බිම්මල් වගාවේ ලාභය කෙටියෙන් Mushroom Cultivation
Автор: AGRI-ලහිරු දිසානායක
Загружено: 2025-06-30
Просмотров: 4412
මිත්‍රවරුනි, බිම්මල් වගාව ඔය කියන තරම් මහා අමාරු දෙයක් නොවේ එහෙම එක අමාරු දෙයක් කියලා පෙන්නන්නේ වයාපාරිකයින්ය. ඔවුන්ට අවශ්‍ය වෙනත් අයකු බිම්මල් සාදනවා නොදැකීමටයි ..තමාගේ වෙළඳපළට බිම් මල් දැමීමෙන් තමාට වන අයහපත නිසා මොවුන් මෙය විශාල අපහසු දෙයක් යැයි හුවා දක්වමින් අන් අයව තමාගේ වෙළඳපලින් ඉවත් කර ගැනීමට උත්සාහ කරනවා....බිම්මල් වගාව පහසු වුවත්,බිම්මල් මාධ්‍ය සැකසීමේ කටයුත්ත වගාමලු නිපදවීම තරමක් අපහසුයි,එය මම පිළිගනිමි,නමුත් එම කටයුත්ත අප ආයතනය සිදු කරනවා.මාගේ ආයතනය 2023 ,2024 අවුරුද්දේ ශ්‍රී ලංකාවේ හොඳම නවෝත්පාදක බිම්මල් ව්‍යාපාරය ලෙස සම්මාන ලැබූ ආයතනයකි. අපෙන් වගාමලු මිලදී ගන්නා පාරිභෝගිකයාට තිබෙන්නේ සම්පූර්ණ දිලීර වර්ධනය වුණු නිරෝගී වගා මල්ලකක මුහුණත විවෘත කොට වතුර දමා මල් ලබා ගැනීමට පමණයි...අනතුරුව එම මල් නෙලා කුඩා පොලිතීන් බෑග් වල අසුරා වෙළඳපළට දැමීමයි ඒ සඳහාද ලේබල් නොමිලේ අපි ලබා දෙනවා..වගා ගෘහය සාදාගැනීම රාක්ක සාදා ගැනීම වගා ගෘහය ආවරණය කර ගැනීමට නෙට් රෙදි ලබාදීම අප ආයතනයේ අනුදැනුම මත සිදු කර ගත හැක..ඉතින් ඔබම සිතා බලන්න එය පහසු නොවේද?නිවසට වී කිසි දෙයක් නොකර බලා සිටිනවාට වඩා යම්කිසි දෙයක් උත්සාහ කර ජීවිතය ගොඩනැගීමට වෙර දරන මිනිසුන්ට ශක්තියක් වීමටයි මෙම කර්තව්‍ය සිදුු කරන්නේ..නමුත් ජල බිංදු වල කිඹුලන් දකින සමහරමිනිසුන් මෙය විශාල අපහසු වයාපාරයක් ලෙස හුවා දක්වනවා.. මෙම වීඩියෝව ඉතා කෙටියෙන් කරුණු පැහැදිලි කරන වීඩියෝවක් මිස සම්පූර්ණ විස්තරයක් නොවේ. සම්පූර්ණ විස්තර මාගේ යූටියුබ් නාලිකාවේ ඇතුළත් කොට ඇත..ලෝකය දැන් වේගයෙන් ඉස්සරහට යනවා..සාම්ප්‍රදායික යල් පැන ගිය ක්‍රම වලට වඩා පහසු වේගවත් ක්‍රම ඉදිරියට ඇවිත් තිබෙනවා..පිලිපීනය කොරියාව ,චීනය වැනි රටවල එළිමහනේ පවා බිම් මල් වගාව සිදු කරනවා..නමුත් කෘමි සතුන්ගේ ආසාදන ලංකාව වැනි නිවර්තන රටවල තියෙන නිසා තමයි අපි කාමරයක් ඇතුලේ ආවරණය කර එය සිදු කළ යුත්තේ...ඉතින් මිත්‍රවරුනි ඔය කියන තරම් යකා කළු නැත..හිත හයිය මිනිසුන්ට කළ නොහැක්කක් නොමැත...මා මේ දැනුවත් කිරීම සිදු කළේ බිම්මල් වගාව මහා භයානක දෙයක් යැයි තැති ගැන්මක් ඇතිවූ අයට පමනයි..
මා ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ බිම්මල් වගාව පිළිබඳ විශේෂ පර්යේෂණයක් සිදුකොට අලුත් වගා මාධ්‍යයක් සොයාගත් ,ජාතික පාසල් ආචාර්ය,කාර්මික සංවර්ධන අධිකාරී සම්පත් දායක,ප්‍රසිද්ධ දේශක,ලේඛක,විශ්වකීර්ති, දේශාභිමානී,ලංකා පුත්‍ර,ලහිරු දිසානායක වෙමි
ඔබ සැමට තෙරුවන් සරණයි🙏
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: