Nupurudu Hengumaki(DUET) - නුපුරුදු හැඟුමකි - KARAOKE - Angeline Gunathilaka + HR Jothipala
Автор: සිංහල SINHALA ORIGINAL KARAOKE
Загружено: 2025-12-02
Просмотров: 43
තනුව : එම්. එම්. ඒ. හක්
සංගීතය : ටී. එෆ්. ලතීෆ්
පද රචනය : කරුණාරත්න අබේසේකර
මුල් ගායනය : ඇන්ජලින් ගුණතිලක
එච්. ආර්. ජෝතිපාල
(සුජීවා -1972)
නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ
නොවිඳපු රසයකි උතුරන්නේ
නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ
වෙනදා කවදාවත් නො වුණේ...
_____________________
ඔබෙ නුවන් රන් කූඩුවේ
කවුද යුවළක් ජෝඩුවේ..
ඉන්නෙ කවුදෝ හැංගිලා
බලනු මැනවී ළං වෙලා..
ඔහු වගෙයි මා ඔබ වගේ ඈ
සතුටු වේ සපුරා..
අතට අත දී හිතට හිත දී
එන්න මා පෙම්බරා...
නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ
නොවිඳපු රසයකි උතුරන්නේ
නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ
වෙනදා කවදාවත් නො වුණේ...
__________________________
පිපී සැලෙනා ලිය ගොමූ
හැපී නඟනා ගුමු ගුමූ..
සුළඟෙ එතිලා මුසුවෙලා
ඈත විහිදෙයි පාවෙලා...
අපගෙ හඬ ඒ අතර සැතපේ
මියුරු සර වපුරා..
අතට අත දී හිතට හිත දී
එන්න මා පෙම්බරා..
නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ
නොවිඳපු රසයකි උතුරන්නේ
නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ
වෙනදා කවදාවත් නො වුණේ... __________________________
ගලා හැලෙනා දිය ඇලී
රිදී නද දී සිලි සිලී..
බලා අපගේ රූ සිරි
පතයි නොපැතූ ආසිරි..
මල්සරා ආ විටදී එන්නේ
හී පහ ම විසුරා..
අතට අත දී හිතට හිත දී
එන්න මා පෙම්බරා..
නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ
නොවිඳපු රසයකි උතුරන්නේ
නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ
වෙනදා කවදාවත් නො වුණේ...
නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ
නොවිඳපු රසයකි උතුරන්නේ
නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ
වෙනදා කවදාවත් නො වුණේ...
වෙනදා කවදාවත් නො වුණේ...
වෙනදා කවදාවත් නො වුණේ...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: