සිංහල භාෂාව හා සාහිත්‍යය 🌼 අපේ ලෝහ තාක්ෂණයේ යටගියාව 🌼
Автор: හෙළ බසක රූ රටා
Загружено: 2021-09-06
Просмотров: 951
කාබන් 14 කාල නිර්ණය
මීට අවුරුදු දස දහස් ගණනකට හෝ බිලියන ගණනකට පෙර පෘථිවියේ ජීවය කෙසේ පවතින්නට ඇතිද? එවක සිටි සත්වයින් සහ තිබුණු ශාක මොන ආකාරයේ වන්නට ඇත්ද? මේ අභිරහස් විසඳන්නට තියෙන එකම මග තමයි පොසිල. පොසිල කියන්නේ මීට වසර දස දහස් ගණනක් හෝ මිලියන ගණනකට පෙර ජීවත් වූ සත්ව හා ශාක වල දිරාගිය කොටස්වලටයි.මෙවන් පොසිලයක් කෙතරම් පැරණි ද කියලා හොයාගන්න ක්‍රමවේදය තමයි කාබන් 14 කාල නිර්ණය හෙවත් Carbon dating ලෙසින් හදුන්වන්නේ.
මෙය විකිරණශීලී කාලනිර්ණ ක්‍රමවේද වලින් එකක්. කාබන් කාල නිර්ණය සඳහා පදනම් කරගන්නේ කාබන් 14 සමස්ථානිකයේ විකිරණශීලීතාවයයි. මෙවන් ප්‍රාණ වස්තුවක් මරණයට පත් වූ මොහොතේ සිට කාබන් 14 සමස්ථානිකයේ විකිරණශීලීතාවය ද මිය යන්නට පටන් ගන්නවා. විකිරණශීලීතාවය අඩුවීම සිදුවන්නේ එක්තරා රටාවකටයි. එනම් සෑම වසර 5730කට පමණ වරක් එහි විකිරණශීලීතාවය 50%කින් අඩු වෙනවා මෙය half - life ලෙසින් හදුන්වනවා. මේ අනුව සොයාගත් පොසිලය ඇති කාබන් 14 සමස්ථානිකයේ විකිරණශීලී මට්ටම මැන එය එම මූලද්‍රව්‍යයේ ම සාමාන්‍ය තත්වයේ ඇති විකිරණශීලීතාවය සමග සැසදීමෙන් පොසිලයෙහි වයස ගණනය කරනවා. මෙහිදී ගණනය කරන්නේ එම ජීවියා මියගිය අවස්ථාවේ සිට වයසයි.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: