සරණ හැර විරුඩ ග්‍රහණය අපට ප්‍රකාශය. පූර්වෙහි යක්ෂාදිගෘහිත වූ කාන්තාර මාර්ගයෙහි විරූඩ ග්‍රාහින්ගේ විනාශය හා අවිරූඩ ග්‍රහිතව වූ මනුෂ්‍යයන් ස්වාසස්ථානයට පැමිණි බව අපට සැබවී තිබෙන්නේය. නුඹ වහන්සේටම
ප්‍රකාශය. ස්වාමීනී යාඤ්ඤා කරම්හ. පින්වත් වූ සර්වඥයන් වහන්ස. ආකාශයෙහි පුන් සඳ මඩල නගා පානා කලක් මෙන් මේ කාරණය ප්‍රකාශ කොට වදාල මැනවයි ආරාධනා කළාහුය. ඉක්බිත්තෙන් බුදුහු මා විසින් සිටානෙනි අප්‍රමාණ කාලයක් මුළුල්ලෙහි දස පාරමිතාවන් පුරා ලෝක වාසීන්ගේ සැක දුරු කරන පිණිසම සර්වඥතා ඥානය ප්‍රතිවේදය කරන ලද්දේය. සිංහ තෛලයෙන් රන් නලක් පුරවන්නාක් මෙන් සකස් කොට කන් නමා අසවයි සිටානන්ට සිහි උපදවා හිම ගර්භයක් පලා පුන් සඳ මඩල පිටත් කොට පාන්නක් මෙන් භවාන්තරයෙන් සැඟ වූනාවූ කාරණය ප්‍රකාශ කොට වදාල සේක.

Like us on Facebook
  / tvchannelsrilanka  

#tvlanka

අපණ්තක ජාතකය | Viridu Bana | M V Gunadasa | Tv Lanka

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

දුරුතු පසළොස්වක පොහොය දින Tv Lanka ගෙන එන විරිඳු බණ Chulla Hansa Jathakaya | M V Gunadasa

දුරුතු පසළොස්වක පොහොය දින Tv Lanka ගෙන එන විරිඳු බණ Chulla Hansa Jathakaya | M V Gunadasa

#විදුර ඡාතකය|#vidura jathakaya|#විරිදු බණ|#m v gunadasa|#viridu bana mp3|#ශ්‍රී සද්ධර්ම ලංකා

#විදුර ඡාතකය|#vidura jathakaya|#විරිදු බණ|#m v gunadasa|#viridu bana mp3|#ශ්‍රී සද්ධර්ම ලංකා

මහා සුතසෝම ජාතකය | viridu bana | relaxing  video | Fish

මහා සුතසෝම ජාතකය | viridu bana | relaxing video | Fish

නාලාගිරි දමනය විරිදු බන,nalagiri damanaya viridu bana,niwan#maga,නිවන්මග

නාලාගිරි දමනය විරිදු බන,nalagiri damanaya viridu bana,niwan#maga,නිවන්මග

රට්ටපාල ජාතකය | Viridu Bana | Rattapaala Jathakaya | M V Gunadasa | Tv Lanka

රට්ටපාල ජාතකය | Viridu Bana | Rattapaala Jathakaya | M V Gunadasa | Tv Lanka

මහා කපි කතා වස්තුව - Maha Kapi Jathakaya | M V Gunadasa | විරිඳු Viridu @Samayama

මහා කපි කතා වස්තුව - Maha Kapi Jathakaya | M V Gunadasa | විරිඳු Viridu @Samayama

Sanda Kinduru Jathakaya සඳකිඳුරු ජාතකය

Sanda Kinduru Jathakaya සඳකිඳුරු ජාතකය

කච්චානි ජාතකය | Kachchani Jathakaya | ධර්මය මැරිලා නෑ... | Ven.walimada saddhaseela thero

කච්චානි ජාතකය | Kachchani Jathakaya | ධර්මය මැරිලා නෑ... | Ven.walimada saddhaseela thero

බත්බැලයාණෝ කතා පුවත | Viridu Bana | විරිඳු බණ | M V Gunadasa

බත්බැලයාණෝ කතා පුවත | Viridu Bana | විරිඳු බණ | M V Gunadasa

ගැහැණු ගැටේ හෙවත් චන්ද්‍රපාල කුමරුගේ කතාව | ඇම්. වී. ගුණදාස  | විරිඳු (Wirindu)

ගැහැණු ගැටේ හෙවත් චන්ද්‍රපාල කුමරුගේ කතාව | ඇම්. වී. ගුණදාස | විරිඳු (Wirindu)

#රඡ්ඡුමාලා කතා වස්තුව|#Rajjumala kathawa|#විරිදු බණ|m v gunadasa|#ශ්‍රී සද්ධර්ම ලංකා|#viridu bana

#රඡ්ඡුමාලා කතා වස්තුව|#Rajjumala kathawa|#විරිදු බණ|m v gunadasa|#ශ්‍රී සද්ධර්ම ලංකා|#viridu bana

Viridu Bana | මඛාදේව ජාතකය | M V Gunadasa | Tv Lanka

Viridu Bana | මඛාදේව ජාතකය | M V Gunadasa | Tv Lanka

#සමිබුලා ඡාතකය|#sambula jathakaya|#විරිදු බණ|#viridu bana mp3|#ඇමි වි ගුණදාස|#ශ්‍රී සද්ධර්ම ලංකා

#සමිබුලා ඡාතකය|#sambula jathakaya|#විරිදු බණ|#viridu bana mp3|#ඇමි වි ගුණදාස|#ශ්‍රී සද්ධර්ම ලංකා

Premawathie Manamperi/ප්‍රේමවතී මනම්පේරි/විරිදුවෙන් කතාව /max1lanka

Premawathie Manamperi/ප්‍රේමවතී මනම්පේරි/විරිදුවෙන් කතාව /max1lanka

කාගම සිරි නන්ද හිමි විසින් අද දින පවත්තන ලද ධර්ම දේශනය / kagama sirinanda himi /in Broker huB

කාගම සිරි නන්ද හිමි විසින් අද දින පවත්තන ලද ධර්ම දේශනය / kagama sirinanda himi /in Broker huB

Viridu Bana | Vanara Jathakata | MV Gunadasa

Viridu Bana | Vanara Jathakata | MV Gunadasa

කට්ඨාරි ජාතකය - Katthari Jathakaya | Samayama

කට්ඨාරි ජාතකය - Katthari Jathakaya | Samayama

මහා මයුර ජාතකය විරිදු බණ | Maha Mayura Jathakaya Viridu Bana | Sadaham Mihira

මහා මයුර ජාතකය විරිදු බණ | Maha Mayura Jathakaya Viridu Bana | Sadaham Mihira

iti kumari kata puwata | කවි බණ | ඉටි කුමරි කතා පුවත.|gihan max

iti kumari kata puwata | කවි බණ | ඉටි කුමරි කතා පුවත.|gihan max

පිරිමි අපට වැරදුනේ පුතා ගෑනුන්ව විශ්වාස කරන්න ගිහින් අහන්නම ඕනේ කාලීන ධර්ම දේශනයක්කාගම සිරිනන්ද හිමි

පිරිමි අපට වැරදුනේ පුතා ගෑනුන්ව විශ්වාස කරන්න ගිහින් අහන්නම ඕනේ කාලීන ධර්ම දේශනයක්කාගම සිරිනන්ද හිමි

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]