නොවැම්බර් 21 දා - නුගේගොඩ දේශපාලන පෙළගැස්ම හා එහි මතු දවස. | Ep 63
Автор: One-Text Initiative
Загружено: 2025-11-24
Просмотров: 5768
පසුගිය නොවැම්බර් 21 දා නුගේගොඩ දී ප්‍රකාශයට පත් වූ ආණ්ඩු විරෝධී දේශපාලන පෙළගැස්ම මෙරට මෑත දේශපාලන ඉතිහාසයේ යම් සන්ධිස්ථානයක් සළකුණු කර ඇත.ඊට ප්‍රධාන හේතුවක් වූවේ මෙම පෙළගැස්ම පිළිබඳ සූදානම ප්‍රකාශයට පත්වීමත් සමග ආණ්ඩුවෙන් ඊට ලැබුණු පමණ ඉක්මවා ගිය ප්‍රතිචාර බව එක් මතයකි.
ඒ හැරුණු විට, තමන් ඉතා ශක්තිමත් පදනමක සිටින බවත් තව වසර ගණනාවකින් පවා තමන්ට අභියෝග කළ හැකි දේශපාලන බලවේගයක් මෙරට බිහිවන්නේ නැති බවත් ආණ්ඩුවේ ප්‍රකාශකයන් යළි යළිත් අවධාරණය කරද්දී විපක්ෂයේ මෙම "මහා ජන හඩ " පෙළගැස්මෙන් එල්ල වූ අභියෝගය කෙරෙහි මෙවැනි සමාජ අවධානයක් යොමු වීම ද ස්වභාවික තත්ත්වයකි.
එහෙත් එම අභියෝගය ප්‍රතිපත්ති පාදකව සහ අර්ථ සම්පන්නව දිගුකාලීනව පවත්වා ගෙන යාමේ අරමුණක් හා සැලසුමක් මේ විපක්ෂ කණ්ඩායම් තුළ පවතීද ? ඒ අතර මේ හා සමගාමීව රට තුළ විවිධ ක්ෂෙත්‍රයන්හි වර්ධනය වෙමින් පවතින විරෝධතා ව්‍යාපාර නිසි ලෙස තේරුම් ගැනීමට හා ඒවාට ගුණාත්මකව මුහුණ දීමට ආණ්ඩුව සමත්ව සිටීද?
අනෙක් අතින් කොතෙක් දුරට මේ ගොඩ නැගෙන බලවේගය පොදු විපක්ෂය නියෝජනය කරන්නේද ? වැනි ප්‍රශ්න ගණනාවක් ද විපක්ෂයේ මෙම පෙළගැස්ම ආශ්‍රිතව පැන නැගී ඇත.මෙවර oneword කතිකාව එම විවාදයට වේදිකාවක් සපයා තිබේ.
#Governance #shirallakthilaka #onetext #oti #npp #nppsrilanka #akd #anurakumaradissanayake #hariniamarasooriya #ranilwickremesinghe #mahindarajapaksa #gotabayarajapaksa #dhammadisanayaka #unp #sjb #sajithpremadasa #mahindarajapaksa #namal_rajapaksha #oneword #dilithjayaweera #opposition
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: