චතුරාර්ය සත්‍යය හෙවත් නිර්වාණයට පිවිසීමේ දොරටුව |Dahamin suwaya
Автор: දහමින් සුවය | Dahamin Suwaya
Загружено: 2023-01-22
Просмотров: 181
නිවන් දකින්නට අවබෝධ කරගතයුතුම චතුරාර්ය සත්‍ය ය.
තථාගත ලොවිතුරා සමිමා සමිබුදු රජාණන් වහන්සේ නමක් විසින්ම අවබෝධ කරගෙන අන් අයටත් අවබෝධ කරවන උතුම් චතුරාර්ය සත්‍ය ය ධර්මය සසර දුකින් එතරවීමට බලාපොරොත්තු වන සත්පුරුෂයෝ වහ වහා අවබෝධ කරගතයුතුමයි .එහෙත් එකි සතරක් වු සත්‍ය ධර්මයන් අවබෝධය ඉතාම අපහසුයි .කෙලෙස් වලට වසඟව කෙලෙස් තුල ජීවත්වෙමින් කෙලෙස්වලටම ඇලුමි කිරීම නිසා අවබෝධය තවත් අපහසු වෙනවා . දුර්ලභ මිනිසත් භාවයත් , සතර අපායන්හි දීර්ඝ කාලයක් ගතකිරීම නිසාත් එකී අවබෝධ ය තවත් දුරස්ත වෙනවා .කොහොම වුනත් අවබෝධය කරා යන ගමනේදී එකි සතරක්වු සත්‍ය යන් දැනගැනීම අවශ්‍ය ම දෙයක්.
තථාගත ලොවිතුරා සමිමා සමිබුදු රජාණන් වහන්සේ විසින් දේශනා කල ධර්ම මාර්ගයේ ගමන් කරන විට මේ ඝෝරකටුක භයානක සංසාරයේ මහා දුක්ඛස්ඛන්ධය දැනෙනවා එහෙම දැනෙන කොට ලොමු ඩැහැගැන්වෙන බයක් දැනෙනවා .ඉතින් වහ වහා මේ සසර දුකින් එතරවිය යුතුයැයි නැගෙන සිත එසේ එතරවීමටනමි චතුරාර්ය සත්‍ය ය ධර්මය අවබෝධ කරගතයුතුබව වැටහෙනවා.එහෙම වැටහෙනකොට සසර දි මගේ මවිපියන් , දරුවන් , සහෝදරයින් , ඤාතීන් වූ අයත් මේ චතුරාර්ය සත්‍ය ය ධර්මය දැනගත් යුතු නෙවදැ යි කල්පනා වෙනවා.
ඉතින් එම යහපත් වු චේතනාවෙන් " නිවන් දකින්නට අවබෝධ කරගතයුතුම පටිච්ච සමු ප්පාදය" කොටස් පනහකින් ඉදිරිපත් කල මා නිවන් දකින්නට අවබෝධ කරගතයුතුම චතුරාර්ය සත්‍ය ය කොටස් අනූවකින් ඔබට ඉදිරිපත් කලෙමි.කියවීමෙන් , ඇසීමෙන් ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් , සසර පුරුද්දෙන් තථාගතයන් වහන්සේගේ දේශනයට පටහැනි නොවන ආකාරයට එම ලිපි ඉදිරිපත් කරන්නට මා උත්සාහ ගත්තෙමි.
දන්නා අයගේ දැනුම නැවත අලුත් වෙන්නටත් නොදන්නා අයගේ දැනුම ඇතිවීමටත් ඒ උතුමි චතුරාර්ය සත්‍ය ධර්මය ගැන අසන්නට , කියව න්නට , මාර්ගයේ ගමන් කරන්නට උත්සාහ කරවීමටත් එම ලිපි පෙල තුලින් මා උත්සාහ කලෙමි .වියරණ රීති ගැන අඩුවෙන් සලකමින් කතන බසකින් එකී ලිපි ඉදිරිපත් කිරීමටද උත්සාහ කලේ තේරුම් ගැනීමට එය පහසුවක් වන නිසයි . එම ලිපි පල කරමින් සහයෝගය ලබාදුන් සියලුම දහමි සමූහ වල ඇඩිමින් වරුන්ටද , කැමැත්ත සහ අදහස් පල කරමින් එම ලිපි කියවු සැම දෙනාටද මා රැස් කරගත් කුසල් අනුමෝදන් වේවා ! ඔබ රැස් කරගත් කුසල් මමද අනුමෝදන්වෙමි .ඔබ සැම දෙනාටම වහ වහා චතුරාර්ය සත්‍ය ය ධර්මය අවබෝධ වේවා.!
තෙරුවන් සරණයි !
Subscribe our You Tube Channel ÷
/ @dahaminsuwaya
Fallow our Facebook page ÷
/ dahaminsuwaya
Join our Facebook group ÷
https://www.facebook.com/groups/59495...
For copyright matters please contact us ÷ [email protected]
#දහමින්සුවය #චතුරාර්යසත්‍යය #YouTube
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: