Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Gamini Fonseka - 88th Birth Day ගාමිණී ෆොන්සේකා - සමස්ථ චරිතාපදානය එළිදැක්වීමේ 20 වන සමරුව 22/03/04

Автор: Dr Anil CineMaya

Загружено: 2024-02-05

Просмотров: 34676

Описание:

මා ලියූ ගාමිණී ෆොන්සේකා චරිතාපදානය ‘ගාමිණී- ශ්‍රී ලංකේය සමාජ ප්‍රවාහය අභිමුව’ ඉතාම ඉහළ ප්‍රමිතියකින් යුක්තව මුද්‍රණය අවසන් තිබිණි. තාරක ප්‍රකාශක අධිපති රෝලන්ඩ් ඒ. ප්‍රනාන්දුගේ නොපසුබට උත්සාහයෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා සිනමාවේ 'අධිරාජයාට' උචිත වන "රජ දැක්ම" ක් 2004 මාර්තු 22 වන දින, ගාමිණී සිය දිවියෙහි 66 වන උපන් දිනය සැමරූ දිනට පසුදින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙහි පැවත්වූවෙමු.
එදින දිගු කලකට පසු ඔහුට තිරයේ පැරණි පෙම්වතියන් සියලුදෙනා මුණගැසිනි. ඔහු වෙත රෝස මල් පිලිගන්වා සුබ පැතූ සියලු පැරණි හා නූතන සිනමා ශිල්පීන් සමග ඔහු මහත් සතුටෙන් සම්භාශනයෙහි යෙදිනි.
කලකට පසු ගාමිණී , මාලනී හමුවු ඒ මොහොතේ, ඇය ගාමිණීගේ ගෙල වටා අලංකාර රෝස මල් මාලයක් පැළඳවූවාය.
ඒ සියලුදෙනා මැද වේදිකාවට කැඳවුණු මගේ අතින් ග්‍රන්ථයෙහි මුල්පිටපත සිනමා සක්විති අතට පිරිනැමිණි. ඒ මොහොතේ ගාමිණී, මාලනීට මාව හඳුන්වා දුන්විට ඇය කලින් ගාමිණීට පළදවා ඒ වනවිට ඇගේ දෑතෙහි රඳවාගෙන තිබූ මල් මාලය මගේ කරට පළදවන විලාසයක් දැක්වූවාය. නිමේෂයක් පමණක් වූ ඒ මොහොත මගේ ජීවිතය පුරා ඇදීගිය සිනමා ආසක්තය ‘කිරුළු පැළඳි’ මොහොත ලෙස මට සිතිණි.
"සිංහල සිනමා සංරක්ෂක" තිස්ස නාගොඩවිතාන මහතාගේ ප්‍රධාන අනුග්‍රහකත්වයෙන් 1959 සිට දශකයෙන් දශකය ගාමිණී ගේ සිනමා රංගනය විකාශය වූ විලාසය විදහා දැක්වුණු ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මක්ද සමග ඔහු ගේ සිනමා දිවියෙහි අතිශය ජනප්‍රිය වූ ගීත රාශියක් ප්‍රතිනිර්මාණය කර නූතන රංගන ශිල්පීන් විසින් වේදිකාව මත ඉදිරිපත් කෙරුණු එම ප්‍රසන්න වූද උත්කර්ශවත් වූද රාත්‍රියෙහි ඔහුගේ සිනමා දිවියට අදාල තවත් ග්‍රන්ථ දෙකක්ද එළිදැක්විණි. මැදියම් රැයද පසුවනතෙක් ප්‍රහර්ෂය රැදුණු එය සැබවින්ම සිනමා සක්විති සිනමා දිවියෙහි අවසන් උත්කර්ෂවත්ම රාත්‍රිය විය.
සිංහල සිනමාවේ සියලු ප්‍රමුඛ ශිල්පීන් සහභාගී වූ මේ අතිශය උත්කර්ශවත් උත්සවයෙන් පසුව එදින රාත්‍රියේ මගේ නිවසට ලැබුනු දුරකතන ඇමතුම මා කිසිසේත් බලාපොරොත්තු නොවූ විශ්මයක් විය. සිනමාවේ දහස්වර අසා සුපුරුදුවූ ඒ ප්‍රතාපවත් හඬ අවදිකර ප්‍රශස්ථ ඉංග්‍රිසි බසින් මා ඇමතූ අයුරු මා හට කිසිදා අමතක නොවේ.
"ඩොක්ටර්.. මම මරණයට බොහෝම ලංවෙලා, ඉතාම ශේෂයකින් වගේ ජීවිතය රැකගෙන සති ගනණකට පස්සෙ අදයි ගෙදර ආවෙ... එහෙම ඇවිත් ඉන්නකොටයි ටෝනි මට කෝල් කලේ... ඩොක්ටර්ගෙ පොතේ මම ගැන ලියල තිබුන පිටුව ටෝනි මට ටෙලිෆෝන් එකෙන් කියෙව්ව...මම ගැන පහුගිය අවුරුදු ගානක් තිස්සෙ පිටු දස දහස් ගනණක් ලියවිලා ඇති... ඒත් මේ එක පිටුවෙ ඒ සියල්ලටම වඩා නිවැරදි සහ ප්‍රශස්ත විදියට මම ගැන ලියල තියෙනව... විශේෂයෙන්ම මරණය දැක දැක සති ගාණක් ඉඳල ගෙදර ආව මට ආයෙත් මගෙ ජීවිතය ගැන ආසාවක්, ගෞරවයක් ඇතිවුනා ඩොක්ටර් මම ගැන ලියල තියෙන විලාසයට..."
බාධා කිරීමකින් තොරව ඔහුගේ හඬට සවන් දී සිට මා පවසා සිටියේ සිංහල සිනමාවේ පුරෝගාමී ශිල්පීන් පිලිබඳව විස්තර කෙරුනු එම පොතෙහි කුඩා කල සිටම සිනමාව දැඩිලෙස ප්‍රිය කරන රසිකයකු ලෙස සහ ජන සන්නිවේදන විෂයය විධිමත්ව හදාරන විද්‍යාර්ථියකු ලෙස ගාමිණීගේ සමස්ථ ප්‍රතිරූපය අගැයීමක යෙදුනු අතර එයින් ඔබ සතුටු වුවානම් මමද මහත්සේ සතුටුවන බවයි.
ඉන් අනතුරුව ගාමිණී මා වෙත එල්ල කරන ලද්දේ ඉතාමත් ප්‍රභල අභියෝගයකි. එනම් ඉහත සමාජ විශ්ලේෂණ රටාවට අනුවම ඔහුගේ සම්පූර්ණ ජීවිත කතාව ලියන ලෙසයි.
මහත් බැරෑරුම් කටයුත්තක් වූ එය ඉටුකිරීම පහසුනොවන බව පවසා සිටි මම එසේ කලයුතු මාවැනි අයෙකු නොව පූර්ණකාලීනව ලේඛනයෙහි යෙදෙන පුවත්පත් කලාවේදියකු වැන්නෙකු බව කාරුණිකව පැහැදිලි කලෙමි.

ඒ අනුව 2003අප්‍රේල් මස මුල තාරක ප්‍රකාශක ආයතනය විසින් පලකරන ලද ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ "සංදේශය" චිත්‍රපටයේ තිරනාටකය අසුරෙන් ලියනලද නවකතාව දොරට වඩින උත්සවය කොළඹ ජෝන් ද සිල්වා රඟහලෙහි පැවති අවස්ථාවේදී මූලිකව හමුවී එකඟත්වයකට පැමිණියෙමු.
ඉන් අනතුරුව මුලින්ම මවිසින් ලියන්නට යෙදුනේ 1960-65 වකවානුව පිලිබඳ පරිච්ජේදයයි. මා එවකට පශ්චාත් උපාධි විහාගයකට ද සූදානම් වෙමින් සිටිහෙයින් එකඟවූ පරිදි මවිසින් නිමකකල අත් පිටපත ප්‍රකාශක රෝලන්ඩ් ප්‍රනාන්දු මහතාම පැමිණ ගාමිණී වෙත ගෙනයන ලදී.
පසුදින උදෑසනම මා අවදිකරන ලද්දේ ගාමිණීගේ දුරකතන ඇමතුමයි.
"ඩොක්ටර්... මීට කලින් මම එකම එක දවසක් රෑ නිදිමරාගෙන යමක් කියවල තියෙනව... ඒ නමසිය හැටගණන් වල පී.කේ.ඩී. සෙනෙවිරත්න "පරසතුමල්" තිර පිටපත ගෙනත් දුන්න දවසෙ..ඊට පස්සෙ ඊයෙ රෑ තමයි මම නිදිමරාගෙන ඩොක්ටර් මම ගැන ලිව්ව මේ පිටපත බැලුවෙ... බොහොම හොඳා...ඔය ක්‍රමයටම ඉතුරු ටිකත් ලියන්න..ආයෙ මට අත් පිටපත් බලන්න ඕනැත් නෑ.."

මෙසේ මහත් ප්‍රසන්න හා හෘදයංගම හමුවීම් ගණනාවකට අනතුරුව මා අතින් අත් පිටපත ලියවුනු අතර තාරක ප්‍රකාශක අධිපති නාට්‍යවේදී රෝලන්ඩ් ප්‍රනාන්දු මහතාගේ අප්‍රතිහත ධෛර්‍යයේද ප්‍රතිඵලයක් ලෙස වසර 2004 එළඹෙන විට ඉතාමත් විශිෂ්ට නිමාවකින් යුක්තව "ගාමිණී - ශ්‍රී ලාංකේය සමාජ අභිමුව" පළමුවන මුද්‍රණය අවසන් කිරීමට හැකිවිය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා සිනමාවේ 'අධිරාජයාට' උචිත වන "රජ දැක්ම" ක් 2004 මාර්තු 22 වන දින, ගාමිණී සිය දිවියෙහි 66 වන උපන් දිනය සැමරූ දිනට පසුදින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙහි පැවත්වූවෙමු. එදින දිගු කලකට පසු ඔහුට තිරයේ පැරණි පෙම්වතියන් සියලුදෙනා මුණගැසිනි. ඔහු වෙත රෝස මල් පිලිගන්වා සුබ පැතූ සියලු පැරණි හා නූතන සිනමා ශිල්පීන් සමග ඔහු මහත් සතුටෙන් සම්භාශනයෙහි යෙදිනි.
"සිංහල සිනමා සංරක්ෂක" තිස්ස නාගොඩවිතාන මහතාගේ ප්‍රධාන අනුග්‍රහකත්වයෙන් 1959 සිට දශකයෙන් දශකය ගාමිණී ගේ සිනමා රංගනය විකාශය වූ විලාසය විදහා දැක්වුණු ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මක්ද සමග ඔහු ගේ සිනමා දිවියෙහි අතිශය ජනප්‍රිය වූ ගීත රාශියක් ප්‍රතිනිර්මාණය කර නූතන රංගන ශිල්පීන් විසින් වේදිකාව මත ඉදිරිපත් කෙරුණු එම ප්‍රසන්න වූද උත්කර්ශවත් වූද සන්ධ්‍යාවෙහි ඔහුගේ සිනමා දිවියට අදාල තවත් ග්‍රන්ථ දෙකක්ද එළිදැක්විණි.

Gamini Fonseka - 88th Birth Day  ගාමිණී ෆොන්සේකා - සමස්ථ චරිතාපදානය එළිදැක්වීමේ 20 වන සමරුව 22/03/04

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

රස සංගීත සම්මාන උලෙළ 1997 Dr Gamini Fonseka speech from Torana Archives

රස සංගීත සම්මාන උලෙළ 1997 Dr Gamini Fonseka speech from Torana Archives

ගාමිනී සමග ඇලෙක්ස් විරසක වූ චිත්‍රපටය -  හිත මිතුරා/ බයිස්කෝප් කතා/ජයරත්න ගලගෙදර

ගාමිනී සමග ඇලෙක්ස් විරසක වූ චිත්‍රපටය - හිත මිතුරා/ බයිස්කෝප් කතා/ජයරත්න ගලගෙදර

ඛෙත්තාරාමය වසඟ කල සනත් ජයසූරියගේ ප්‍රහාරය...

ඛෙත්තාරාමය වසඟ කල සනත් ජයසූරියගේ ප්‍රහාරය...

ගාමිණී ෆොන්සේකා සහ විජය කුමාරතුංග | Shashi Wijendra Episode 02 | Bioscopekarayo | MCC PRIME

ගාමිණී ෆොන්සේකා සහ විජය කුමාරතුංග | Shashi Wijendra Episode 02 | Bioscopekarayo | MCC PRIME

"හෙළ සිනමාවේ සක්විති' ගාමිණි ෆොන්සේකා මහතා.

Malaniye part 3 Tribute to Malani Fonseka Excerpts from Torana Archives Kumar Kotelawela

Malaniye part 3 Tribute to Malani Fonseka Excerpts from Torana Archives Kumar Kotelawela

ගාමිණි ෆොන්සේකාගේ පපුවට පිස්තෝලේ තැබූ යකඩයා | Yakadaya

ගාමිණි ෆොන්සේකාගේ පපුවට පිස්තෝලේ තැබූ යකඩයා | Yakadaya

ගාමිණි ෆොන්සේකා  | ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍ය සංකථනය | GAMINI FONSEKA | DOCUMANTARY | SIYA RU

ගාමිණි ෆොන්සේකා | ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍ය සංකථනය | GAMINI FONSEKA | DOCUMANTARY | SIYA RU

Amarasiri Kalangsooriya | අමරසිරි කලංසූරිය | U W Awards 2016 | Sumathi Awards

Amarasiri Kalangsooriya | අමරසිරි කලංසූරිය | U W Awards 2016 | Sumathi Awards

Daily Movies   1975 AUGUST 01 SOORAYA SOORAYAMAYI

Daily Movies 1975 AUGUST 01 SOORAYA SOORAYAMAYI

රන්ජන් රාමනායකගේ ජීවිත කතාව l Ranjan Ramanayake Biography l Sri Lankan Superstar - Actor

රන්ජන් රාමනායකගේ ජීවිත කතාව l Ranjan Ramanayake Biography l Sri Lankan Superstar - Actor

1997 Sumathi Tele Awards - Gamini Fonseka Awarded The U.W Sumathipala Memorial Award

1997 Sumathi Tele Awards - Gamini Fonseka Awarded The U.W Sumathipala Memorial Award

විජය - ගාමිණී වසර අටකට පසු නැවත එක්වූ චිත්‍රපටය - රුක්මනී දේවියගේ අවසන් චිත්‍රපටය - සක්විති සුවය

විජය - ගාමිණී වසර අටකට පසු නැවත එක්වූ චිත්‍රපටය - රුක්මනී දේවියගේ අවසන් චිත්‍රපටය - සක්විති සුවය

Gamini Fonseka's last public speech

Gamini Fonseka's last public speech

ප්‍රේමේ සිහිනේ කුමාරී - හොඳට හොඳයි 1973

ප්‍රේමේ සිහිනේ කුමාරී - හොඳට හොඳයි 1973

ගාමිණි ෆොන්සේකා කියන්නේ මගේ දරුවන්ගේ තාත්තා | ප්‍රවීණ රංගන ශිල්පී ඇන්ජලා සෙනෙවිරත්න

ගාමිණි ෆොන්සේකා කියන්නේ මගේ දරුවන්ගේ තාත්තා | ප්‍රවීණ රංගන ශිල්පී ඇන්ජලා සෙනෙවිරත්න

Veteran actor Tony Ranasinghe passes away - Report by Sandun Arosha

Veteran actor Tony Ranasinghe passes away - Report by Sandun Arosha

"Maliniye"- මාලිනී ෆොන්සේකා Malini fonseka උපහාර ගීතය- මාලිනියේ රූ රාජිනියේ - Lucky Deva ලකී දේවා

ගාමිණී ෆොන්සේකාගේ කොන්ඩය , රොබින් ප්‍රනාන්දු කපාදමයි. ඔහොම හොදද - බයිස්කෝප් කතා.

ගාමිණී ෆොන්සේකාගේ කොන්ඩය , රොබින් ප්‍රනාන්දු කපාදමයි. ඔහොම හොදද - බයිස්කෝප් කතා.

රිදී තීරයේ වීරයා විජේ, හොරණදී ආණ්ඩුවේ බත් බැලයන්ට එළව එළවා ගැහුවේ මෙහෙමයි | Patali Champika Ranawaka

රිදී තීරයේ වීරයා විජේ, හොරණදී ආණ්ඩුවේ බත් බැලයන්ට එළව එළවා ගැහුවේ මෙහෙමයි | Patali Champika Ranawaka

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]