දළදා පූජෝපහාර පෙරහර මංගල්‍යය 2025
Автор: Alt Akuressa
Загружено: 2025-07-30
Просмотров: 148
දෙනියාය , කොලවෙනිගම රාජමහා විහාරස්ථානයේ දළදා පූජෝපහාර පෙරහර මංගල්‍යයේ රන්දෝලි පෙරහර 2025-07-13 දින සවස්කාලයේ වීථිසංචාරය කරන ලදී.
දෙනියාය කොළවෙනිගම ප්‍රදේශයේ කොළවෙනිගම රජමහ විහාරස්ථානය, කෝට්ටේ යුගය අවසන් බාගයෙහි දළදා වහන්සේ සගවා තබා ආරක්ෂාව ලබා දුන් පෞරාණික පුදබීමකි.
ඒ අනුව දලදා වහන්සේට සිදුකරනු ලබන උපහාර පෙරහැරක් ලෙසට මෙම පෙරහර දෙවන වරටත් සංවිධානය කරන ලද බව කොලවෙනිගම රාජමහා විහාරවාසී බෙංගමුවේ පේමරතන හිමියෝ පවසති.
කොලවෙනිගම රත්නායක වලව්වේ සිට කොලවෙණිගම රාජමහා විහාරස්ථානය තෙක් පැවති මෙම උපහාර පෙරහරේ සදාතුක කරඩුව වැඩමවීම සිදුකරන ලද්දේ මහනුවර ශ්‍රී දළදා මාලගාවේ ජනරාජා හස්තියා විසිනි. මිට අමතරව ශ්‍රී දළදා මාලගාවේ රාජු හස්තියා සහ හම්බන්තොට කුරුළු උයනේ සදලි හස්තියාද මෙම පෙරහරේ ගමන් කරන ලදී.
විවිධ නර්තන අංග රැසකින් විචිත්‍රවත් වූ මෙම දළදා උපහාර පෙරහර වෙනුවෙන් විහාරස්ථාන භූමියේ ස්වර්ණ මයුර ජාතික කතා වස්තුව රැගත් අලංකාර තොරණක් ද ඉදිරකර තිබුනි.
මෙම පෙරහර දැකබලා ගැනිමට විශාල ජනතාවක් ද පැමිණ සිටියහ.
-----------------------------------------------------------------------------------------------------------------------------
කොළවෙනිගම රජමහ විහාරස්ථානය පිළිබද ඉතිහාස කතාව
-----------------------------------------------------------------------------------------------------------------------------
දෙනියාය කොළවෙනිගම ප්‍රදේශයේ කොළවෙනිගම රජමහ විහාරස්ථානය, කෝට්ටේ යුගය අවසන් බාගයෙහි දළදා වහන්සේ සගවා තබා ආරක්ෂාව ලබා දුන් පෞරාණික පුදබීමකි.
කොළවෙනිගම රජමහ විහාරයෙහි ඉතිහාසය දැක්වෙන පැරණි ලියවිල්ලක (මාතර මානව වංශය හා පුරා විද්‍යාත්මක ඉතිහාසය 207 -212 පිටු)සඳහන්ව ඇත්තේ සීතාවක මායා දුන්නේ රජු දවස (1521 -1581)පරසතුරු උවදුරු උවදුරු නිසා (දළදා වහන්සේ) ආරක්ෂා කර ගැනීම සඳහා වීදාගම පරපුරෙන් පැවත ආ සුර්ය ගුප්ත නම් තෙරනමකට සීනා (සියනද) කෝරළේ හිරිපිටියේ දියවඩන රාළ විසින් දෙන ලද නවදහස් හත්සිය හැත්තෑ නමක් ධාතුන් වහන්සේලා වැඩ සිටිය ධාතු කරඬුවක් පළමුව තොටගමු විහාරයටත් .දෙවනුව අපරැක්කටත් අනතුරුව කොළවෙනිගමට වැඩම කරවන ලද්දේ දෙවැනි රාජ සිංහ රජු (1635 – 1687)දවසය.එවකට මොරවක කෝරළය කරවු අලහකොන් මුදුයන්සේ විසින් පන්සලක් හා විහාරයක් කරවා එම ධාතු කරඬුව වැඩම කරවාගෙන ආ භික්ෂුන්ට පුජා කරන ලදි.දෙවෙනි රාජ සිංහ රජතුමාත්, දෙවෙනි විමලධර්ම සුර්ය රජතුමාත් (1687 – 1706) මෙම විහාරයට ගම්බිම් කුඹුරු පුජා කොට සන්නස් තුඩපත් දුන්හ.අනතුරුව රජ පැමිණ නරේන්ද්‍රසිංහ රජතුමා (1706 -1739) ඉහත කී ධාතු කරඬුව මහනුවරට වැඩම කරවාගෙන කොළවෙනිගම විහාරයේ වැඩ විසු සාමණේර නමට ධාතුන් වහන්සේලා 15 නමක් හා දළදා අංකයක් දී ඒ විහාරයට ලැබී තිබුණ ගම්බිම් කුඹුරු ආදී පුජාවන් එලෙසම පවතිනා ලෙසට තුඩපත් ද දුන්නේය.
"පැරණි ජනවහරේ දළදා වහන්සේ කොළවෙනිගම වැඩ හිඳුවා ආරක්ෂා කළ බවට පද්‍ය පවා නිර්මාණය වී ඇත.ඒ අතර මෙම පද්‍ය වඩාත් ජනප්‍රිය වේ.
සවන බුවනෙක බාහු රජ කළ හිරිපිටියෙ දියනඩන මැතිදා
මැදුර තිබු නවදහස් සත්සිය සධාතුක කරඬුව සොදා
සතුරු උවදුරු බියෙන් වීදාගම හෙරණ සමිඳුට පුදා
රකින ලෙස කොළවෙනිගමට එව්වේය පිටිසර ගම්බදා"
ක්‍රි : ව: 1557 දී ධර්මපාල රජු දොන් ජුවන් පෙරිය බණ්ඩාර නමින් බෞතීස්ම ලබා කතෝලික ආගම වැලඳ ගැනීමත් සමඟ රාජ්‍ය උරුමයේ සංකේතය වශයෙන් සැලකු දළදා වහන්සේ එය භාරව සිටි හිරිපිටියේ රාළ විසින් සීතාවකට වැඩම වන ලදී.සීතාවක රාජ්‍යෙය් පිරිහීමත් ක්‍රි : ව: 1587 දී සීතාවක රාජසිංහ රජු ශිව ආගම වැලඳ ගැනීමත් හේතුකොට ගෙන දළදා වහන්සේගේ ආරක්ෂාව සඳහා මෙසේ රහසිගතව ස්ථානවල දළදා වහන්සේ සඟවාගෙන තබා ඇත.වනාන්තරය මැදින් දළදා වහන්සේ රැගෙන එනවිට ඇතෙක් විසින් මග පෙන්වන ලද බවත්,එම ඇතා මෙම කොළවෙනිගමට අයත් වර්තමානයේ පල්ලෙ කන්ද නමින් හඳුන්වන ස්ථානයේදී අතුරු දහන් වු බවත් එම ස්ථානයේ පිහිටි ගල්ගුහාවක තබා දළාදා වහන්සේ ආරක්ෂා කළබවත් සදහන්වේ.එම ස්ථානය අදද දක්නට ලැබේ.අනතුරුව පුන්‍ය පහසුකම් සලසා ගැනීම සදහා වර්ථමාන සත්මාල ඇල්ල අසබඩ ස්ථානයක පන්සලක් කරවා ආරක්ෂා කර ඇත.එහි නටබුන් අදටද ශේෂ වී පවතී.ගං වතුර උවදුරු නිසා පසුව වර්තමානයේ පංසල පිහිටි ස්ථානයේ දළදා වහන්සේ හිදුවා ආරක්ෂා කළබවත් සඳහන් වේ. දළදා වහන්සේට කොළ-ඉනි වලින් විහාරයක් කළ නිසාම මෙම ගම කොළඉනිගම පසුවකොළවෙනිගම නමින් ව්‍යවහාරයට පැමිණ ඇත. දළදා වහන්සේ සිහිවීම පිණිස දළදා මාලිගාවේ පත්තිරිප්පුවේ හැඩයට නිර්මාණය කළ ධර්මශාලාවක් මීට වසර 55කට පෙර ඉදිකර ඇත.එසේම නුවරයුගයේ අවසාන භාගයේ චිත්‍ර කලාව හා පහත රට චිත්‍ර කලාවේ ආභාෂය සහිත බිතුසිතුවම් වලින් නිර්මාණය වු වටිනා (පුරා විද්‍යාත්මක වටිනා කමක් සහිත) විහාර මන්දිරයක් මෙම විහාර ස්ථානයෙහි පිහිටා ඇත.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: