ආදරෙත් එක්ක උයන්න - සෙනසුරාදාවක උයපු දවල් කෑම වේල
Автор: Cook with Love
Загружено: 2023-11-30
Просмотров: 138562
ගෙවුන සෙනසුරාදා දවල් කෑමට මාලු ඇබුල්තිය හදලා, හතු කිරට උයලා, අල බෝංචි එකට තෙල් දාලා, පොල්සම්බෝලයක් හදලා බාස්මති හාලෙන් බත ඉව්වා.
මෙහේ කට්සුඕ කියන මාලු වර්ගේ ඇබුල් තියල් වලට හොදයි කියලා මගේ යාලුවා සුසීමා නංගි කිවේ. මං ඒ මාළු වලින් හදපු දෙවනි වතාව. ඇබුල්තියල් රෙසපි එක නම් මීට කාලෙකට කලින් ෆේස්බුක් ගෲප් එකක ලියලා තිබ්බ රෙසපි එකක්. මං එදා ඉදන් ඒ ක්‍රමේට හදන්නේ. ඒ රෙසපි එකේ ප්‍රමාණයන් දාලා තිබ්බේ නෑ ඕන ප්‍රමාණේ දැම්මේ මගේ ක්‍රමේට. ගොඩක් රසයි දවසක් තියලා කද්දි තවත් රසයි., මගේ අම්මා නම් මිරිස් කුඩු පොඩ්ඩක් බැදලත් මාලු ඇබුල්තියල් එකට දානවා. අපේ ගෙදර උයන්නේ මාලු ඇබුල්තියල් දර ලිපේ. පියන උඩිනුත් අම්මා හොදට ගින්දරේ රත් වුන දර කෑලි ටිකකුත් උඩින් තියලා රත් කරනවා. මාලු ඇබුල්තියක් වලට මං ගත්තු ප්‍රමාණේ පහලින් ලියන්නම්..
මාලු ග්‍රෑම් 700
ගොරකා පේස්ට් මේසහැදි 2 1/2 ක්
ගම්මිරිස් කුඩු තේහැදි 2 ක්
ලුණු කුඩු තේහැදි එකක්
වතුර කෝප්ප කාලක්..
මේ මෙනු එක ගොඩක් රසයි.. පුළුවන් වුනොත් හදලා මටත් රස කියන්න.. ගොඩක් ස්තුතියී මාව අහන් හිටියාටයි බලන් හිටියාටයි..
ආදරෙන්,
හෂී🌸
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: