මිරිජ්ජවිලට වෙරළ උද්‍යානයක් !
Автор: Hitha Tv
Загружено: 2025-07-31
Просмотров: 112
දශක ගනණාවක් පුරා ප්‍රදේශවාසීන් විසින් තම ජීවනෝපාය කරගත් ධීවර කර්මාන්තය සදහා ගොඩනැගුණු ස්භාවික ඔරු තොටුපොළ සංවර්ධන කටයුතුත් සමග විනාශ වී ගියද, අවිහිංසක ධීවර ප්‍රජාව වෙනුවෙන් කෘතිම සංවර්ධනය හා සටන් වදිමින් සොබාදම් මාතාව නැවතත් ඔවුන්ගේ ධීවර කටයුතු සදහා ස්ථානයක් නිර්මාණය කර දී ඇත.
ඒ මිරිඡ්ඡවිල වර්ථමාන ඔරු තොටුපොළයි.
ධීවර පවුල් සියගනනක් යැපෙන මෙම ස්ථානය සදහා අවශ්‍ය අවම මූලික පහසුකම් හෝ සැපයීම බළධාරින් නිළධාරින් සතු වගකීමක් නොවන්නේද..?
මේ වෙනුවෙන් විවිධාකාරයෙන් ධීවර ප්‍රජාව මෙන්ම අප ද හඩ නැගුවද, අවශ්‍ය යෝජනා සහ ක්‍රමවේද සියල්ලම ලබා දී තිබියදීත් තව දුරටත් මෙම ස්ථානයට අවශ්‍ය පහසුකම් ලබාදීම කඩිනම් නොකරන්නේ ඇයි....?,
දේශීය සංචාරක ආකර්ෂණය දිනා ඇති මෙම ස්ථානයට අවශ්‍ය මූලික පහසුකම් හෝ ලබාදෙන්නේ නම් තවදුරටත් මෙම ස්ථානය සංචාරකයන් සැරිසරන ස්ථානයක් බවට පත්කර ප්‍රදේශයේ අනෙකුත් ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට ද ආර්ථික ප්‍රතිලාභ ලබාදෙන ස්ථානයක් වනු නොඅනුමානයි.
බලධාරීනි නිළධාරීනි මේ ඔබේ අවධානය පිණිසයි...!!!
#පාක්ෂිකයන්නොවීපුරවැසියන්වෙමු! #Hambantota #FutureForAll
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: