Perata Enu (පෙරට එනු) | Official Music Video 2022 | Various Artistes
Автор: Dhanushka Fernando Creations
Загружено: 2022-04-15
Просмотров: 17545
🛑 කොල්ලනේ කෙල්ලනේ රොද රොද බැඳ අරගලයට එන්න 🛑
♪ ARTISTES
Nalin Perera, Umara Sinhawansa, Mihindu Ariyaratne, Adithya Weliwatta, Dushan Jayathilake, Dhanushka Fernando, Chandumal Fernando, Tiney and Nawanjana, Sachith and Rukmantha
♪ LYRICS & MELODY
Dhanushka Fernando
♪ MUSIC ARRANGEMENTS, TRACK COMPOSED & MIXED BY
Dushan Jayathilake @ Dush Studio
♪ MASTERED BY
Rajive De Silva
♪ SPECIAL THANKS
Sahan Hasthi
~ Lyrics ~
පෙරට එනු ලක් පුතුනේ //
බලනු රට දෙස නගනු ඔබෙ හඬ
පෙරට එනු ලක් පුතුනේ//
Rap
ජීවිතේ ආපහු කිසිමදාක...නොලැබේ අද මේ හැදෙන ගාය
දැනේද හදවත් ගැහෙන රාව ...නැගේවී ඔබගෙත් රෝම කූප
බැඳපන් රොද රොද යනෙන පාර..බැහැපන් එළියට එකෙක් නෑර
දිනුමෙන් නිමවන දිනක් ඒවි ..ඇදපන් හුස්මට ජයෙන් ජයම
නීතිය නමා දෙවඟන නසා නඩුහබ එක එක කූඩෙට දමා
කටවල් වසා සිරෙගෙයි යවා උන් උන් ජයටම හොරකම් කලා
උපන්ගෙයි හොරුන් සුදු ඇත් රජුන් බැඳගෙන ඇදගෙන එළියට වරෙව්
ජයටැඹ පෙනෙයි දිනුමට ළඟයි එකාමෙන් ගැම්මෙන් පෙරටම යමව්
දෙරණ තෙදබල නිගරු වී අද යදින තරමට වැටී පතුලට
පාපවිය අප නෙතින් දකිනට සසළ වේ දහසකුත් හදවත්
පෙරට එනු ලක් පුතුනේ//
කිර අහිමි අත දරුවට
හෙටක් නැත තරුණයා හට
කඩා බිඳදා කොඳුඇට
කිඳා බැස මහ පොළොවට
පෙරට එනු ලක් පුතුනේ//
ජාති බෙදය දහම් බේදය මුලිනුපුටා දමලා
කුලය බලයද පක්ෂ වර්ණද සුනු විසුණු කරලා
එන්න පෙරටම නගනු රිසියෙන් දේශය අප දේශය ///
🛑 කොල්ලනේ කෙල්ලනේ රොද රොද බැඳ අරගලයට එන්න 🛑
#protest #srilanka #perataenu #srilankaprotest #protestsong #protest2022 #gohomegota #deshabimani #sinhalasong #nalin #umara #mihindu #adithya #dushan #dhanushka #chandumal #tineyandnawanjana #sachithandrukmantha #gogotahome2022
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: