කතරගම ප්‍රාදේශිය සභා සෞඛ්‍ය කම්කරුවන්ට සෞඛ්‍ය පරීක්ෂණයක් Kataragama News
Автор: Kataragama News
Загружено: 2025-08-26
Просмотров: 62
කතරගම ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමන්ගේ ඉල්ලීමකට අනුව කතරගම දිසා රෝහලේ ප්‍රධාන වෛද්‍යයතුමිය ඇතුලු කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් කතරගම ප්‍රාදේශිය සභාවේ සේවයේ නියුතු සෞඛ්‍ය කම්කරුවන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබද විශේෂ පරීක්ෂාවක් සිදු කොට ඔවුන් සදහා අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමේ විශේෂ වැඩසටහනක් සහ ඔවුන්ගේ සෞඛ්‍ය හැසිරීම් පිළිබද විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන අද දිනය පුරාවටම කතරගම ප්‍රාදේශිය සභාවේදී සිදු කෙරේ.
ලක්ෂ සංඛ්‍යාත ජනකායක් පැමිණෙන කතරගම ප්‍රදේශයේ පවිත්‍රතාවය නිරන්තරයෙන් පවත්වගෙන යෑමට මහත් අස්වැසිල්ලක් වන මෙම සෞඛ්‍ය සේවකයින් වෙනුවෙන් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය හොදින්, ආරක්ෂිතව පවත්වාගෙන යෑමට අවශ්‍ය දැනුම ලබා දෙමින් ඔවුන්ගේ වත්මන් සෞඛ්‍ය තත්වය පරීක්ෂාකර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට ගත් මෙම තීරණය පිළිබද සෞඛ්‍ය කම්කරුවන්ගේ දැඩි ප්‍රසාදයට ලක්විය.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: