The Venice of Vietam වියට්නාමයේ වැනීසිය [EP-06]
Автор: Crazy Madz Diaries
Загружено: 2025-11-01
Просмотров: 226
Venice of Vietnam වියට්නාමයේ වැනීසිය Vietnam Day 7
වියට්නාමයේ 7 වෙනි දවස 2025-06-13
ඕන්න අද ටිකක් දවල් වෙනකම් නිදාගත්තා. උදේ 8 වගේ වෙනකම් ඊට පස්සෙ Breakfast එක ගන්න ගියා.
සරළ කෑම තියෙන බුෆේ එකක් තිබ්බෙ. දවසකට හෝටලේට ඩොලර් 45ක් වෙලත් මෙහෙම කෑම දෙන්නෙ කොහොමද කියලා හිතුනා.
කෑම කාලා ටිකක් වෙලා රෙස්ට් කරලා දවල් 11ට වගේ එළියට බැහැලා ටැම්කොක් පැත්තට ගියා. අපි ටැම්කොක් ඩිස්කවරි රයිඩ් එක ගත්තා පැය තුනක සංචාරයක්. ගගවල් දිගේ ගිහින් ගුහා ඇතුලට ගිහින් අවට පිටාව බලලා එන්න තියෙන්නේ. අපි ගත්තෙ කොම්බෝ පැකේජ් එකක්. Electric කාර් එකකින් පන්සල් බලන්නත් එක්කන් යනවා.
බෝට්ටුවේ යන්න එක්කෙනෙකුට ඩොන් ලක්ෂ 2.5 යි කොම්බො පැකේජ් එක ඩොන් 3.5යි. අපි තුන්දෙනාට කොම්බො පැකේජ් එක ඩොන් ලක්ෂ 8.9 රුපියල් වලින් 10,200යි.
ගගේ යද්දි මම Drone එක යැව්වා තව පොඩ්ඩෙන් GPS නැතිවෙලා Drone එක වතුරට බානවා. Manual Control කරන් කොහොම හරි ලෑන්ඩ් කරගත්තා. බෝට්ටුවේ එක්කෙනත් අපිට සහයෝගයක් දුන්නා. ඒකට හිලව්වට බෝට්ටු මාමාගෙන් Photo Frame ටිකක් ඩොන් ලක්ෂ 3ක් දීලා ගත්තා.
මේ පැත්තෙ කරන්න තියෙන හොදම වැඩක් තමයි බයිසිකලයක් අරන් පැදගෙන යන එක. ගොඩක් දෙනා බයිසිකල් පදිනවා අපි දැක්කා.
මේ සවාරිය ගියාට පස්සෙ අපි බයික්එක අරගෙන එහෙ මෙහෙ ඇවිද්දා. ඊට පස්සෙ අපි හෝටලේට ගිහින් මූණ හෝදගෙන ආපහු ටිකක් ඇවිද්දා. පාරේ යනකොට ලස්සන ඉර බැසයන දර්ශණයක් තිබ්බා. මාරම ලස්සනයි.
සන්සෙට් එක බලලා අපි කන්න ගියා. අද අපි කෑවේ ඉන්දියන් කඩේකින් ඒකට හේතුව තමයි අපේ පුතාට සුදු බත් කන්න ඕන වෙලා තිබ්බා තන්දුරි චිකන් එක්ක.
ඒ අතර මගේ යාලුවෙක් වන ඔසද ලපල්ලව කියලා තිබ්බා බියර් එකක් ට්‍රයි කරන්න ඒක හොදයි කියලා. ඒකත් ට්‍රයි කලා. අපේ නෝනා මාගරිටා එකක් ගත්තා. පුතා ඔරේන්ජ් පූස් . එතනින් අපි කාලා ඉවරවෙලා හෝටලේට ගිහින් නිදාගත්තා. ඔන්න ඔහොමයි දවස ගෙවුනේ.
හෙට අපි සාපා යනවා බලමු සාපා යන හැටි.
Social Media Links -
FB: / crazymadzfans
#TamCoc #TamCocNinhBinh #VietnamTravel #VietnamVlog #CrazyMadzDiaries #TravelVlog #ExploreVietnam #CinematicTravel #BoatRideAdventure #HiddenGemVietnam #FamilyTravelVlog #Wanderlust #TravelAsia #BeautifulDestinations #EpicTravelMoments #AdventureVibes #YouTubeTravelVlogger
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: