ආශ්චර්යමත් දේව මාතවගේ ආශ්චර්යයන් පෑ අභිරහස් දේව ප්‍රතිමාව..
Автор: Gaweshana - ගවේෂණ
Загружено: 2025-09-11
Просмотров: 3714
පුංචි රෝමය ලෙස හදුන් වන මීගමුවේ කතෝලික ජනතාවට මෙන්ම සියලුම කතෝලික ජනතාවට මුදුන් මල්කඩක් වන මහවීදියේ දේව මාතා දේවස්ථානයේ මෙතෙක් කිසිවකු නොඇසූ කථා රාශියක් අද ගවේෂණ තුලින්.
පෙරදිග ඉන්දියන් සාගරයේ බබලන මුතු ඇටය වූ ශ්‍රී ලංකාද්වීපයේ බස්නාහිර පළාතේ අලුත් කුරු කෝරලයට අයත් මීගමුව නගර මධ්‍යයේ යුගෙන් යුගයෙ කිතුනු ජනයාගේ විශ්වාසයේ බලකොටුවක් බවට පත් වෙමින් මුලු මහත් කතෝලික ජනයාටම ආලෝකයක් බඳු වූ මහා වීදිය ශාන්ත මරියා දේවස්ථානයේ කිතුනු විශ්වාසයේ නොමැකෙන ප්‍රාතිහර්‍යාත්මක සලකුන වූ ආශ්චර්‍යමත් දේවමාතා ප්‍රතිමාව එදා මෙදා තුර කිතුනු නොකිතුනු ජනයාගෙ ගෞරවාදරයට පාත්‍ර වන්නාවූ සුවිශේෂී දේවමාතා ප්‍රතිමාවකි..
මන්නාරමට මඩු දේවමාතා ප්‍රතිමාවද රුහුණු පුරවරයට මාතර අපේ ස්වාමි දූගේ ප්‍රතිමාවද සුවිශේෂී වන්නේ යම් සේද මීගමුව පුරවරයට ආශ්චර්යමත් දේ මාතාවන්ගේ ප්‍රතිමාව සුවිශේෂී වීමට හේතු වූ කරුණු බොහොමයක් පිළිබඳ දේවස්ථානයේ ඉතිහාසය සහ ජනප්‍රවාද සාක්ෂි දරයි.
ධීවර කර්මාන්තය තම ජීවනෝපාය කරගත් බහුතර ජනතාවක් වෙසෙන මීගමුව නගරයේ ජීවත්වන ප්‍රධානම ජන කොට්ඨාසයක් වන සූරිය වංශිකයන්ගේ කුරුකුලසූරීන් මහවීදිය දේවස්ථානයේ උරුමකරුවන් ලෙස හඳුන්වනු ලබයි...ශ්‍රී ලංකාවේ කිසිදු දේවස්ථානයක දක්නට නොලැබෙන විශේෂිත නීති මාලාවකට අවනත වූ කුරුකුල සූරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මහා වීදිය මීසම තුල දක්නට ලැබේ. දේවස්ථානයේ සේම අසිරිමත් දේව මාතා ප්‍රතිමාවේ ද කටයුතුවලදී ඔවුන් තම වගකීම නොපිරිහෙළා ඉටු කළ අතීත කතාවක ජීවමාන සාදකයකි
යුගෙන් යුගයේ මීගමු පුරවරයේ ජනතාව පමණක් නොව මුළු මහත් ශ්‍රී ලාංකීය කිතුනු ජනයා විසින්ද ගරු බුහුමන් කරන ආදරය පුදන ආශ්චර්යමත් දෙව් මවුන්ගේ ප්‍රාතිහාර්යාත්මකක ප්‍රතිමාව ලක් කිතු සසුනටද මීගමු පුරවරයටද උරුම වූ ආකාරය පිළිබඳව දේවස්ථානයේ ඉතිහාසය සහ ජනප්‍රවාදයන් පැරැන්නන් විසින් මතු පරපුරට මෙසේ දායාද කරදීී තිබේ කර
මෙසේ නොයෙකුත් ප්‍රාතිහාර්යයන්ගෙන් පිරි මෙම අසිරිමත් දේව මාතා ප්‍රතිමාවේ වටිනාකම හුදෙන් ආධ්‍යාත්මික වටිනාකමකට පමණක් සීමා කළ නොහැකි අතර එහි අලංකාරත්වය සහ ඓතිහාසික වටිනාකම ප්‍රතිමාව කෙතරම් වැදගත්ද යන්න පිළිබඳ මෙසෙ අවදාරනය කරයි
විශිෂ්ට කලා නිර්මාණයක් වෙමින් නොයෙකුත් ප්‍රාතිහාර්ය පාමින් ආශ්චර්යමත් දේව මාතා ලෙස විරුදාවලිය ලැබූ මෙම ඓතිහාසික ප්‍රතිමාව මහවීදියට රැගෙන ආ ඔරු ධීවරයින් එදා සිට අද දක්වාම එම සම්ප්‍රදාය රකිමින් මෙම ඉතිහාස කතාවේ ජීවමාන සාක්ෂිය බවට පත්වී තිබේ...වර්තමානයේ දී පාරම්පරික රුවල් උරු දිවර සමිතියලෙස ඔවුන් අසිරිමත් දේව මාතා ප්‍රතිමාවේ වැඩ කටයුතු බාරව කටයුතු කරයි
මෙම සුන්දර ස්ථානයන් සහ මෙම ස්ථානයන්හි සුන්දරත්වය සහ පරිසර ආරක්ෂා කරන්නටත් එම වටිනා ස්ථානයන් අනාගත පරපුර වෙත දයද කිරීමට කටයුතු කරන මෙන් ඔබගෙන් ගවේෂණ අප කණ්ඩායම කාරුණිකව ඉල්ලසිටිමු.
අප වීඩියෝ තුලින් ඔබ වෙත ගෙන ආ සියලුම ස්ථාන ගැන තව තොරතුරු හෝ ගමන් මාර්ගය ගැන තොරතුරැ අවශ්‍ය නම් පහත දුරකථන අංකයන්ට ඇමතීමෙන් තොරතුරැ ලබාගත හැක
071 555 68 47 සුගත් රාජපක්ෂ
075 532 88 99 අසේල ප්‍රනාන්දු
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: