පොළොන්නරුවේ අපේ උරුමය සොයා යමු | Polonnaruwa Kingdom
Автор: Augeight
Загружено: 2025-10-23
Просмотров: 37
පොළොන්නරු උතුරු මැද පළාතේ පිහිටා ඇත. වියලි කලාපයට අයත්ය.
පොලොන්නරුව ලංකාවේ ලෝක උරුම වලින් එකක්
වැඩිම වී අස්වැන්නක් ලැබෙන්නේ පොළොන්නරු වෙනි.
ඉතිහාසය
මුලින්ම පොළොන්නරුව ඉතිහාසය ගැන අපිට අහන්න ලැබෙන්නේ අදින් වසර 2600කට කලින් විජයාගමනයත් එක්ක.
විජය කුමාරයා සමඟ පැමිණි එක් පුද්ගලයෙකු වන විජිත නැමැත්තා මෙම ප්රදේශයේ විජිත ග්‍රාමය පිහිටවා ඇත.
භද්දකච්චායනා කුමරිය ද ගෝකණ්ණ වරායෙන් ලංකාවට ගොඩබැස මෙම ප්‍රදේශයෙන් ගොස් පණ්ඩුවාසුදේව රජු ව හමු වී ඇත.
ක්‍රි.පු. 2වන සියවසේ දී දුටුගැමුණු රජතුමා එළාරට විරුද්ධව ගෙන ගිය සටනෙහිදී මෙම ප්‍රදේශයේ කඳවුරු බැඳී හෙයින් කඳවුරු නුවර ලෙසද මෙය නම් කර ඇත.
පොළොන්නරුවට ඉතා ආසන්නයෙන් ගෝකන්න වරාය පිහිටා ඇත.
චෝල ආක්‍රමණ නිසා අනුරාධපුර රාජධානිය බිඳ වැටීමත් සමග ක්‍රි.ව. 11 සිට 13න්වන සියවස දක්වා පොලොන්නරුව රාජධානිය බවට පත්විය. චෝලයින් විසින් මෙම ප්‍රදේශය මුම්මඩි චෝල මණ්ඩලම් ලෙස නම් කර ඇත. ලංකාවේ 2වන රාජධානියයි.
අනුරාධපුර යුගයේ අවසන් රජුවරු පොලොන්නරුව කෙරෙහි ද අවධානය යොමු කර ඇත.
(මින්නේරි වැව, කන්තලේ වැව, ගිරිතලේ වැව)
මෙය ආරක්ෂාව අතින් ඉහල නගරයකි.
වසර 200ක කාලයක් පැවැති පොළොන්නරු රාජධානිය තුළ රජවරු 35ක් රජ කර ඇත.
පොළොන්නරුවේ සිටින විශිෂ්ටම රජවරුන් ලෙස 1වෙනි විජයබාහු, මහා පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල වැනි රජවරු නම් කළ හැක.
ලංකා ඉතිහාසයේ විශිෂ්ටම රජු වන විජයබාහු රජු පොලොන්නරුවේ සිටි චෝලයන් ව පරදවා ලංකාව යළි එක්සේසත් කරන ලදී.
ඉන්පසු පරාක්‍රමබාහු රජු ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තය අතින් ස්වයංපෝෂිත රටක් බවට පත් කළහ. මේ යුගයේ ලංකාව හඳුන්වලා තියෙන්නේ පෙරදිග ධාන්‍යාගාරය කියලා.
අහසින් වැටෙන එක ජල බිඳක් වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයවන්න යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත.
මහා පරාක්‍රමබාහු රජතුමා නිකාය තුනක් ව පැවැති සංඝ සාසනය එක් නිකායක් කරලා ආලාහන පිරිවෙන් සංකීර්ණය ස්ථාපනය කරලා තියෙනවා
ආගමික අතිනුත් වැදගත් ගොඩනැගිලි රැසක් මෙහි අපිට දැකගන්න පුළුවන්. විශේෂයෙන්ම දළදා මළුවට ඇතුළු වුණාට පස්සේ පස්සේ ඔබට දැක ගන්න පුළුවන් වටදාගේ වටදාගේ හැටදාගේ, ථූපාරාම පිළිමගෙය නිශ්ශංක ලතා මණ්ඩපය වගේ ආගමික සිද්ධස්ථාන රැසක්ම
මෙය කාලෙදී ගල් විහාරය වගේ ඉතා උසස් ගණයේ කලා කෘති ද බිහිවෙලා තියෙනවා.
හිංදු බලපෑම
පොළොන්නරුවේ අපිට ශිව දේවාල 2ක් අදටත් දකින්න ලැබෙනවා ඒ කාලේ හින්දු බලපෑම තිබුණ බවට මේවා හොඳ සාක්ෂි දරනවා.
ඒ වගේම සඳකඩ පහණෙන් ගවයා ඉවත් වීමත් ඊට හේතුවක්
ථූපාරාම පිලිමය ගේ වැනි ඉදිකිරීම් වල හින්දු ගෘහ නිර්මාණ අංග බොහොමයක් දැක ගන්න පුළුවන්.
කාලිංග මාඝ ආක්‍රමණ සමග පොළොන්නරු රාජධානිය ද බිඳ වැටුනි.
ඉංග්‍රීසින් විසින් මෙම වැළලීගිය රාජධානිය යළි මතු කරගෙන ඇත.
ආර්ථිකය:
මේ යුගයෙහි නැගෙනහිර දෙසින් වෙළදාම දියුණු වීම නිසා පොලොන්නරුව ගෝකන්න වරායට ආසන්න නිසාත් අගනුවර සඳහා පොලොන්නරුව වඩාත් යෝග්‍ය විය.
කෘෂිකර්මාන්තය අතින් දියුණුව තිබී ඇත
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: