gee mini kalasa 58/සරදම් සිනා කිංකිණි/සිසිර සේනාරත්න/ගීතයේ අරුත විමසමු
Автор: Aruna Balasuriya
Загружено: 2025-09-29
Просмотров: 55
ගී මිණි කලස
සුභාවිත ගීතයේ ගේය පද සාහිත්‍යයේ
රස හර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනය
ඉදිරිපත්කිරීම-අරුණ බාලසූරිය
නිෂ්පාදන සහය-පියුමි එදිරිසිංහ
නිෂ්පාදනය-නදීකා ගුණරත්න
ස්වදේශීය සේවයේ නිෂ්පාදනයක්
සරදම් සිනා කිංකිණි හඬ නඟන්නී
පෙර දුන් හිනා මා වෙත නොම හෙළන්නී
කඳුළින් නුවන් පාරා දුක් දෙවන්නී
තවකකු අති අත ගෙන පිය නගන්නී
සැරදේ සදා පෙම්පත මුල පුරන්නී
සුමියුරු සරින් මොන මොනවද කියන්නී
විසිතුරු ලකල් බරණින් රූ වඩන්නී
නොකැළැල් අහිංසක ගති දුරු කරන්නී
පොතපත තුරුල් කරගෙන බඳ සලන්නී
මහවැලි නදී අසපුව බද සරන්නී
සිහිනෙන් ඇවිත් මා හිස පිරි මදින්නී
මිහිදුම් දුහුල් අඳුරේ දුර මැකෙන්නී
ගේය පද-සුනිල් සරත් පෙරේරා
තනුව/සංගීතය/ගායනය-සිසිර සේනාරත්න
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: