සමහරුන්ට අද තමන් කරන රැකියාව අනුව බොරු කියන්න සිදු වෙනවා. එහෙම බොරු කියල ඒ කෙනා සතර අපායට යනකොට..
Автор: Ranmal Lasantha
Загружено: 2025-12-14
Просмотров: 37
Ven Koralayagama Saranthissa Thero - The Buddhist TV 2025-12-14
Mangala Sutta Explanation - Part 04
පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ බෞද්ධයා රූපවාහිනී නාළිකාව 2025-12-07
උතුම් වූ මංගල සූත්‍ර දේශණාව - 04කොටස
පණ්ඩිතයන් ඇසුරු කරන්න කියන කාරණාව අද අපි සාකච්ඡා කරමු
පණ්ඩිතයන් කියන්නේ කව්ද ?
බුදුරජාණන් වහන්සේ, පසේ බුදු රජාණන් වහන්සේලා, මහා රහතන් වහන්සේ, රහතන් වහන්සේ, පිළිවෙලින් මග ඵල ලබාගත් උත්තමයන්, ධර්මානුකුලව ජීවිතය ගත කරන පන්සිල් පද රකින අයට තමයි මේ පණ්ඩිතයන් කියල ධර්මයේ හැඳින්වෙන්නේ
සම්මත ලෝකයේ දැන උගත් නමුත් ධර්ම කරුණු වෙනස් කරලා කතා කරන අය පණ්ඩිතයන් ලෙස ධර්මයේ හඳුන්වන්නේ නැහැ
බටහිර බාහිර ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගෙන ඒ මගින් ඒ දැනුමෙන් ධර්මය විස්තර කරන්න යනවා නම් ඒ කරන කෙනාගේ දෙලොවම හානියට පත් වෙනවා. එවැනි අසත්පුරුෂයන් ගේ අවවාද අනුශාසනා අද බොහෝ දෙනෙකුට අසන්නට ලැබෙනවා
අනුන්ගේ සිත් තුල අමනාප ඇති වෙන්න සත්පුරුෂයා පෙළඹෙන්නේ නැහැ,
කොහොමද පණ්ඩිතයා හඳුනා ගන්නේ
පණ්ඩිත බව හඳුනා ගැනීම සඳහා චරිත 03ක් වෙයි.
මේ ලෝකයේ පණ්ඩිතයා යහපත් සිතුවිල්ලක්ම සිතයි , ඒ වගේම යහපත් වචනයක්ම කියයි, යහපත් වැඩක්ම කරයි.
සත්පුරුෂයන්ගේ ස්වභාවය සහ අසත්පුරුෂයන්ගේ ස්වභාවය
ආනන්තරීය පාප කර්මයක් කරලා නියත වශයෙන් අවීචිය යන්න හිටපු කෙනෙක් තමයි මේ අජාසත්ත රජතුමා තමයි, නමුත් මේ ලෝකයේ පහල වෙන ශ්‍රේෂ්ඨටම සත්පුරුෂයන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේගේ අනුග්‍රහය නිසා ඊට ඉහලින් පිහිටි ලෝකුඹ නිරයේ උප්පත්තිය ලබල තමන්ගේ ඒ ගෙවන්න තිබෙන පාප කර්මය ලිහිල් කරගත්තා. එසේ කරන්න හේතුව සත්පුරුෂ ඇසුර පමණමයි.
අද සමහරු කරන රැකියාව අනුව බොරු කියන්න වෙන අයත් සිටිනවා. නමුත් එහෙම බොරු කියල ඒ කෙනා සතර අපායට යනකොට අනුන් වෙනුවෙන් බොරු කිව්වා කියල සාධාරණය කරලා බේරෙන්න බැහැ
අනුන් වෙනුවෙන් තමන් අගාධයට ඇද දමා ගන්නවා නම් ඊට වඩා අඥාණ බවක් මේ ලෝකයේ තවත් කොහෙද
අදත් කොයි තරම් පිරිසක් කරුණු කාරණා හරියට නොදන්නා නිසා, ධර්මය නොදන්නා නිසා, සත්පුරුෂ අවවාද නොතකන නිසා තුණුරුවන් වලට කොතරම් නින්දා කරනවාද, විවේචනය කරනවා. ඒ පිරිස නොදන්නා කමට මේ කරන දේවල් නිසා නින්දෙන් පිබිදියා වගේ මරණින් මතුව නිරයගාමී වෙනවා කියල ඔවුන් දන්නේ නැහැ
යමෙක් ළඟ අසත්පුරුෂ ලක්ෂණ තිබෙනවා නම් ඒ කෙනා මේ ශාසනයට සුදුසු නැහැ.
පණ්ඩිත සත්පුරුෂයන් තමන් ලඟට තමන් මරන්න එන පුද්ගලයන්ට පවා මෛත්‍රී කරා.
තාත්තා මරල රජ වෙනවා වගේ බුදුරජාණනන් වහන්සේ නසල කිසි කෙනෙකුට බුදු බව ලබාගන්න බැහැ
දේවදත්ත හාමුදුරුවෝ බණ ඇහුවේ නැහැ එහෙම බණ ඇහුවා නම් බුදුරජාණන් වහන්සේ ඝාතනය කරලා බුදු වෙන්න පුළුවන් කියල හිතල කවදාවත් හිතන්නේ නැහැ.
අදත් බණ අහන්නේ නැති පිරිසත් ඒ වගේ බණ අහන්නේ නැති නිසා කරගෙන්නම අකුසල්, හැරියට පින් කරන්න දන්නේ නැතුව පින්කමක් කරන්න ගියත් ලොකු පින්කමක් කරන්න ගියත් පින්කමට වඩා ලොකු පවු ගොඩක් කරගෙන තමයි අවාසන් වෙන්නේ.
ධර්ම දේශණාව ශ්‍රවණය කරන්න
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: