ස්වාමීනි අර අලුත මහණ වෙච්ච රජතුමා රජ සැප මතක් වෙලාද දන්නේ නැහැ අහෝ සැපයි අහෝ සැපයි කියනව..
Автор: Ranmal Lasantha
Загружено: 2025-11-22
Просмотров: 34
Ven Koralayagama Saranathissa Thero - The Buddhist TV 2025-11-22
පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ බෞද්ධයා රූපවාහිනී නාළිකාව 2025-11-22
උතුම් වූ ධම්මපද පාළියේ සඳහන් උතුම් ගාථා රතනයක් ඇසුරෙන්මේ
මේ ගාථා රත්නයේ තේරුම දහම් රස බොන තැනැත්තා සුවසේ වාසය කරයි, ඒ නුවණ ඇත්තා...
මේ ගාථා රතනය බුදුරජාණන් වහන්සේ දේශණා කළේ මහා කප්පින මහා රහතන් වහන්සේ අරමුණු කරගෙන
දඹදිව කුක්කුට නුවර මහා කප්පින රජතුමා මහා පුණ්‍යවන්ත කෙනෙක්, තමන් එක්ක සංසාරයේ පින්කම් කරපු යුවතියත් මේ ආත්මයේ තමන්ගේ රජ බිසව බවට පත් වුණා.
නුවරට යන අතරමග මේ මහා රජතුමාට හම්බ වෙනවා 500ක් පමණ වෙළඳ පිරිස හම්බ වෙනවා. මේ 500ක් පමණ පිරිස ගව් 400ක් පමණ දුර ගමන් කරලා තමයි මේ සැවත් නුවර ඉඳල කුක්කුටවතී නුවරට ඇවිල්ල තිබෙන්නේ
විශේෂ තොරතුරු මොනවද කියල ඇහුවා
බුදුන් ලෝකයේ පහල වුණා කියලා කිව්වම මේ වෙළඳ පිරිස, රජතුමා එක පාරට ගල් ගැහුණා, ටික වෙලාවක් ඉඳල මොකද්ද මට කිව්වේ බුදුන් පහල වුණාද කියල, ඔව් කිව්වම ආයෙත් ගල් ගැහිලා ටික වෙලාවක් ඉඳල තුන් පාරක් අහල පසුව ටික වෙලාවක් ඉඳල, තවත් මොනවද විශේෂ තොරතුරු කියල ඇහුවා.. පසුව පිළිවෙලින් තුන් පාරක් ධර්ම රතනය සංඝ රතනය පහල වුණා කිව්වා..
නුඹලා මට කිව්වේ මේ ලෝකයේ මම අහන්නම කැමති දේ කියල, බුදුන් පහල වුණා කිව්වා කිව්වට සතුටට කහවණු ලක්ෂයක් ද, ධර්ම රතනය පහල වුණා කිව්වට කහවණු ලක්ෂයක් ද, සංඝ රතනය පහල වුණම කහවණු ලක්ෂයක් දෙනවා කියල,
කහවණු ලක්ෂ 03ක් තමන්ගේ බිසවගෙන් ඉල්ලගන්න කියල... රජතුමා ඇතුළු 1000 දෙනා බුදුරජාණන් වහන්සේ දකින්න පිටත් වුණා
මාළිගාවට ගියාම බිසව බුදුන් පහල වුණා , ධර්මය පහල වුණා සංඝ රතනය පහල වුණාම කියල කිව්වම රජ බිසව එක කාරණාවකට කහවණු ලක්ෂ 03 බැගින් මුළු මුදල කහවණු ලක්ෂ 12ක් දීල පිටත් කරලා යැව්වා.
පසුව රජතුමා ඉතාම මරණය පැත්තකින් තියල බුදුරජාණන් වහන්සේ බලන්න යන්න ගඟට බැස්සා. බුදුරජාණන් වහන්සේ සත්‍යයි මගේ ශ්‍රද්ධාවත් සත්‍යයි ඒ දෙකම ඇත්ත නම් මම අශ්වයා පිටින් මේ ගඟ තරණය කරනවා කියල රජතුමා මේ ගඟට බැස්සා..
මොකද්ද මේ ආත්ම වංචාව කියන්නේ, මම විසින් මටම වංචා කරගන්නවා නම් මම අනුන්ට වංචා කරගන්න එක මොන දෙයක් ද පිංවතුනි
ආශ්චර්යය කියන්නේ අශ්වයන් සියළු දෙනා ගඟට බැස්සම හරියට ගල් තලාවක් මතින් ගමන් කරා වගේ තෙමෙන්නේ ගිලෙන්නේ නැතුව ගමන් කරා.
මේ ආකාරයට අනිත් ගංගා දෙකම තරණය කරලා බුදුරජාණන් වහන්සේ දකින්න ගමන් කරා
බුදුරජාණන් වහන්සේ කාටවත් පෙර ගමන් හෝ පසු ගමන් කරන්නේ නැහැ, නමුත් මහා පුණ්‍යවන්ත අයට පෙරගමන් කරලා තිබෙනවා ඔවුන්ට අනුග්‍රහ කරන්න.
රජතුමා චන්ද්‍රභාගාව තරණය කරලා ඉවර වෙන තැන බුදුරජාණන් වහන්සේ වැඩම කරලා තිබෙනවා, පුදුමාකාර ආලෝක ධාරාවක්, උඩු අතට ඉදිරියට පසු පසට වමට දකුණට රියන් අසුවක ප්‍රමාණයක් ආලෝකය විහිදෙනවා කිසිම බාධාවක් නැතුව. කොතරම් සුන්දර දර්ශනයක් ද
බුද්ධ රශ්මිය කිසි කෙනෙකුට අභිබවනය කරන්න කිසි කෙනෙකුට බැහැ , සුර්යයාලෝකයට වත් බැහැ
මේ ආකාරයට ෂඩ් වර්ණ රශ්මියෙන් බැබලි බැබලි වැඩ සිටිනවා, මහා කප්පින රජතුමා බුදුරජාණන් වහන්සේ දැකල අශ්වයාගෙන් බැහැල වැඳගෙන බුදුරජාණන් වහන්සේ අබියසට ගියා, පසුව බුදුරජාණන් වහන්සේ ධර්මය දේශණා කරා, පසුව රජතුමා ඇතුළු දහසක් දෙන ධර්මය අවබෝධ කරගත්තා. ධර්මය අවබෝධ කරගන්න සංසාරයේ පින් කරපු නිසා එක ධර්ම
දේශනාවකින් ධර්මාවබෝධය ලැබුවා.
අනෝජා දෙවියත් ඉතුරු දෙවිවරුන්ට කතා කරලා, මගේ ස්වාමියාත් ගියා, නුඹලාගේ ස්වාමියාත් ගියා, මම මෙහෙ මොනවා කරන්නද මමත් යනවා කියල කිව්වම අනිත් බිසවරුත් මේ ආකාරයට ගඟවල් තරණය කරා.
බුදුරජාණන් වහන්සේ මේ දේවිය ඇතුළු පිරිසට ධර්මය දේශණා කරා, බිසව ඇතුළු දහසක් පිරිස සෝවාන් ඵලයට පත් වුණා.
මහා කප්පින මහා රහතන් වහන්සේ විවේකීව ඉන්න වෙලාවට කියන වචනයක් තිබුණා, අහෝ සැපයි අහෝ සැපයි කියන්න
ගත්තා.
මෙය අසා ගෙන සිටි පෘතග්ජන තෙරුන් බුදුරුරජාණන් වහන්සේට ගිහින් කිව්වා ස්වාමීනි අර අලුත මහණ වෙච්ච රජතුමා රජ සැප මතක් වෙලාද දන්නේ නැහැ අහෝ සැපයි අහෝ සැපයි කියනව කියල, මොවුන් මෙසේ කීවේ මහා කප්පින තෙරුන් රහත් වෙලා කියල නොදැන, අන්න ඒ අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් ගාථා රතනය වදාළේ
මොකද්ද මේ නවලෝකෝත්තර ධර්මය කියන්නේ
ධර්ම දේශණාව ශ්‍රවණය කරන්න.
ජීවිතයේ අපිට පින ගලන ගංගාවන් 08ක් තිබෙනවා.
ධර්ම දේශණාව ශ්‍රවණය කරන්න
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: