erik solhaim aaba yalu hotel එරික් සෝල්හයිම්ගේ අලුත්ම වැඩේ දන්නවද
Автор: Kanchana Ariyadasa
Загружено: 2026-01-26
Просмотров: 176
තිරසාර සංචාරක ව්යාපාරය ගැන කතා කරන්න ආපු එරික් සොලහිම් ඉදිරියේ තියාගෙන අංගම්පොර සෙට් එක නටපු නැටිල්ල
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස )
2026.01.26
තිරසාර සංචාරක ව්යාපාරයක් තුළින් ලාභදායිව ග්රාමීය ජනතාවගේ අත මිට සරු කරන පරිසර හිතකාමී සංචාරක් ව්යාපාරයක් රට තුළ ඇතිකිරීම සඳහා ඉදිරියේදී සියලු දෙනා කටයුතුයි කළ යුතු බවත් එමගින් දේශීය සංචාරක කර්මාන්තය සංවර්ධනය කර ගනිමින් තිරසාර සංචාරක ව්යාපාරයක් ආරම්භ කිරීමට හැකි බව ගෝලීය පරිසර නායකයෙකු වූ එරික් සෝල්ලයිම් මහතා 25 දින පැවසිය
දඹුල්ල කණ්ඩලම ප්රදේශයේ මීට වසරකට ඉහතදී ආරම්භ වූ කාන්තාවන් පමණක් සේවා සපයන අඹ යාලුවෝ සංචාරක හෝටලයේ වර්ෂ පූර්ව සැමරීමට සමගාමීව තේමා කලෙක්ෂන් කණ්ඩායමේ නායක හා සභාපති ව්යාපාරික චන්ද්රා වික්රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් ගෝලීය නායක එරික් සෝල්හයිම් මහතා සමඟ තිරසාර සංචාරක ව්යාපාරය පිළිබඳව සුවිශේෂී වූ සම්මන්ත්රණයක් මෙම අඹ යාලුවෝ සංචාරක හෝටලයේදී පවත්වන්නට වූහ.
මෙහි අරමුණ බවට පත්ව ඇත්තේ මෙරට සංචාරක කර්මාන්තය නිසා ප්ලාස්ටික් පොලිතීන් ආදී නොදිරන ද්රව්ය රැසක් කාලයක් තිස්සේ පරිසරයට මුදා හැරීම තුලින් බරපතල පාරිසරික ප්රශ්න මතුවීම බවත් එය වළකාගනිමින් තිරසාර සංචාරක ව්යාපාරයක් තුළින් ලාභදායිතාවය ළඟා කර ගැනීම පිළිබඳව බොහෝ දෙනෙකුගේ සාකච්ඡා සම්මුතිය ඇතිව නව උපාය මාර්ගය ගවේෂණය කිරීම සඳහා සංවිධානයක් පිහිටුවා ගත් බව නව සංවිධානයේ සභාපති චන්ද්රා වික්රමසිංහ මහතා සඳහන් කළේය.
ඒ අනුව අඹ යාලුවෝ කාන්තාවන් පමණක් සේවා සපයන සංචාරක හෝටලය තුළ පවතී සාකච්චාව එරික් සොලහිම මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි
ඒ මහතා සඳහන් කළේ අප්රිකානු රටවල් වන ගෝරිල්ලන් වැනි සතුන් බැලීම සඳහා විශාල මුදලක් අය කරන බවය. එහෙත් ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉතා සාර්ථකව ක්රියාත්මක කිරීමට හැකි බවත්ය
Africa රටේ ගොරිල්ලා බලන්න $150 එක අයගෙන් 1 පැයකට අයකරනවා. 4 දෙනකුට කියද, Tamil Nadu සිට රාමේෂ්වරම් දක්වා eco circuit.තැන් 7 අතර තියෙනවා ස්වබාවික වන සහ සවුන්දර්ය නරබන්න.
මේවා මුදල් ලැබෙන විදි.තවත් සංවර්ධනය කලයුතු වෙනවා . මාධ්ය ප්රදේශ් වල ඉන්න කොටියන් සහ අලි බේරා ගැනිමට එම රටවල් මහන්සි වෙනවා. ලංකාවේ ඉන්න වන අලි බැලිමටත් මිට වඩා අය කිරිමට පුලුවන්.
එමෙන්ම මේ රටේ තිබෙන වාහන electric වලින් දුවන ඒවා වෙන්නම ඔනේ. ශබ්ද නවත්තන්න සහ ඉන්ධන වලින් එන විෂ නවත් වන්න අඩුම ගනනේ රජයේ ප්රවාහන electric විය යුකුයි.
China, Nepal යන රටවල් දැන් electric. Plastic පාවිච්චිය අඩු කරන්න. තීරණය කර තියනවා .මේ රටේ කිබෙන දේවල් මිට වඩා ලොකෙට ලස්සනට පෙන්නලා දෙන්න හැමෝම එකතු උනොත් මුදල් උපයන්න පුළුවන් ,
යයි ඒ මහතා පැවසිය
මෙහිදී සොල්හමි මහතා පුදුම කරවන අංගම්පොර සංදර්ශනයක් සංවිධානය කොට තිබිණි .
අඹ යාලුවෝ වූ කාන්තාවන් පමණක් සේවා සපයන සංචාරක හෝටලයට වසරක් පිරිම සනිටුහන් කරමින් සංචාරක කර්මාන්තය වෙනුවෙන් බෝජන සංග්රහයක් පැවැත්වූ අතර හෝටල් භුමියේ ඇති විශාල වූ අඹ වගාව නැරබීමට එරික් සොල්හම් මහතා එක්විය
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: