ශ්‍රී ඝටීකාර මහසෑ වන්දනා කවි - Sri Ghateekara Mahase Vandana Kavi
Автор: Mahamevnawa
Загружено: 2025-03-25
Просмотров: 9658
2025 අප්‍රේල් මස 12 දින බක් පුන් පොහෝ දා සැදැහැවත් දෙව් මිනිසුන්ගේ වන්දනා මානයට විවෘත වන මාලබේ, පිට්ටුගල බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේ ඉහළ ම මහලේ සුපිහිටි සිරි ඝටීකාර මහසෑයේ සුන්දර දසුන් පෙළක් සහ ඒ වෙනුවෙන් ගැයුණු සුමධුර වන්දනා කව් පෙළක්.
'ඝටීකාර' යනු කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ගිහි උපස්ථායකතුමා ය. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ එකල ජෝතිපාල නම් බ්‍රාහ්මණ තරුණයෙකු ව ඉපිද ඝටීකාර උපාසකතුමා හා මිත්‍ර ව වාසය කළේය. ඝටීකාර උපාසකතුමාගේ මෙහෙයවීමෙන් කාශ්‍යප බුදුරජුන් හමුවට ගිය ජෝතිපාල නම් අප මහබෝසත් තෙමේ එ බුදු සසුනෙහි පැවිදි බව ද ලැබීය. අනාගාමී බවට පත්ව සිටි ඝටීකාර උපාසකතුමා මරණින් මතු සුද්ධාවාස බඹලොව ඉපිද සිටියදී අප බුදුන් හමුවීමට ද පැමිණියේය. ගෞතම බුදුසසුනෙහි චිරස්ථිතිය පිණිස උපකාරී වන ඒ ඝටීකාර මහා බ්‍රහ්මරාජයාගේ නමින් සර්වඥ ධාතු නිධන් කොට තැනුනු සෑය යි මේ ශ්‍රී ඝටීකාර මහසෑය.
මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
Our Website: https://mahamevnawa.lk/
WhatsApp channel: https://whatsapp.com/channel/0029Va7y...
Tripitaka Translations: https://tripitaka.online/
Our Publications : https://mahamegha.store/
#Mahamevnawa #KiribathgodaGnananandaThero #stupa #vandana #kavi
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: