Thaththa's 60th Birthday Celebration | One of My Hero ❤️
Автор: Mille Vlogs
Загружено: 2025-02-22
Просмотров: 120
Thaththa’s 60th birthday celebration ❤️
Happy 60th Birthday තාත්තා & Happy Retirement 👮♂️
ගාල්ල මහින්ද විදුහලෙන් අධ්‍යාපනය ලබා, වසර 40කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට විශිෂ්ට සේවාවක් ඉටු කොට අද දින පොලිස් පරීක්ෂකවරයෙක් (Inspector of Police) ලෙස, (Officer in charge of Karapitiya Hospital Post) විශ්රාම දිවියට පිවිසෙන ඔබට නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් හා සුභ විශ්රාම දිවියක් ප්‍රාර්ථනා කරමි.
තම දෙමව්පියන්ට ආදරණීය පුතෙක්, තම බිරිදට ආදරණීය සැමියෙක්, මට සහා මල්ලිට ආදරණීය පියෙක්, තම සහෝදරයන්ට ආදරණීය සහෝදරයෙක් සහා මුලු මහත් සමාජයටම නීති ගරුක විශිෂ්ට පොලිස් නිළධාරියෙක් 🫡, තාත්තට හැමෝම ආදරේට කිව්වේ පොලිස් අයියා කියලා 😊, මම මේ වචන type කරද්දී සංවේදී වෙන්නේ සතුට වැඩිකමට වෙන්න පුළුවන් 🥺...
ඇත්තටම මට මගේ අවුරුදු 28 පුරාවට තාත්තා සහා අම්මා කරපු කැපකිරීම් වචන වලට පෙරලන්න අමාරුයි. ලංකාවේ අංක එකේ පාසලක් වන ගාල්ල රිච්මන්ඩ් විදුහලට මම සහා මල්ලී අපි දෙදෙනාම අධ්‍යාපනයට යවා, ලංකාවේ අංක එකේ විශිෂ්ටතම විශ්ව විද්‍යාලයෙන් ගෞරව උපාධිධාරියෙක් වෙන තැනට වෙනකන් තාත්තා අම්මා කරපු කැප කිරීම් අසීමිතයි. පුංචි කාලේ වැරද්දක් කරාම අම්මා දඩුවම් කලාට තාත්තා මගේ අවුරුදු 28ටම මට කවදාවත් දඩුවම් කරලත් නෑ මට බැනලත් නෑ. තාත්තා හරිම අහිංසක කෙනෙක් විදියටයි මම දකින්නේ සහා හරිම කලාතුරකින් තමයි සංවේදී වෙන්නෙත්, සමහරවිට දුක, පීඩනය හිතින් දරාගෙන ඉන්නවා ඇති. අපේ මද්දුම තාත්තලා Australia පදිංචියට යන දවසේ විතරයි මම දැක්කේ තාත්තගේ ඇස්වල කදුලු පුරවාගෙන ඉන්නවා 🥺...
මට මතකයි යුද්ධය කාලේ යාපනය (තෙලිප්පලෙයි), අම්පාර ආදී පොලිස් ස්ථාන වල තාත්ත සේවය කරා, ඊට අමතරව ගාල්ල ප්‍රධාන මූලස්ථාන පොලීසිය, පෝද්දල පොලීසිය සහා වර්තමානයේ කරාපිටිය රෝහල් පොලීසිය ආදී ලෙස පොලිස් ස්ථාන කීපයක් තුළ තාත්තා සේවය කරා කියල මට මතකයි. එම සියලුම පොලිස් ස්ථාන වල නිළධාරීන් සියලු දෙනා මට සැලකුවේ එයාලගේම දරුවෙක් විදියට. තාත්තගේ සේවා කාලය තුළ හමූවූ සියලුම දෙනා තාත්තාට සැලකුවේ තාත්තගේ නිලයේ තියෙන ගෞරවයට සහා තාත්තගේ ගති ගුණ වලට. තාත්තත් එක්ක මම bicycle, car එකේ යද්දී මාර්ගයේ රාජකාරී කටයුතු වල නිරත වෙන පොලිස් නිළධාරීන් තාත්තට අචාර කරද්දී (salute) මට නිහතමානී අඩම්බරයක් දැනෙන්නේ තාත්තා ගැන 🥺....
තාත්තා හට තම සේවා දිවිය තුළ උදව් උපකාර කළ සියලුම දෙනා හට ස්තූතිවන්ත වෙමි.
#proudsonmoment
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: