Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Rassagala | රාක්ෂගල මුදුනට | රාක්ෂගල පුරාවෘත්තයේ ගල් ලෙන් සොයා මහ රෑ කැලේ මැදින් |

Автор: Dinesh A Pathum

Загружено: 2023-01-18

Просмотров: 131679

Описание:

The second highest peak of the Dolosbage range of 1438 meters in height, Rassagala is an odd-shaped structure facing Siripada peak. There are different names locals call this peak, such as Kinihira and Paththini Amma Kanda. They often call it Wangedi Molgas Gala as, at certain angles, it resembles the giant mortar and pestle used in Sri Lankan kitchens. Rakshagala is believed to have once been a stronghold of Ravana; locals believe that King Ravana first hid Sita at Rakshagala. There are areas that we discovered still needed solid archaeological attention. From the peak, the surroundings are breathtaking, not forgetting the spectacular sunrise, which is not second to any other mountain peak we hiked. I hope you will enjoy the video.

Greetings
I'm Dinesh

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

Instagram -   / dinesh_a_pathum  
Message or information -   / dinesh_a_pathum  

DAP production

"සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි"


නාවලපිටිය සංචාරය ගොන්ගාලෙන් ආරම්භ කොට,ගල්පොත්තෙන් අවසන් කොට, නැවත කොළඹ පැමිණීමට සැළසුම් කොට තිබුනද, අවසානයේ තවත් දින කිහිපයක් සංචාරය කිරීමට තීරණය කලේ කඳුකරයට සමු දීමට ඇති අකමැත්ත හද පත්ලෙන්ම පැන නැගුණු නිසාවෙනි. අප ගල්පොත්ත සිට නාවලපිටියට පැමිණෙන විට හවස හත පමණ වී තිබුනද, නාවලපිටිය නගර මධ්‍යයේ ඇති අවන්හලකින් රාත්‍රි ආහාර වේල ලබාගෙන..තවත් වේල් කිහිපයකට අවශ්‍ය වියලි ආහාර ද්‍රවය සහ එළවලුත් රැගෙන කිණිහිර ගල (රාක්ෂගල) දක්වා ගමන් ආරම්භ කරණ විට රාත්‍රි නමය පසු වී තිබුණි.

මීදුම මැදින් තේ වතු දිගේ රාත්‍රියේ ගමන් කිරීම සුන්දර වුවත්, යතුරු පැදියේ ගමන් කිරීමේදී ජැකට්ටුවකට පමණක් ආවරණය වූ උඩුකයත්,හැඩලය අල්වාගෙන සිටින ඇගිලි වලටත් දැනෙන සීතල හිරිගඩු නංවන්නේ නිතැතින්ම ය. නාවලපිටිය සිට කබරගල හරහා කිණිහිර ආසන්නයට ගමන් කිරීමට පැයක පමණ කාලයක් අපට ගත විනි. මේ වන විට රාත්‍රි දහය පසු වී තිබිනි.

"අවසරයෙන් තොර වූ කඩුලු පැනීම.."

යතුරු පැදි වලින් බැස ගමන් මලු කරපින්නාගත් අප විදුලි පන්දම් එලියෙන් වනාන්තරයට ගොඩ බට වූයේ මාගේ සංචාරක දිවියේ පළමු රාත්‍රි සම්පූර්ණ කඳු නැගීමට මුල පුරමිනුයි. අප කංඩායමේ සිටි සහන්, කසුන්, පැතුම් මල්ලි, දුලංජන සහ මාද ඇතුලුව පස් දෙනෙකි. මහ රාත්‍රියේ විදුලි පන්දම් එළියෙන්, මීදුම මැදින්, මහා කැලයකට ගොඩ බට වන අප කංඩායම ඈත සිටි ගම්වාසියකු දුටුවා නම් "මුන්ට නම් පිස්සු.." යනුවෙන් කියනු නොඅනුමානය. එය මේ වචන ගොන්න කියවන ඔබටද සිතෙනු නොඅනුමානය. කෙසේ වෙතත් කාලය යනු සංචාරයක සාර්ථකත්වය තීරණය කරණ ප්‍රධානතම සාධකයක්.

රාත්‍රි කලුවර නිසා වනාන්තරයේ මාර්ගය සොයා ගැනීම අපහසු වුවත් වාර කිහිපයක උත්සහයකින් පසුව කඳු මුදුණ දෙසට ගමන් කිරීමට අපට හැකි විය. අපහසුම කාර්ය වූයේ මීටර හත්සියයක පමණ කොටසක් කොන්ද පහලට සිටින සේ නැමී දනහිස් ආධාරයෙන් ගමන් කිරීමට සිදු වීමයි. පහලට නැමී ඇති ගස් වැල් නිසාවෙන් ඉදිරියට රිංගා යාමට ඇති ඉඩ අඩි තුනකට වඩා නොඅඩුය. පාන්දර සීතල මධ්‍යයේ කලිසමේ දනහිස පෙදස තෙත් වන්නේ කාලයක් කොල වැටී ඇති බිම තිබෙන රොන් මඩ අතර දනහිස අගලක් පමණ එරී යාමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් පාන්දර දොලහ හමාර වන විට දුශ්කර වනාන්තර මාර්ගයක් ඔස්සේ රාක්ෂගල මුදුණට පැමිණීමට අපට හැකි විය. සීතල සුළග හිරිගඩු නංවන තරම් වුවත්, අප සීතල මධ්‍යයේම අපගේ කූඩාරම් කිහිපය අටවා ගත්තේ පාන්දර වත්ම තව තවත් මේ සිතල දෙගුණ තෙගුණ වන බව සක්සුදක් සේ දන්නා නිසාවෙනි.

රාක්ෂගල ‍වටා යම් යම් මත රාශියක් ඇති අතර, ඉන් එකක් නම් මෙහි රාත්‍රියේ රැදී සිටීම යම් හෙයකින් බිය උපදවන බවයි. එලෙස රැදි සිට යම් යම් අනපේක්ෂිත සිදුවීම් වලට මිනිසුන් මුහුන දී ඇති බව තවත් මතයකි. සියලු මතයන්ට ගරු කරමින් ප්‍රකාශයක් කරනවා නම් සොබාදහමට ආදරේ සංචාරකයාට මේ කඳු වැටිය තවත් සොදුරු සොබාදහමේ නිමැවුමක් පමණයි. එහි රාත්‍රියේම පැමිණ රාත්‍රියක්ම ගත කිරීමට ලැබීම වාසනාවක් සේම සොභාදහමෙන් අපට,මට ලැබුනු ආශිර්වාදයක ප්‍රථිපලයක් ලෙස හදවතේ මතකයන් අතර තබා ගනිමි.

රාත්‍රියේ පැමිණි වාසනාව.. උදෑසන පහ හමාර වන විට අප රැදී සිටි රාක්ෂගල මුදුනට හිරුගේ ආගමනය දිස් වූයේ සිරිපා ඉමේ ඉර සේවයට සමාන සුන්දරත්වය ගෙන හැර පාමිනුයි. ඈතින් පෙනෙන සිරිපා ඉමත් නිල්වන් කදු පන්ති අතරිනුත් ගලා ආ රන් වන් හිරු එළිය රක්ත වර්ණයෙන් හැඩ ගැන්වී ඇති රාක්ෂගල තවත් ඒකාලෝක කිරීමට සමත් විය. අධික සීතල මධ්‍යයේ ගල් පර්වත කිහිපයකට ගොඩ බට වූ අප අවට සුන්දරත්වය දෙස බලා සිටියේ වළාකුළු වලට ඉහල සිට පහල බලන්නාක් මෙනි.

හිරුගේ ආගමනයෙන් පසු සීතල මධ්‍යයේම දල්වා ගත් කුඩා ගිණිමැලය ආධාරයෙන් උණු තේ පානයක් සකස් කර ගැනීමට අපට හැකි විය. තේ පානයෙන් අනතුරුව රාක්ෂගල අවට සංචාරය කල අප ගොඩ බට වූයේ තවත් පර්වතයකටයි. මීටර පහළොවකට ආසන්න දුරක් කැඩුනු ගල් කොටස් වලට පා තබමින් ගල් පතුරු අල්ලාගෙන ඉහලට නැග ගත යුතු ඒ සුන්දර පර්වතය පිහිටා ඇත්තේ රාක්ෂගලට වම් පසට වන්නටයි. මේ අකුරු කරණ මොහොතේත් ඒ අත්දැකීම ඇගිලි තුඩු හිරි වට්ටන තරම්‍ ය.

එයින් බැසගත් අප තවත් ගල් දෙබුක්කාවක් ඔස්සේ කිණිහිරයේ අනෙක් පසට ගමන් කල අතර අතීතයේ භාවිතා කල ගල් ගුහා කිහිපයකට ගොඩ බට වූයේ මේ සංචාරයේ වටිනාකම තව තවත් ඉහල නංවමිනුයි. අඩි විස්සක පමණ ප්‍රපාතයක පිහිටි එක් ගල් ගුහාවකට ගොඩ බට වීමට ඇත්තේ සොබාවික වැලක ආධාරයෙනි. එහි ඇතුලත විසි දෙනෙකුට පමණ සුව සේ කාලය ගත කල හැකිය. මෙය යම් කිසි කාලයක කාගේ හෝ සොදුරු වාසස්ථානයක්ව තිබූ බවට සාධක ඕනෑ තරම්‍ ය.

මෙලෙස දිනය පුරාම රාක්ෂගල පුරා ඇවිද ගිය අප එහි සිටම අපගේ දහවල් ආහාරයත් ගෙන නැවත ගම්මානය දෙසට ගමන් කිරීම ආරම්භ කලේ මෙතුවක් කාලයකට මිනිසුන් නොගිය ඉසව් කිහිපයකට ගිය රාක්ෂගල සහ ඒ වටා කල සොදුරුතම සංචාරය නිමා කරමිනි.

ආයුබෝවන් මම දිනේෂ්
#dap #dap #camping #nightcamping #nature #forest #freedom #dinesh #dineshapathum

Rassagala | රාක්ෂගල මුදුනට | රාක්ෂගල පුරාවෘත්තයේ ගල් ලෙන් සොයා මහ රෑ කැලේ මැදින් |

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Eli Hatha - Maliboda | මාලිබොඩ ඇලි හතේ මුදුනට | ඇලි හත උඩ දින දෙකක්| Abseiling down Seven Waterfalls

Eli Hatha - Maliboda | මාලිබොඩ ඇලි හතේ මුදුනට | ඇලි හත උඩ දින දෙකක්| Abseiling down Seven Waterfalls

උරුමය සොයා අම්පාර

උරුමය සොයා අම්පාර "බලාන" කදු මුදුනේ ගල් ලෙනක ජීවිතය | Balana | අවසාන කොටස

Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2026.01.19 - TV Derana

Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2026.01.19 - TV Derana

Sandagalathenna Sri Pada Trail | සදගලතැන්න හරහා ශ්‍රී පාදස්ථානයට |  Full Detail Vlog

Sandagalathenna Sri Pada Trail | සදගලතැන්න හරහා ශ්‍රී පාදස්ථානයට | Full Detail Vlog

Danigala Circular Rock | Alien Mountain | දානිගල කන්ද තරණය |  ආදිතමයන්ගේ චිත්‍ර සොයා| 4K

Danigala Circular Rock | Alien Mountain | දානිගල කන්ද තරණය | ආදිතමයන්ගේ චිත්‍ර සොයා| 4K

පෙර පාසල බිම් මල් වගා කරන්න දීලා - තිරප්පනේ,සන්දනම්කුලම ගම්මු පාරට

පෙර පාසල බිම් මල් වගා කරන්න දීලා - තිරප්පනේ,සන්දනම්කුලම ගම්මු පාරට

රාවණාගේ ආයුධ ගබඩාව -අද්භූත රාස්සගලට Rassagala /Kinihirigala Dolosbage

රාවණාගේ ආයුධ ගබඩාව -අද්භූත රාස්සගලට Rassagala /Kinihirigala Dolosbage

Dorakada Dewola | දොරකඩ දෙවොල | Episode 05 - (2026-01-18) | Rupavahini TeleDrama

Dorakada Dewola | දොරකඩ දෙවොල | Episode 05 - (2026-01-18) | Rupavahini TeleDrama

Kunudiya parwathaya | ,Hiking the breathtaking trails of Kunudiya Pauwa Wilderness sanctuary | 4K

Kunudiya parwathaya | ,Hiking the breathtaking trails of Kunudiya Pauwa Wilderness sanctuary | 4K

Lunugala Mountain Camping| Badulla | Stunning Sunrise | ලුණුගල කදු මුදුනේ රැයක් | බදුල්ල | 4K

Lunugala Mountain Camping| Badulla | Stunning Sunrise | ලුණුගල කදු මුදුනේ රැයක් | බදුල්ල | 4K

ලංකාවේ ලස්සනම පාර මේකද ? දියඇලි පාරාදීසයක් අස්සෙන් nawalapitiya  Dolosbage dedugala road #dedugala

ලංකාවේ ලස්සනම පාර මේකද ? දියඇලි පාරාදීසයක් අස්සෙන් nawalapitiya Dolosbage dedugala road #dedugala

බදුල්ලෙ රවුමක් | Badulla| Madulcima | Bambaragala | Dunhida, මඩොල්සිමෙන් බඹරගල තැන්නට ගිය සුන්දර ගමන

බදුල්ලෙ රවුමක් | Badulla| Madulcima | Bambaragala | Dunhida, මඩොල්සිමෙන් බඹරගල තැන්නට ගිය සුන්දර ගමන

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 19 - 01- 2026 | Siyatha TV

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 19 - 01- 2026 | Siyatha TV

මල විකාර නටන්න ආවොත් ආණ්ඩුව ගෙදර යවනවා

මල විකාර නටන්න ආවොත් ආණ්ඩුව ගෙදර යවනවා

Sri Lanka's Last Indigenous People - The Oldest Living Inhabitants In The Country 🇱🇰

Sri Lanka's Last Indigenous People - The Oldest Living Inhabitants In The Country 🇱🇰

Manigala Camping | මානිගල මුදුනේ රැයක් |Night Camping Manigala | Knuckles Mountain Range| සැගවුණු

Manigala Camping | මානිගල මුදුනේ රැයක් |Night Camping Manigala | Knuckles Mountain Range| සැගවුණු

කැණීම් කටයුතු වලදී සිදුවුනු අත්භූත සිදුවීම්😱| Diwaguhawa | Bopath Ella@TravelBuddiesSL

කැණීම් කටයුතු වලදී සිදුවුනු අත්භූත සිදුවීම්😱| Diwaguhawa | Bopath Ella@TravelBuddiesSL

Lakegala-Meemure | මීමුරේ ගම්මානයට ඉහලින් ඇති අති දුශ්කර ලකේගල කදු මුදුනට ගිය දුශ්කර ගමන| 4K

Lakegala-Meemure | මීමුරේ ගම්මානයට ඉහලින් ඇති අති දුශ්කර ලකේගල කදු මුදුනට ගිය දුශ්කර ගමන| 4K

Kuruwita-Erathna SRI PADA Journey | කුරුවිට එරත්න ශ්‍රී පාද වන්දනාව

Kuruwita-Erathna SRI PADA Journey | කුරුවිට එරත්න ශ්‍රී පාද වන්දනාව

ලංකාවේ මුල්ම තේ වත්ත සොයා Along The Pekoe Trail SOLO Tour | 15Km Trail | Solo Hiker |

ලංකාවේ මුල්ම තේ වත්ත සොයා Along The Pekoe Trail SOLO Tour | 15Km Trail | Solo Hiker |

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com