ගෙම්බො පනිනවා.. I Gembo Paninawa..
Автор: Admiral Somathilaka Dissanayake
Загружено: 2024-09-13
Просмотров: 7711
ගේය පද - අද්මිරාල් සෝමතිලක දිසානායක
තනුව - ආචාර්-ය රෝහණ වීරසිංහ
ගායනය - විශාරද හර්ෂණ දිසානායක / විශාරද එරංග දර්ශන / විශාරද දිලාන් වික්‍රමසිංහ
සංගීතය - විශාරද හර්ෂණ දිසානායක / විශාරද එරංග දර්ශන / පහන් සංදීප
රූප රචනය - යෝෂාන් බස්නායක BATS Animation
............................................
ඉඩෝරෙ එනවා ලඟ ලඟ
පොකුණු හිඳෙනවා ටික ටික
ගෙම්බෝ හඬ දෙති බක බක
පනිමුද පනිමුද පනිමුද
එහෙටද මෙහෙටද කොහෙටද...//
ඉහල පනින ඇට ගෙම්බන්
පැනල පුරුදු ගස් ගෙම්බන්
වතුර පිරෙන විලට පනිනවා
බඩ ඉදිමුන හැල ගෙම්බන්
නාකි වෙච්ච හං ගෙම්බන්
ඉන්න තැනම හොඳයි කියනවා..
ඉඩෝරෙ එනවා ලඟ ලඟ../
කටුව ලපටි කිරි ඉබ්බන්
කටු මෝරපු ගල් ඉබ්බන්
පැනගන්නට මගක් සොය නවා
ලණු කාලා කොක්කුන්ගෙන්
අහසින් යනවා ඉබ්බන්
කට හින්දම වැටිල නහිනවා..
මහ වැහි වැහැලා සරුවට
පොකුණක් හොඳහැටි පිරුණම
ගෙම්බෝ පැනගිය විසිරුන
රොක්වෙති පොරකති එතැනට
එතැනයැ මෙතනනෙ හොඳ තැන..//
ඉඩොරෙ එනවා ලඟ ලඟ..//
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: