Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Maha Piritha මහ පිරිත Thun Suthraya තුන් සූත්‍රය

Автор: MahakaluSinhalayo - මහාකළුසිංහලයෝ

Загружено: 2021-11-14

Просмотров: 86345

Описание:

#SethPirith #ThunSutraya #MahaPiritha

Thun Suthraya | Maha Piritha | Thun Suthra Deshanawa

~ තුන් සූත්‍රය ~
( මහ පිරිත )

තුන් සූත්‍රය යනුවෙන් හැඳින්වෙන්නේ, මහාමංගල සූත්‍රය, රතන සූත්‍රය සහ කරණීය මෙත්ත සූත්‍රය යන මහා ආනුභාව සම්පන්න පිරිත් දේශනා තුන යි. මහපිරිත යටතේ සජ්ඣායනා කරනු ලබන්නේ මෙම උතුම් දේශනාවන් ය.

දිනපතා තෙරුවන් වන්දනාවෙන් සහ සම්බුද්ධ පූජාවෙන් අනතුරුව මෙම තුන් සූත්‍රයෙන් පිරිත් සජ්ඣායනා කළ හැකි නම්, නොමිනිස් උපද්‍රව ආදී බොහෝ උවදුරු දුරු කරගෙන මහත්ආනිශංස සළසා ගත හැකි වනු ඇත.

මහාමංගල සූත්‍රය -
දෙවියන් සහිත ලෝකයෙහි ඒ ඒ කාලවල ඇතිවන කෝලාහලයන් පිළිබඳව ධර්මයේ සඳහන් වේ.

ඒ අනුව

1. මංගල යනු කුමක්දැයි තේරුම් ගැනීම සඳහා ඇතිවන කෝලාහලය මංගල කෝලාහලය යි.

2. සක්විති රජකෙනෙකු පහළවේ යැයි ඇතිවන ආන්දෝලනය සක්විති කෝලාහලය යි.

3. ලෝක විනාශයේදී ඇතිවන කෝලාහලය කල්ප ‍කෝලාහලය යි.

4. බුදුවරයකු පහළ වේ යැයි ඇතිවන කෝලාහලය බුද්ධ කෝලාහලය යි.

බුදුන් දවස දඹදිව මිනිසුන් අතර මංගල යනු කුමක්දැයි වාදයක් හට ගත්තේය. ඒ පිළිබඳව එකිනෙකා විවිධ අදහස් දැරූ අතර සමහරෙක් ඇසට පෙ‍නෙන දේ මංගල යයි කීහ. " දිට්ඨ මංගලික" යන නමින් හැඳින්වුණු මොවුහු ඇසට පෙනෙන හොඳ දෙය මංගල ලෙසත් නරක දෙය අවමංගල ලෙසත් පිළිගත්හ. තවත් සමහරෙක් කණට ඇසෙන දේ මංගල යයි කීහ. ඔවුන් හැඳින්වූයේ "සුත මංගලිකයන්'යනුවෙනි. ඔවුන්ගේ පිළිගැනීම වූයේ කණට ඇසෙන මිහිරි දේ මංගල බවත් අමිහිරි දේ අවමංගල බවත්ය. ඇතැමෙක් ශරීරයට දැනෙන ස්පර්ශය මංගලයයි කීහ. "මුත මංගලිකයන්" මින් හැඳින්වුනු ඔවූහූ ශරීරයට දැනෙන සැපදායක ස්පර්ශය මංගල බවත් කටුක ස්පර්ශය අවමංගල බවත් පිළිගත් හ. මෙසේ මිනිස්සු තුන් කොටසකට බෙදී තම තමන් ගත් මතය සත්‍යය යයි ඔප්පු කිරීමට දිගු කලක් මුළුල්ලේ විවාද කළහ. එහෙත් දිනූ පක්ෂයක් නැත. දොළොස් වසරක් පුරා පැවති මෙම වාදයෙන් පිරිස් පිල්වලට බෙදී ගිය අතර අවසන් කීරණයකට එළැඹීමට ද නොහැති විය. මිනිසුන් අතර ඇති වූ මෙම මංගල කෝලාහලය පසුව දෙවියන් අතර ද පැතිරිණි. ඔවුන්ගෙන් බඹලොව වැසි බ්‍රහ්මයන් අතරද එය පැතිරී ගියේ ය.

සියල්ලෝම කොටස්වලට බෙදී වාද කරති. එහෙත් දිනන්නෙක් නැත. මෙම පැනයට විසඳුම් සොයන්නට කල්පනා කළ ශක්‍ර දේවේන්ද්‍රයා එක්තරා දෙවියෙකු කැඳවා සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ වෙත ඔහු යැව්වේ පැනයට නියම විසඳුම ලබා ගැනීම සඳහාය. සැණෙකින් තව්තිසා දෙව්ලොවින් අතුරුදහන් වූ ඒ දිව්‍ය පුත්‍රයා සැවැත් නුවර දෙව්රම් වෙහෙරට සම්ප්‍රාප්ත වූයේය. මධ්‍යම රාත්‍රියෙහි ඉතා සිත්කළු ශරීර වර්ණයෙන් මුළු ජේතවනාරාමයම බබළවමින් පැමිණි හෙතෙම බුදුරදුන් වෙත ගොස් වැඳ එකත් පසෙක සිට 'බහුදේවා මනුස්සාච මංගලානි අචින්තයුං'ආදී ගාථාවෙන් මංගල ප්‍රශ්නය විචාලේය. බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු වශයෙන් මංගල කරුණු තිස් අටක් අඩංගු මහාමංගල සූත්‍රය දේශනා කළ සේක. ලෞකික ජීවිතයට අදාල කරුණු 32 කුත්, ‍ලෝකෝත්තර ජීවිතයට අදාල කරුණු 6 කුත් වශයෙන් උභයලෝක සංසිද්ධි කාරණා 38 ක් ඇතුලත් මහා මංගල සූත්‍රය දේශනා කරමින් බුදුන්වහන්සේ මංගල ප්‍රශ්නය විසඳූ සේක.


රතන සූත්‍රය -

සම්බුද්ධ අණසකින් ලක්ෂයක් සක්වල ආරක්ෂාව සිදුවෙතැයි සලකා පන්සීයක් සංඝයාවහන්සේලා සමග විශාලාවට වැඩමකළ බුදුන්වහන්සේ රතන සූත්‍රය දේශනාකළ සේක. ඒ සමග ඇදවැටුණු මහා වර්ෂාවෙන් මළ සිරුරු සියල්ල ගංඟා වලට ගසාගෙන ‍ගොස් නුවර පිරිසිදු විය.

ආන්නද හිමියන් අමතා තථාගතයන් වහන්සේ රතන සූත්‍රය ඉගෙන පූජා ද්‍රව්‍ය සහිතව ලිච්ඡවී රජදරුවන් සමග විශාලාවේ තුන් පවුරු වටා පිරිත් පැන් ඉසින්නැයි වදාළ සේක. ආන්නද හාමුදුරුවන් ද බුද්ධ පාත්‍රයට පිරිත්පැන් ගෙන රතන සූත්‍රය දේශනා කරමින් මුළු නුවරම පිරිත්පැන් ඉස්සාහ. මෙලෙස දින හතක් පුරා රතන සූත්‍රය දේශනා කිරීමෙන් තුන්බිය දුරුවිය. නුවර වැසියෝ සැනසුනාහ.

මෙම සූත්‍රය මනාව අවබෝධ කරගැනීමෙන් ආරක්ෂාව සළසා ගැනීමටත් නිවන් සාක්ෂාත් කර ගැනීමටත් ඔබට හැකිය. මෙහි ඇති විශේෂත්වය නම් මෙහි අන්තර්ගත ගාථාවල බුද්ධ, ධම්ම, සංඝ රත්නයන්හි ගුණ ස්වභාවයන් පැහැදිළිව පෙන්වා දී ඒ සත්‍ය බලයෙන් යහපත උදා වේවායි ප්‍රාර්ථනා කරමින් සියලුම ගාථා අවසන් කොට ඇති බැවිනි. එබැවින්ම මෙම වටිනා සූත්‍රය තුන් පිටකයෙන් උකහාගෙන පිරුවාණා පොත් වහන්සේට ඇතුළත් කොට ඇත. ඔබටත් නිවන් අවබෝධය පිණිස මෙම අර්ථ විවරණය මහෝපකාරී වේවා! ලෞකික මෙන්ම ලෝකෝත්තර ආරක්ෂාව අභිවෘද්ධිය සැලසේවා!


කරණීය මෙත්ත සූත්‍රය -
කරණීය මෙත්ත සූත්‍රය (මෙත්ත සූත්‍රය) බෞද්ධයන් අතර ආරක්ෂක පිරිතක් ලෙස ද භාවනා ධර්මයක් ලෙස ද ඉතා ප්‍රකටය. තුන් සූත්‍රය ලෙස මහා මංගල සහ රතන සූත්‍ර සමගද භාවිත වන්නක් වීමෙන් පිරිත් දේශනාවන්හිද නැතිවම බැරි අංගයක් වන මෙත්ත සූත්‍රය එහි පදයෙන් පදය අර්ථයත් සමග දහම් පිපාසිත ඔට අතට පත් කිරීමට මෙසේ අදහස් කරමි. මේ සූත්‍ර දේශනාව කුඩා කල පටන් අසන අප එහි අරුතද දැන සිටීම වටින්නේය. මෙය පස්වැනි ඛුද්දක නිකායේ ඉතා පැරණිම ශ්‍රී මුඛ දේශනා ඇතුළත් සුත්ත නිපාතයේ ඇතුලත් දේශනාවකි.

උපුටාගැනීම: http://bodudam.blogspot.com/


-------- මෙම වීඩියෝවෙහි අන්තර්ගතයන් --------
0:00 හැදින්වීම
0:58 තුන් සූත්‍ර දේශනාව ආරම්භය
7:04 මහා මංගල සූත්‍රය
19:16 රතන සූත්‍රය
39:44 කරණීය මෙත්ත සූත්‍රය
----------------------------------------------------------

#mahakalusinhalayo
#karaniyameththasuthraya
#mahamangalasuthraya
#rathanasuthraya
#pirith
#pirithdeshana
#පිරිත් #පිරිත
#සෙත්පිරිත්
#thun
#සිංහලෙන්පිරිත්

Maha Piritha මහ පිරිත Thun Suthraya තුන් සූත්‍රය

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Mahasamaya Suthraya - මහාසමය සූත්‍රය #SethPirith #සෙත්පිරිත්

Mahasamaya Suthraya - මහාසමය සූත්‍රය #SethPirith #සෙත්පිරිත්

විශ්වයේ බලගතුම සෙත් පිරිත | most powerful seth pirith #sethpirith #pirith #පිරිත් @Sadaham_siri01

විශ්වයේ බලගතුම සෙත් පිරිත | most powerful seth pirith #sethpirith #pirith #පිරිත් @Sadaham_siri01

Mora Piritha | මෝර පිරිත | Mora Piritha Morning | මෝර පිරිත උදෑසන | mora piritha udasana #pirith

Mora Piritha | මෝර පිරිත | Mora Piritha Morning | මෝර පිරිත උදෑසන | mora piritha udasana #pirith

Abisambidana Piritha | අභිසම්භිධාන පිරිත 21ක් වාරයක්.

Abisambidana Piritha | අභිසම්භිධාන පිරිත 21ක් වාරයක්.

තුන් සුත්‍රය සහ ජය පිරිත  රත්නාවලි ගාථා

තුන් සුත්‍රය සහ ජය පිරිත රත්නාවලි ගාථා

සූරිය පිරිත සහ චන්ද පිරිත / Suriya and chanda piritha / ඔබගේ දැවෙන  තැවෙන ප්‍රශ්න විසඳයි/Pirith

සූරිය පිරිත සහ චන්ද පිරිත / Suriya and chanda piritha / ඔබගේ දැවෙන තැවෙන ප්‍රශ්න විසඳයි/Pirith

Karaneeya Meththa Suthraya | කරණීය මෙත්ත සූත්‍රය 21ක් වාරයක්

Karaneeya Meththa Suthraya | කරණීය මෙත්ත සූත්‍රය 21ක් වාරයක්

තුන් සූත්‍රය | Thun Suthra | ඒකායන මග්ග | Ekayana Magga #buddha  #pirith  #motivation #mindfulness

තුන් සූත්‍රය | Thun Suthra | ඒකායන මග්ග | Ekayana Magga #buddha #pirith #motivation #mindfulness

Maha Piritha | මහ පිරිත | Thun Suthraya | තුන් සූත්‍රය

Maha Piritha | මහ පිරිත | Thun Suthraya | තුන් සූත්‍රය

විශ්වයේ බලගතුම සෙත් පිරිත | most powerful seth pirith #sethpirith #pirith #පිරිත් @Sadaham_siri01

විශ්වයේ බලගතුම සෙත් පිරිත | most powerful seth pirith #sethpirith #pirith #පිරිත් @Sadaham_siri01

#seth pirith (සෙත් පිරිත්) | උදෑසනම මේ පිරිත අහන්න ඔබේ සියලු පැතුම් ඉටුවේවි | Udasanata Pirith

#seth pirith (සෙත් පිරිත්) | උදෑසනම මේ පිරිත අහන්න ඔබේ සියලු පැතුම් ඉටුවේවි | Udasanata Pirith

Seth Pirith - Jaya Piritha, Rathnamali Gatha, Seewali Piritha

Seth Pirith - Jaya Piritha, Rathnamali Gatha, Seewali Piritha

Atanatiya Suthraya ආටානාටිය සූත්‍රය #SethPirith #සෙත්පිරිත්

Atanatiya Suthraya ආටානාටිය සූත්‍රය #SethPirith #සෙත්පිරිත්

Seth Pirith (සෙත් පිරිත්) Sinhala | දස දිසා පිරිත 21 වරක් | Dasa Disa Piritha 21 Times

Seth Pirith (සෙත් පිරිත්) Sinhala | දස දිසා පිරිත 21 වරක් | Dasa Disa Piritha 21 Times

Damsak Pawathum Suthraya දම්සක් පැවතුම් සූත්‍රය #dhammachakka

Damsak Pawathum Suthraya දම්සක් පැවතුම් සූත්‍රය #dhammachakka

රෝග භූත දෝෂ වලින් ඔබව නිදහස් කරන පට්ටාන සූත්‍ර දේශනාව දිනපතා අසන්න | Pattana sutta deshana

රෝග භූත දෝෂ වලින් ඔබව නිදහස් කරන පට්ටාන සූත්‍ර දේශනාව දිනපතා අසන්න | Pattana sutta deshana

Abisambidana Piritha | අභිසම්භිධාන පිරිත 21ක් වාරයක්.

Abisambidana Piritha | අභිසම්භිධාන පිරිත 21ක් වාරයක්.

Dhajagga Piritha, Dhajagga Suthraya ධජග්ග පිරිත හත් වරක්

Dhajagga Piritha, Dhajagga Suthraya ධජග්ග පිරිත හත් වරක්

Mahasamaya Suthraya - මහාසමය සූත්‍රය

Mahasamaya Suthraya - මහාසමය සූත්‍රය

සෙත් පිරිත් සහ බුදුගුණ පිරිත ‍| #nauyane_ariyadhamma_thero #pirith #chiththavivekashramaya #පිරිත්

සෙත් පිරිත් සහ බුදුගුණ පිරිත ‍| #nauyane_ariyadhamma_thero #pirith #chiththavivekashramaya #පිරිත්

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]