Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සරස්වතී දෙවියන්ගෙ බැල්ම ගන්න සරස්වතී දැහැන මෙන්න

Автор: ධර්ම ගවේෂක

Загружено: 2023-03-09

Просмотров: 409

Описание:

සරසවියගේ බැල්ම ගන්න සරස්‌වතී දැහැන මෙන්න


සියලුම ශිල්ප ශාස්‌ත්‍රයනට හා සියලු ලලිත කලාවනට අධිපති දෙවඟන ලෙස පුද සැලකිලි ලබන සරස්‌වතී දේවිය කෙරෙහි බොහෝ දෙනෙකු තුළ ඇත්තේ දැඩි භක්‌තියකි. සරස්‌වතී දේවිය කලා ශිල්ප ආදිය සංකේතය ලෙසද සලකති. දේව කතාවල සඳහන් පරිදි සරසවි දේවිය උපන්නේ මහා බ්‍රහ්මයාගේ භවනෙහිය. එබැවින් ඇය මහා බ්‍රහ්මයාගේ දියණිය ලෙසද සැලකේ. තවත් සමහර තැනෙක ඇය මහා බ්‍රහ්මයාගේ භාර්යාව ලෙසද හඳුන්වා ඇත. එසේම තවත් තැනෙක සරසවිය විෂ්ණුගේ භාර්යාව යෑයිද විෂ්ණුගේ මුව මඩලෙහි වාසය කරන්නේ යෑයිද කියති.

සරස්‌වතී දේවියගේ අතෙක ගිරවෙක්‌ වාසය කරයි. තවත් අතෙක පිළිමිණි මුවා ජප මාලාවෙකි. ජපමාලාව සුදුය. එහෙත් එය නිය රැස්‌වැදීමෙන් රතුව පෙනෙයි.

“ලද යම් කෙනෙක්‌ සරසවි බැලුම” සක්‌ නිසි කෙතරම් වුවත් මුළු ලොව කෙරෙති අත වැසි” යනුවෙන් ගිරා සන්දේශයෙහි සඳහන් වෙයි.

සරසවි දේවියගේ බැල්ම අංශුවක්‌ ලැබූ තැනැත්තේද තරම කුමක්‌ වුවත් සියලු ලෝකයා අතවැසි කෙරෙති. සරසවියේ මද බැල්මක්‌ ලද තැනැත්තාද ලෝකය තම සේවක තත්ත්වයට පත්කර ගන්නා මහා ප්‍රාඥයකු වන්නේ යෑයි එයින් කියෑවේ.

සියලු කලා ශිල්ප – ශාස්‌ත්‍ර ආරම්භයේදී සරස්‌වතී දේවියට පුදු පූජා පැවැත්වීම ස්‌තෝත්‍ර ගායනය බොහෝ දෙනෙකුගේ සිරිතය. විශේෂයෙන් කුඩා දරු දැරියනට අත්පොත් තැබීමේදී සරස්‌වතී දේවියට පූජාවක්‌ කිරීම ඒ සඳහා වූ වත් පිළිවෙත්වල යෙදීම සිරිතක්‌ වශයෙන් කරති.

සරසවි දේවියගේ බොහෝ පිළිරූවල වීණාවක්‌ද පොතක්‌ ද දරා සිටින අයුරු නිර්මාණය වී ඇත. සරසවි දේවිය උදෙසා කැපවුණු දේවාල ද ඇතැම් පළාත්වල තිබේ. සරසවිය පිලිබඳ විසිතුරු කතා හින්දු ආගමික ග්‍රන්ථයන්හි දැක්‌වේ. සරස්‌වතී පූජාවක්‌ සඳහා ගනු ලබන විවිධ ද්‍රව්‍යයද පුද පූජා පැවැත්විය යුතු ආකාරයද ඒ සඳහා රචිත ස්‌තෝත්‍රද බොහෝය. ගායත්‍රී, සාවිත්‍රී ආදී නම් වලින්ද සරස්‌වතී දේවිය හඳුන්වනු ලැබේ.

පූජා පිළිවෙත්

සරස්‌වතී දේවියට පුද පූජා පැවැත්වීමේදී හින්දු භක්‌තිකයෝ අපට වඩා බොහෝ වෙනස්‌ සිරිත් අනුගමනය කරති. ඔව්හු ඒ පිළිබඳව කැප වීමකින් හා දැඩි භක්‌තියකින් කටයුතු කරති. මෙම පූජාව තබන කවරකු වුවද ශාරීරික වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද පිරිසිදු විය යුතුය. ජලස්‌නානය කොට, පිරිසිදු වී පිරිසිඳු ඇඳුමින් සැරසී බුදුන් වැඳ දෙවියනට පින්දී භක්‌තියෙන් හා දැඩි විශ්වාසයෙන් යුතුව සරස්‌වතී පූජාව පැවැත්වීමෙන් මහඟු ප්‍රතිඵල ලැබෙයි.

ආගමික වතාවත් කළ හැකි නිහඬ පිරිසිදු ස්‌ථානයක්‌ මේ සඳහා යොදා ගැනීම මැනවි. ප්‍ර්‍රථමයෙන්ම එම ස්‌ථානය සෝදා පිරිසිදු කොට කහ දියර ඉසින්න. ඊළඟට එම ස්‌ථානයේ මල් යහනාවක්‌ සාදා ගත යුතුය.

කෙසෙල් බඩ වලින් හෝ කිරි වෘක්‌ෂයක අතු වර්ගයකින් හෝ එය තනා උඩු වියනක්‌ බැඳ, පුවක්‌මල් කිනිති හා නුග පත්‍ර එල්ලන්න, මල් යහනාව මත කෙසෙල් දලු එලා සරස්‌වතී දේවියගේ ප්‍රතිමාවක්‌ හෝ පින්තූරයක්‌ හෝ තබන්න.

බෙලි කොල, බුලත් දලු, ලද පස්‌ මල් (ඔසු වර්ග පස විලද සමන් කැකුලු, හෙළ අබ, සුන් සහල්, ඊතන) හා සුවඳ මල් වර්ග මල්යහනාව මත විසුරුවා, සුදු මල් මාලයක්‌ සරසවි දේවියට පළඳවා, පෙරාගත් නැවුම් පැන් භාජනයක්‌ ඉදිරියෙන් තබන්න. එයට අතිරේකව අඹ, දෙළුම්, කෙසෙල්, කළු උක්‌, බෙලි, දොඩම්, ආදියෙන් යුතු පළතුරු පූජා වට්‌ටියක්‌ද කිරිබත් සහ උක්‌ සකුරුද තබන්න. අමු කහ අත්තක්‌ හෝ කැබැල්ලක්‌ද පඬුරුද, ගලගා ගත් සුදු හඳුන් ද, බුලත් කොළයක තබා මල් යහනේ තැන්පත් කරන්න.

පළමුව ආගමික වතාවත් ඉටු කොට, දෙවියන්ට පින්දී මල් යහන වෙත පැමිණ සුවඳ ධූපයෙකින් (අෂ්ඨ ධූපය සකස්‌ කරවා ගන්නේ නම් මැනවි. නොයෙකුත් නම් වලින් වෙළෙඳ පොළේ ඇති බොහෝදෑ නිසරු බව වැටහී ඇත) දුම් අල්ලා, කපුරු පෙති කිහිපයක්‌ ද දල්වා, පොල් තෙල් පහනක්‌ දල්වන්න. ඉන් පසු භක්‌ත්‍යාදරයෙන් යුක්‌තව නමස්‌කාර කොට ඉහත සඳහන් සියලු පූජා දිව්‍ය පූජා කොට ඔප්පු කොට සරසවි දේවිය වෙනුවෙන් ම ලියෑවී ඇති ස්‌තෝත්‍ර ඉතා මිහිරි අන්දමින් ගායනා කරන්න. ඉන් අනතුරුව අකුරු කියවීම හා ලිවිම කළ යුතුය. මෙහිදී ගායනා කළ යුතු ස්‌තෝත්‍ර මෙසේය.

සරත්වතී ස්‌තෝත්‍ර

ඝොර රූපෙ මහාරාවෙ – සර්වශත්‍රැ භයංකරී

භක්‌තෙෙභ්‍යා වරදෙ දෙවී – ත්‍රාහී මාං ශරණාගතම්

ඕං- සුරා සුරාර්චිතෙ දෙවි- සිද්ධ ගන්ධර්ව සෙවිතෙ

ජාඩ්‍ය පාප හරෙ දෙවි – ත්‍රාභි මං ශරණාගතම්

ජටා ජුට සමා යුකේත – ලොලජිහ්මාන්තකාරිණී

දෘතබුධිකරෙ දෙවි ත්‍රාභී මං ශරණාගතම්

සෞම්‍ය ක්‍රොධ ධරෙ රූපෙ-චණ්‌ඩ රූපෙ නමෝස්‌තුතෙ

සෘෂ්ටි රූපෙ නමස්‌තුහ්‍යං – ත්‍රාහි මාං ශරණාගතම්

ජඩානාං ජඩතාං භන්ති – භක්‌තානාං භක්‌තවත්සලා

මුඨතාං හරමෙ දෙවි – ත්‍රාභී මාං ශරණාගතම්

හුං හුං කාර මයෙ දෙවි – බලිහොම ප්‍රියෙනමඃ

උග්‍රතාරෙ නමොතුශ්‍යං – ත්‍රාහි මාං ශරණාගතම්

බුඬිං දෙවි යශො දෙහි – කවීත්වං දෙහි දෙහි මෙ

මුතාංව හරෙදෙවි – ත්‍රාහි මාං ශරණාගතම්

ඉන්ද්‍රදී විලසද්වන්දුව – වන්දිතෙ කරුණාමයි

තාරෙ තාරාධි නාථස්‍ය – ත්‍රාහි මං ශරණාගතම්

සරසවි යෑදුම

ගොරතර වූ ආකාර දරන්නි, මහ නද පතුරන්නී

සතුරු දනන්හට අතුරු නො තබමින් මහ බිය ගෙන දෙන්නී

බැතිමත් දනහට වරම් දෙමින් සෙත සහනය සලසන්නී

රකිනු මැනවි මා, පුණ්‍යවන්ත වූ සරස්‌වතී දේවිෘ

ඕං නමෝ වෙන් වැදුම් ලබන්නී. සියලු සුරා සළු පිදුම් ලබන්නී

සිදු විදුදරයන් ගාන්ධර්වයන් ඇසුරේ ගැවසෙන්නී

නුනුවණ පස හැර, පාපය පහ කර පින පාදා දෙන්නී

රකිනු මැනවි මා පුණ්‍යවන්ත වූ සරස්‌වතී දේවි

මුහුලස නිසිසේ සකසා සුසදා මුදුනිසරසන්නී

දිව පිනැවීමේ ආසා සිඳ හැර බුද්ධිය වඩවන්නී

මුදු බව, රුදු බව, සොඳ ගුණ, සැඬ ගුණ, නිසි නිසි තැන දෙන්නී

රකිනු මැනවි මා, පුණ්‍යවන්ත වූ සරස්‌වතී දේවි

සුළු නැණ වඩවා, ගුණවා සපුරා මොළවා දුලවන්නී

වචන රවන සවි, නිමැවුම් නැණ සවි නගවා දියුණන්නී

ඌ තාරා නාමය ලද දේවිය, පුද ගී රුචි වන්නී

නුවණ දෙන්න මට, පුණ්‍ය වන්ත වූ සරස්‌වතී දේවි

ඉන්ද්‍රදි යුවලගෙ බැඳිදිලි පුද ලැබගෙන සෙත දුන්නී

තාරාපති ගේ දේවි ව, තාරා නාමය හොබවන්නී

නුවණට, යසසට, නිමැවුම් සවියට අධිපතිනිය වන්නී

නුවණ දෙන්න මට, පුන්‍යවන්ත සරස්‌වතී දේවි

සරස්‌වතී දේව කන්නලව්ව

සරස්වතී දෙවියන්ගෙ බැල්ම ගන්න සරස්වතී දැහැන මෙන්න

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

array(0) { }

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]