ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති සැඟවුණු පුරාණ රජමහා විහාරය | ඉසිගිලිකන්ද විහාරය
Автор: Her Lens Diary
Загружено: 2026-01-06
Просмотров: 117
මෙම ස්ථානය ''ඉසිගිලි කන්ද'' යන නාමයෙන් යුත් ලෙන් සහිත පර්වතයකි. මෙය ගම්පහ දිස්ත්‍රික්කයේ උඩුපිල, නරම්වල ප්‍රදේශයට අයත් වේ. මෙහි ගිය විට එම කන්ද ඉපැරණි ස්ථානයක් බව වැටහේ. මෙම ස්ථානය ඉසිවරුන්ගේ ගිලීමට හේතු වූ හෙයින් ඉසිගිලි කන්ද යනුවෙන් හැඳින්වූ බව අටුවා වල පෙන්වා දෙයි. තවද මෙම ස්ථානය පසේ බුදුවරුන් වැඩසිටි තැනක් වශයෙන් ප්‍රසිද්දව පැවති බව පැරැන්නන්ගේ මතයයි. මෙම කන්ද මුදුනින් ඇතුලතට පිවිස නොපෙනී යෑමට හෙවත් ගිලීමට ඉතා තාත්වික ලෙස පිහිටා ඇති බව මුලාශ්‍ර වල සඳහන් වේ. ''ඉසි'' ලෙස ඉසිවරුන් ද ''ගිලි'' ලෙස ගිලගත් යන අර්ථයද ගැබ් ව ඉසිවරුන් ගිලගත් කන්ද ''ඉසිගිලි කන්ද'' ලෙස හඳුන්වන්නට විය.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: