බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සාගර චතුෂ්කය.
Автор: දහමින් සුවය | Dahamin Suwaya
Загружено: 2024-12-25
Просмотров: 132
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සාගර චතුෂ්කය.
...............................................................................................................
මමය ,මගේය මගේ දරුවාය ,මගේ භාර්යාවය ආදී වශයෙන් වචනාර්ථයෙන් භාවිතා කරන්නේ සමිමුතියයි එහෙත් සමිමුතිය මුලාවකි .අතිදීර්ඝ සංසාරයේ ගමන් කරන්නේ සත්වයෙක් පුද්ගලයෙක් නොව චිත්ත චෙතසික රූප යන පරමාර්ථ ධර්ම සමූහයක්ම වන්නේය.
මොහොතක් පාසා වෙනස්වන ඇතිව නැතිවන නාම රුප ධර්මයන් පිලිබඳව තිලක්ෂණය මෙහෙයවා බැලිය යුතුය. සසර දුකින් එතරවීමට වෙර දරන යෝගාවචරයා නිවරදිව දැනගතයතුයි සත්වයෙක් පුද්ගලයෙ ක් ආත්මයක් කියා දෙයක් නොමැති බව. සත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක් නැත්නමි තීබෙන්නේ පඨවී, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භුතරුප සහ, උපාදාය රුප විසිහතරක්. ඒ විසිඅටවැදැරුමි රුපය තත්පරයක් පාසා වෙනස් වෙනවා. එකී වෙනස්වන ස්වභාවය භාවනාමය නුවණින් දැකගැනීමට යෝගාවචරයා උත්සාහ කලයුතු වෙනවා.
ඉතින් වේදනාවත් චක්ඛු සමිපස්සජා වේදනා, සෝත සමිපස්සජා වේදනා , ඝාණ සමිපස්සජා වේදනා , ජිවිහා සමිපස්සජා වේදනා, කාය සමිපස්සජා වේදනා , මනෝ සමිපස්සජා වේදනා වශයෙන් තත්පරයක් පාසා වෙනස්වෙනවා .එකී වෙනස්වීමත් භාවනා නුවනින් දැකගන්නට යෝගාවචරයා උත්සාහ කලයුතු වෙනවා.
සඤ්ඤාව, රූප සඤ්ඤා, ශබිද සඤ්ඤා, ගන්ධ සඤ්ඤා, රස සඤ්ඤා.පොටිඨබිබ සඤ්ඤා, ධම්ම සඤ්ඤා වශයෙන් තත්පරයක් පාසා වෙනස් වෙනවා. එකී වෙනස්වීමසසර දුකින් එතරවීමට වෙර විරිය වඩන යෝගාවචරයා නුවණින් දැකගැනීමට උත්සාහ කලයුතු වෙනවා.
සංස්කාර, රූප සංචේතනා,ශබිද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොටිඨබිබ සංචේතනා, ධම්ම සංචේතනා වශයෙන් තත්පරයක් පාසා වෙනස් වෙනවා.එකී වෙනස්වීම සසර දුකින් එතරවීමට වෙර දරන යෝගාවචරයා නුවණින් දැකගැනීමට උත්සාහ කලයුතු වෙනවා.
විඤ්ඤාණය , චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිවිහා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය වශයෙන් තත්පරයක් පාසා වෙනස් වෙනවා.එකී වෙනස්වීම සසර දුකින් එතරවීමට වෙර වඩන යෝගාවචරයා නුවණින් දැකගැනීමට උත්සාහ කලයුතු වෙනවා.
ඔබට මොකද හිතෙන්නේ ?.ඔය විදිහට ගෙවි ගෙවි බිදි බිදි යන නාමරූප පරම්පරාව කට තමයි සත්වයා කියලා කියන්නේ ඉතින් ඒ තත්පරයක් පාසා වෙනස්වන්නාවු ස්වභාවයන් දැකගන්නට කලින් සිත එක අරමුණක පිහිටුවා ගන්න වෙනවා .ඒකයි සත්‍ය අවබෝධයට දීර්ඝ කාලයක් ගත වෙන්නේ. නමුත් පුලුවන්.ඉවසීමෙන් යෝනීසෝමනසිකාර යෙන් යුතුව ගමන යා යුතු වෙනවා
තෙරුවන් සරණයි!
...............................................................................................................
Subscribe our You Tube Channel ÷
/ @dahaminsuwaya
Fallow our Facebook page ÷
/ dahaminsuwaya
Join our Facebook group ÷
https://www.facebook.com/groups/59495...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: