නෙලා ගැනුමට නොහැකිවූවද *** suneera sumanga
Автор: Lali Creations
Загружено: 2021-03-19
Просмотров: 28186
ගායනය - සුනීර සුමංග
සංගීතය - කපිල අපරැක්ක
පබැඳුම - නාරද විජයසූරිය
නෙලා ගැනුමට නොහැකිවූවද
අත්හැරීමත් නොවේ ප්‍රේමය..
බලා දුර හිඳ කතා නොකරම
සුසුම් පපුවක හිරකිරීමය..
ඇස්පනාපිට බිඳුනු හීනෙක
ලොවට රහසින් සැරිසැරීමය..//
හිත්පුරා හිඳිනට වරම් නැති
සොඳුරු සයනෙක නිදිවැරීමය..
නෙලා ගැනුමට නොහැකිවූවද
අත්හැරීමත් නොවේ ප්‍රේමය..
ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ
පැරණි පෙම්බස් සිහිකිරීමය..//
පණ පිටින් මුළුසිරුර දන් දී
එකම හිතකට ලොබ බැඳීමය..
නෙලා ගැනුමට නොහැකිවූවද
අත්හැරීමත් නොවේ ප්‍රේමය..
බලා දුර හිඳ කතා නොකරම
සුසුම් පපුවක හිරකිරීමය..
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: