වෙනස් වන ලාංකීය සමාජය හමුවේ සමාජ විද්‍යාවේ කාර්‍යභාරය - මහාචාර්ය එම්.ටී.එම්. මහීස් මහතා
Автор: National Library of Sri Lanka
Загружено: 2025-08-29
Просмотров: 146
ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය සතුව පවතින තොරතුරු මූලාශ්‍ර පර්යේෂකයින් සහ පාඨක ප්‍රජාව වෙත හදුන්වාදීමේ අරමුණින් සංවිධානය කරනු ලබන ජාතික පුස්තකාල සම්පත් හා සේවා පිළිබඳව පාඨක අධ්‍යාපන වැඩසටහන් මාලාවේ තෙවන වැඩසටහන පාඨක සේවා සහ පර්යේෂණ අංශයන්හි සංවිධානයෙන් 2025.08.20 වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. "සමාජ විද්‍යාව" විෂය සම්බන්ධයෙන් පැවැති මෙම වැඩසටහනෙහි ප්‍රධාන සම්පත් දායකත්වය කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එම්.ටී.එම්. මහිස් මහතා විසින් ලබාදුන් අතර " වෙනස් වන ලාංකික සමාජය හමුවේ සමාජ විද්‍යාවේ කාර්යභාරය " මැයෙන් දේශනය පවත්වන ලදී.
"ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය පර්යේෂකයින් සඳහා ලබාදෙන මූලාශ්‍ර සහ තොරතුරු සේවා " යනුවෙන් දේශනයක් පාඨක සේවා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනෝමා විජේසිංහ මහත්මිය විසින් පවත්වන ලද අතර " පර්යේෂකයින් සඳහා පුස්තකාල පර්යේෂණ අංශය මගින් ලබා දෙන සේවා යනුවෙන්" පර්යේෂණ අංශයේ සහකාර අධ්‍යක්ෂ නිම්මි දේශප්‍රිය මහත්මිය විසින් දේශනයක් පවත්වන ලදී. වැඩසටහන සඳහා විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් හා අධ්‍යයන කාර්ය මණ්ඩලය සහභාගී විය.
මෙම වැඩසටහනට සමගාමීව සමාජ විද්‍යාව පිළිබඳව ජාතික පුස්තකාලය සතු තොරතුරු හා මූලාශ්‍ර ප්‍රදර්ශනයක් ද ජාතික පුස්තකාල පරිශ්‍රයේ දී පවත්වන ලදි.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: