සබ්මැරීනයකින් මුහුදු පතුළට | Exploring Maldives 🇲🇻 | මාලදිවයිනේ සිව්වැන්න | Male Day Tour
Автор: Planet 361 Stories
Загружено: 2025-07-10
Просмотров: 81383
මම කසුන්. planet 361 stories channel එකේ. ඔයාලා ගොඩක් දෙනෙක් මාව අදුනගත්තෙ මගෙ Video game analysis and news channel එක වන @Planet361 නිසා. ඉතින් මම මේ planet 361 stories channel එක හදන්නෙ මගෙ ජීවිතේ විශේෂ දේවල් ඔයාලත් එක්ක බෙදාගන්න. මගෙ ජීවිත කතාව මේ තරම් දුර ආව ගමනෙ ලැබුණ අත්දැකීම් වලින් මේ ගමනම එන්න බලාගෙන ඉන්න අයව ධෛර්යමත් කිරීම තමයි ඒකෙ අරමුණ.
ඒ වගේම මට ලොකු ඉලක්කයක් තියනවා මැරෙන්න කලින් ලෝකයේ රටවල් 100ක සංචාරය කරන්න. අන්න ඒ ගමන්වල අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න එක සහ ඔයාලටත් ඒ වගේ ඉලක්කයක් තියනවනම් ඒකට උදව් කරන එකත් මේ planet 361 stories වල අරමුණක්.
ගිණිකොනදිග ආසියාවෙ රටවල් ගණනාවක සන්චාරයෙන් පස්සෙ අපි හැරුණා දකුණු ආසියාවට. අපේ මේ සුන්දර ගමනාන්තය තමයි මාලදිවයින. දූපත් 1192ක දූපත් රාජ්‍යයක් වන මාලදිවයන, ලන්කාවෙ ඉදන් පැය එකහමාරක ගුවන් ගමනකින් ළගාවෙන්න පුළුවන් රමණීය දූපත් රාජ්‍යයක්. දවස් 5ට සැලසුම් කරපු මේ ගමනට මාත් එක්ක තවත් 3 දෙනෙක් එකතු වුණා. ඔයාල දැනටමත් දන්නව ඒ කවුද කියලා.
මේ ගමනෙදි අපි අද යන්නේ ලෝකෙ ලොකුම මගී සබ්මැරීනය වන Whale Submarine එකේ නැගලා මුහුදු පතුළ බලන්න. ඇත්තටම මම මාලදිවයිනේ ආවෙත් මේකටමයි. මේක අපූරු අත්දැකීමක්
එහෙනම් අපි මෙතනින් එහාට ලෝකය ගවේෂණය කරමු. ඒ ඔයාට මේ ලෝකය පේන අංශක 360 ඇතුලෙ නෙමේ, ඒකෙනුත් එහාට ගිහින්. අපි ඔයාලට නොපෙනෙන ලෝකය පළවෙනි අංශකයේ ඉඳලම පෙන්නන්නවා. ඒ කියන්නෙ අපි planet 361 stories එක්ක අංශක 361න් පටන් ගමු. ජයවේවා ✌
#maldives #sinhala #planet361 #whalesubmarine
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: