මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ /Ma Deparak (Numba Nositi Dina Wala) Sinhala Song.
Автор: Neero_Vibe
Загружено: 2025-12-31
Просмотров: 126
කල් මරන්න බෑ දැන් ඕනා සැනසෙන්න
තව නිවෙන්න නම් වෙනවා මට තනි වෙන්න
නුඹ නොසිටි දින වල
මට දැනුනා සීතල
නොවෙනස්ව ඉන්නවද අහස
මට අවැසි උණුහුම
නුඹ නොමැති දා අසලින් දැවටී
හමන සුළඟත් මට සැනසුමක් නොදේ
හිත නුහුළනා මතකෙක පැටලී
ගෙවෙන දිවියේ මට හිස් බවක් දැනේ
යළි නොපෙනෙනා හැඩ රුව නුඹගේ
තාම නොමැකී මනසේ ඇඳී තියේ
නොඑන සොඳුරිය මෙසේ කියන්නම්
මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ
නොඑන සොඳුරිය මෙසේ කියන්නම්
මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ
අප හමු වූ මුල් දින වෙත දැන් යනු බැරිය
ගෙවී ගියේ මගෙ දිවියේ හොඳ හරිය
නුඹ නුඹම වූ තැන
එයයි මට වැරදුණු තැන
"අපි" කියා දෙයක් මේ ලොව නැති
බව ඉමු අපි දැනගෙන
නුඹ නොමැති දා අසලින් දැවටී
හමන සුළඟත් මට සැනසුමක් නොදේ
හිත නුහුළනා මතකෙක පැටලී
ගෙවෙන දිවියේ මට හිස් බවක් දැනේ
යළි නොපෙනෙනා හැඩ රුව නුඹගේ
තාම නොමැකී මනසේ ඇඳී තියේ
නොඑන සොඳුරිය මෙසේ කියන්නම්
මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ
මා හැරුණු කොට වෙනකෙකු සමඟින්
නුඹ සුවසේ නිදයි ද රාත්රියේ
මඟ හැරුණු තැන තවමත් නැවතී
නුඹ කොහිදැයි සොයමි මා පාළුවේ
හදෙහි අවසන් දොරටුව හැරියේ
නුඹට පමණයි කියමි මා ප්රේමියේ
මෙතැන් පසුවට නුඹත් නොමැති නම්
තනිව යන්නම් දිවි ගමන පාඩුවේ
ඇහුනද
නොඑන සොඳුරිය මෙසේ කියන්නම්
මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ
මේ ඇහුනද
නොඑන සොඳුරිය මෙසේ කියන්නම්
මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: