Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

කඳුකරයේ කිලෝමීටර් 110 ක් පයින් | Pekoe trail | stage 9 to 15 | බගවන්තලාව සිට ඇල්ල | Part 1

Автор: Achiya's Diary

Загружено: 2025-01-19

Просмотров: 1168

Описание:

මොකක්ද මේ pekoe trail කියන්නෙ ?

Pekoe trail 🇱🇰🏔️

මේ පීකෝයි ට්‍රේල් එක කියන්නේ ලංකාවේ හදවත වගේ තියෙන මධ්‍යම කදුකරයේ අපිට මගහැරෙන බොහොම සුන්දර ස්ථානයන් ඔස්සේ දිවයන කිලෝමීටර් 320කට නොඅඩු දුරක් එක දිගටම ඇවිද යා හැකි ආකාරයෙන් සැලසුම් කරපු ට්‍රේල් එකක්..බොහොමයක් විට තේවතු හරහා ඇදී යන ආකාරයට සැලසුම් කරල තියෙන මේ කිලෝමීටර් තුන්සිය ගානක මංපෙත ඒකක විසි දෙකකට කොටස් වශයෙන් වෙන් කරලයි තියෙන්නේ.. හැබැයි මේ ට්‍රේල් එකේ තවමත් පොඩි පොඩි වෙනස් කම් මේ වෙනකොට කෙරීගෙන යනවා සංචාරකයන්ගේ පහසුව වගේම ආරක්ශාව කියන මූලික කාරනා පදනම් කරගෙන. ඒ නිසා මේ ට්‍රේල් එක මෙන්න මෙහෙමමයි කියලා අද මේ මොහොත වෙනකොට අපිට කියන්න බෑ. මොකද අදියර හතරේ හා පහේ වෙනස්කම් කීපයක් ඊයේ දිනයේදිත් සිදු උන නිසා.. ඒ එක්කම මේ ට්‍රේල් එක පුරාවට යම් යම් විශේශිත ස්ථාන ආසන්නව ගමන් කෙරෙන නිසා ඇතැම් වෙලාවට ට්‍රේල් එකේ දුර විදියට සම්මතව පිලිගැනෙන දුරට අමතරව ඔබේ රුචිකත්වය මත වැඩි දුරක් එක්කාසු කරගන්න ඔබට පුලුවන්..ඒ නිසා ඔබට මේ ට්‍රේල් එක ගැන හරිම විස්තර දැනගන්න ඕන නම් මං පහලින් සදහන් කරල තියෙන වෙබ් පේජයන් හා මොබයිල් යෙදුම් භාවිතා කරන්න.. දුර වැඩි වීමේදි උදාහරණයක් විදියට පලමු ස්ටේජ් එක ඇතුලේ කෙනෙක්ට අමතර කිලෝමීටර් එකක් වැය කරලා සදගිරි සෑයට යන්න පුලුවන්.

මේ ට්‍රේල් එක සදහා දැනට pekoe trail නමින්ම වෙබ් අඩවියක් වගේම මොබයිල් ඇප් එකකුත් නිර්මානය වෙලා තියෙනවා.. මේ අඩවිය හා යෙදුම ඔස්සේ ඔයාලට මේ ට්‍රේල් එකේ වෙන වෙනස්කම් ගැන අලුත් තොරතුරු ගන්නත් පුලුවන්. ඒත් එක්කම wiciloc කියන මොබයිල් ඇප් එක හරහා ට්‍රේල් එකේ එක් එක ඒකක වල මාර්ගය විහිදී යන ආකාරය ඔබට බලාගන්න පුලුවන්.. මේ යෙදුම හරහා serendipity trail කියන ගිනුමෙන් upload කරලා තියෙන සියලුම trails මේ යෙදුම හරහාම ඔබට navigate කිරීමටත් පහසුකම් සපයල තියෙනවා... ඒත් එක්කම all trails ඇප් එකත් මේ වැඩේදි ඔයාලට භාවිතා කරන්න පුලුවන්
මේ ට්‍රේල් එක ගැන විශේශයෙන් කියන්න ඕන දෙයක් තියෙනවා.. මේක එක්තරා ආකාරයක අපිට මගැහැරෙන වතු ජීවිත හා ඒ සංස්කෘතීන් එක්ක බොහොම හොදින් සංකලනය වෙන්න පුලුවන් විදියේ ගමනක්. අපි මේ වෙනකොට අවසාන කරපු පලමු හා දෙවන කොටස් ඇතුලේ අපි පොඩි පොඩි කඩ වලින් අපි හැමදාම නොදකින විදියේ එක එක ජාතියේ කෑම පවා අපිට හොයාගන්න පුලුවන් .. ඒ නිසාම මේ ගමන යන්න අදහසක් තියෙනවා නම් ඒ වතු ජීවිත වල ඒ ඒ ප්‍රාදේශීය මිනිස්සු එක්ක මුහුවෙන්න උත්සහ කරන්න. ඒ මිනිස්සුන්ගේ ජීවන රටාවන්ට ගරු කරන්න, ඔවුන්ට හිරිහැරයක් වෙන විදියට මේ ගමන අවසන් නොකරන්න වග බලාගන්න.මොකද මේක ඔයාට ට්‍රිප් එකක් උනාට ඒ වතුකරේ මිනිස්සුන්ට ඒ එයාලගේ ජීවිතය විතරක්ම නිසා. ඒ එක්කම ඔයා හොයන්නේ පට්ට ඇඩ්වෙන්චර් වැඩක් නම්.. ඔයා පට්ට ඩේන්ජර් වැඩ කරන්න කැමති ලෙජන්ඩරි කැරැක්ටර් එකක් නම් මේ ගමන ඔයාට ගැලපෙන්නේ නෑ... මොකද නිර්නායක අනුව මේ ගමන ඩිසයින් වෙන්නේ අවුරුදු හතේ සිට අවුරුදු 77 දක්ව ඕනම් කෙනෙකුට අවසන් කරන්න පුලුවන් විදියේ ගමනක් විදියට. ඒ නිසා මේක ඔක්කොටම කලින් ඉවර කලා කියලා ඔයා පොරක් වෙන්නේ නෑ.. ශෝට් කට් ගහන්න ඉක්මනින් ගමන ඉවර කරන්න වගේ තරගකාරීව යන්න ඕන ගමනක් නෙමේ මේක..
මේ ට්‍රේල් එක ආශ්‍රිතව තවම නවාතැන් පහසුකම් ඒ තරම් යහපත් මට්ටමකින් දියුනු වෙලා නෑ.. ඒත් එක්කම පොදු ප්‍රවාහනය භාවිතා කිරීමේදිත් යම් යම් ගැටලු මතුවෙන්න පුලුවන් මේ trail heads වලට යෑමේදී හා trail ends වලින් ආපසු පැමිනීමේදී. ඒ එක්කම බොහෝවිට වතු ලැයිම් කාමර ආශ්‍රිතව යන නිසා වතුර හා කෑම බීම කියන දෙකම මේ ගමනේදි උස්සගෙන යන්නේ නැතුව හරිම සැහැල්ලුවෙන් කරන්න පුලුවන් වැඩක් මේක...

ඉතින් ඩවුන්ලෝඩ් කරගන්න wiciloc ඇප් එක ඔයාට පුලුවන් විදියට පුලුවන් වෙලාවට ඔයා නිදහසේ ශ්‍රී ලංකාවේ අපි හැමතිස්සෙම නොදකින ලස්සන දුශ්කර ඉසව් දිගේ ඒ ලස්සන නමුත් දුශ්කර වතු ජීවිත වල කතන්දරය හොයාගෙන යන්න......

පලමු රූප රචනාවෙ රූප රාමු ටික බලන්න පුළුවන් මේ අමුනලා තියෙන ලින්කුවෙන් - https://m.facebook.com/story.php?stor...

ඉතිං ආයුබෝවන් මම #අචී 🇱🇰

C E Y L O N 🇱🇰
Feel the Nature 🦋✨️
𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰

#wanderlust #traval #picture #worldplace
#ceylon #Photographer
#Srilanka #vacation #tourism #travelphotography #beautiful #nature #travelblogger #mountains #waterfalls #instagood #tour #love #famous #campingfoods #evening #trending #fyp #adventure
#srilankatravel
#visitsrilanka 🇱🇰 #adventure #beautiful #campingfoods

කඳුකරයේ කිලෝමීටර් 110 ක් පයින් | Pekoe trail | stage 9 to 15 | බගවන්තලාව සිට ඇල්ල | Part 1

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

කඳුකරයේ කිලෝමීටර් 110 ක් පයින් | Pekoe trail | stage 9 to 15 | බගවන්තලාව සිට ඇල්ල | Part 2

කඳුකරයේ කිලෝමීටර් 110 ක් පයින් | Pekoe trail | stage 9 to 15 | බගවන්තලාව සිට ඇල්ල | Part 2

Bedda Addara | බැද්ද අද්දර | Episode 07 - (2025-12-17) | Rupavahini TeleDrama

Bedda Addara | බැද්ද අද්දර | Episode 07 - (2025-12-17) | Rupavahini TeleDrama

නැවියන්ට මං කියූ අම්පාරෙ දැවැන්තයා | වාළිඹේ හෙළ තරණය | Friar's Hood | අම්පාර

නැවියන්ට මං කියූ අම්පාරෙ දැවැන්තයා | වාළිඹේ හෙළ තරණය | Friar's Hood | අම්පාර

Monkey Rock |  Bread Rock  |  Lake Side Base Camp |  4K  #travelweekend #kurunegala #camping #travel

Monkey Rock | Bread Rock | Lake Side Base Camp | 4K #travelweekend #kurunegala #camping #travel

අවාරේ සිරිපාවට වනගත කෙටිම මාර්ගය සදගලතැන්නෙන්🍃😍 | Sadagalathenna | Vlog 17 | #adamspeak | @terraseek

අවාරේ සිරිපාවට වනගත කෙටිම මාර්ගය සදගලතැන්නෙන්🍃😍 | Sadagalathenna | Vlog 17 | #adamspeak | @terraseek

එක රැයකට වියදම ලක්ෂ 5යිIසීත කඳුකර අහස්ගව්වේ තියෙන ලංකාවේ එකම සහ ප්‍රථම තරු හතේ හෝටලයI

එක රැයකට වියදම ලක්ෂ 5යිIසීත කඳුකර අහස්ගව්වේ තියෙන ලංකාවේ එකම සහ ප්‍රථම තරු හතේ හෝටලයI

Gombaniya hike | තහනම් ඉසව්වෙ දැවැන්තයා සොයා | Highest peak of knuckles mountain range

Gombaniya hike | තහනම් ඉසව්වෙ දැවැන්තයා සොයා | Highest peak of knuckles mountain range

ФРАГМЕНТ ПРОХОДА по ГРЕБНЮ

ФРАГМЕНТ ПРОХОДА по ГРЕБНЮ "ПИКА ПОБЕДЫ"

රත්තරං සවලෙන් කමු | Fab Ceylon

රත්තරං සවලෙන් කමු | Fab Ceylon

ජීවයේ පෙණහලු වළාකුලු වනාන්තර | හෝර්ටන්තැන්න Horton Plains Travel Guide Video | Cloud Forest SriLanka

ජීවයේ පෙණහලු වළාකුලු වනාන්තර | හෝර්ටන්තැන්න Horton Plains Travel Guide Video | Cloud Forest SriLanka

Vini Inside | මාතලේ | Matale | හිස හැරුණු අත | Vini Inside Episode 04

Vini Inside | මාතලේ | Matale | හිස හැරුණු අත | Vini Inside Episode 04

Seven virgins mountains | සප්තකන්‍යා කඳුවැටියේ සැඟවුණු රහස් සොයා | Peak wilderness sanctuary

Seven virgins mountains | සප්තකන්‍යා කඳුවැටියේ සැඟවුණු රහස් සොයා | Peak wilderness sanctuary

The Pekoe Trail | Stage 1 Hanthana To Galaha | Travel Sri Lanka

The Pekoe Trail | Stage 1 Hanthana To Galaha | Travel Sri Lanka

Adventurous ATV ride in matale | Offroad ATV යක්කුත් එක්ක දවස් දෙකක් 🇱🇰

Adventurous ATV ride in matale | Offroad ATV යක්කුත් එක්ක දවස් දෙකක් 🇱🇰

Udagaladebokka Village | Sri Lanka | උඩගලදෙබොක්ක හුදෙකලා ගම්මානය | Salanke

Udagaladebokka Village | Sri Lanka | උඩගලදෙබොක්ක හුදෙකලා ගම්මානය | Salanke

Madawala sellipiya | මඩවල සෙල්ලිපිය 🇱🇰 | Knuckles Sari ella falls | Hulugaga falls

Madawala sellipiya | මඩවල සෙල්ලිපිය 🇱🇰 | Knuckles Sari ella falls | Hulugaga falls

පෙකෝ ට්‍රේල් - අදියර 1 - හන්තාන සිට ගලහ දක්වා | Pekoe Trail - Stage 1 - Hanthana to Galaha (2023)

පෙකෝ ට්‍රේල් - අදියර 1 - හන්තාන සිට ගලහ දක්වා | Pekoe Trail - Stage 1 - Hanthana to Galaha (2023)

Lakegala-Meemure | මීමුරේ ගම්මානයට ඉහලින් ඇති අති දුශ්කර ලකේගල කදු මුදුනට ගිය දුශ්කර ගමන| 4K

Lakegala-Meemure | මීමුරේ ගම්මානයට ඉහලින් ඇති අති දුශ්කර ලකේගල කදු මුදුනට ගිය දුශ්කර ගමන| 4K

Things to do in Walapane Ep-02 | Kurundu Oya Waterfalls | Harasbedda Mini World's End | Highforest

Things to do in Walapane Ep-02 | Kurundu Oya Waterfalls | Harasbedda Mini World's End | Highforest

නකල්ස් කැළේ දින 6 ක් අතරමං වුණා | part 01 | Six days in knuckles mountains range

නකල්ස් කැළේ දින 6 ක් අතරමං වුණා | part 01 | Six days in knuckles mountains range

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]